
‘කොවිඩ්-19’ නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ වසා දැමුණු බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව මේ සතියේදී කැඳවන බව විදෙස් මාධ්‍ය අද (22) වාර්තා කළේය.
නීති සම්පාදකයන් 650 දෙනකුගෙන් සමන්විත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව නැවත කැඳවුවද පාර්ලිමේන්තුවට පැමිණීමට අවසර ඇත්තේ මන්ත්‍රීවරුන් 50 දෙනකුට පමණි. සෞඛ්‍ය බලධාරීන් පනවා ඇති සෞඛ්යාරක්ෂිත සමාජ දුරස්ථභාවය වන මීටරයේ දුර ආරක්ෂා කරගැනීම එම පියවර ගෙන තිබේ.
විඩියෝ තාක්ෂණය ඔස්සේ සමුළු පවත්වන ‘සූම්’ තාක්ෂණය ඔස්සේ තවත් මන්ත්‍රීවරු 120 දෙනෙක් ද පාර්ලිමේන්තුවට කැඳවන අවස්ථාවට සහභාගී වෙති.
අනෙක් මන්ත්‍රීවරුන් සියලුදෙනා සිය නිවෙස්වල සිට නිහඬව පාර්ලිමේන්තුව කැඳවන අවස්ථාවට එක්විය යුතුය.

පාර්ලිමේන්තුව යනු පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදයේ එසේත් නැතිනම් පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදයේ එක් අංගයකි. සියවස් ගණනාවක් පැරැණි පාර්ලිමේන්තු සම්පාදයක් සහිත රටක් වන බ්‍රිතාන්‍ය ද පාර්ලිමේන්තුව කැඳවීමට නොහැකි වීමෙන් අර්බුද රැසකට මුහුණ දී ඇත. ආණ්ඩුවේ ක්‍රියාකාරකම් ප්‍රශ්න කිරීමටත් කොරෝනා වයිරසයට එරෙහිව ආණ්ඩුව ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විමසා බැලීමටත් ඇති එකම ක්‍රමවේදය පාර්ලිමේන්තුව යැයි බ්‍රිතාන්‍යයේ විපක්ෂ කණ්ඩායම් පසුගිය කාලයේදී දිගින් දිගටම පෙන්වාදුන්නේය. එරට ප්‍රධාන විපක්ෂය කම්කරු පක්ෂය ඇතුළු විපක්ෂයේ පාර්ලිමේන්තුව කැඳවන්නැයි මීට පෙර අවස්ථා කිහිපයකදීම ඉල්ලීම් කළේය. ඊට ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ ද සහාය හිමි විය.
පාර්ලිමේන්තුව කැඳවීමට ගත් තීරණයත් සමඟ වසර ගණනාවක් පැරැණි සම්ප්‍රදායික පිළිවෙත් වෙනස් කිරීමට සිදුව ඇත. විඩියෝ තාක්ෂණය ඔස්සේ පාර්ලිමේන්තුව කැඳවීමෙන් ආණ්ඩුව ප්‍රශ්න කළ හැකි පරිසරය සැකසෙන්නේදැ යි ඇතැම් නීති සම්පාදකයෝ මෙන්ම විද්වත්හු ද ප්‍රශ්න කරති.
නව ආකාරයට පාර්ලිමේන්තුව කැඳවීම ‘හයිබ්‍රිඩ්’ පාර්ලිමේන්තු සැසියක් යැයි ද බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර තිබිණි.
ඒ.එෆ්.පී./රොයිටර්
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ කෙනා නම් කැදවන්න එපා... එහෙම වුණොත් අර නැතිවුණු පෙන්ෂන් පිං ආයෙත් හම්බ වෙනවා.
ලංකාවේ පාර්ලිමේන්තුව කැඳවීම අනවශ්‍ය දෙයක්...
පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදයට බියක් දක්වන නායකයන් සිටින රටක හදිසි අවස්ථාවකදී නැවත පාර්ලිමේන්තුව කැදවීමට හිටපු ජයසුරිය කතානායකවරයාට හැකිවේ. රට පාලනය කරන්නෝත් උපදේශකයොත් එකම පිරිසම වුවිට රට අර්බුදවලට ඇදවැටීම වැලැක්විය නොහැක. ලංකාවේ වර්තමාන නායකයන් හට ලෝක පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය සහ ක්‍රියාකාරිත්වය පිලිබදව කිසියම් වූ දැනුමක් නොතිබීමේ වරද සහ එම නායකයන්ගේ බොරු පොරොන්දු මත චන්දය දුන් රටේ ජනතාවටත් අද වනවිට සිදුව ඇත්තේ කුමක්ද කියා එම ජනතාවම ඔවුන්ගෙන් ප්‍රශ්න කරන මොහොතට ඔවුන් පත්ව ඇත. රටේ ඇතිව තිබෙන්නාවූ ව්‍යාකූල තත්වය හමුවේ නායකයන් පවා රටට විවිද මත පළකිරීම නිසා රටේ ජනතාව තව තවත් අසරණව සිටි. වර්තමාන අර්බුද හමුවේ රට ගොඩනැගීමට නම් රටේ ජනතාව මීලග මැතිවරණයේදී චන්දය ලබා දිය යුත්තේ ආර්ථික දැක්මක් තිබෙන ගම් මට්ටමේ, බිම් මට්ටමේ ප්‍රශ්න හොදින් අවබෝද කර ගෙන සිටින හිටපු නියෝජ්‍ය සෞඛ්‍ය ඇමති වර්තමාන දුරකතන පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස තරුණ නායකයාට බව අවබෝද කරගත යුතුවේ. ඔහුට රටේ බුද්දිමත් ජනතාව පාලනය ලබා දුනහොත් ඔහු රට ගොඩ ගන්නවා සිකුරුය.
මහා රැජිනට බ්‍රිතාන්‍ය හමුදාවයි.., එහෙ GOMA එකය් එක්ක වැඩේ කරන්න බැරුව ඇති....
ආරංචිවල හරියට නම් අපේ අය තවමත් ඇඳ යට....
එහෙ විද්‍යාත්මක පදනමකින් වැඩ කරන වැඩ අල කරගන්නේ නැති, වැඩේ කුනුකරලා ඉවරවෙලා විසදුම් දෙන්න ඉදිරිපත් වන "රැජිනක්" නැහැලු. රැජිනට උඩින් රට මෙහෙයවන හොර රුපවාහිනී චැනෙල් එහෙ තියෙන වලු.
අපේ මිනිස්සුන්ට අමතක වෙලා මොන ඒකාධිපතිය වුනත් මුල් යුගයේ හරිම හොඳයි, එත් පස්සේ ටිකටික පිරිහෙනවා කියල, ඉතින් සුපිරිම ඉල්ලන් කෑමක් කන්න හදන්නේ...
අහල නැද්ද "එංගලන්තේ එහෙම වූනත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ "