(විනීතා එම් ගමගේ)
නාගරික නිවාස හා ගොඩනැගිලි සැළසුම් අනුමත කිරීමේ දී නාගරික කෘෂිකර්ම ප‍්‍රතිපත්තිය ඇතුළත් කරන බව නාගරික සංවර්ධන අධිකාරිය කියයි.
මේ සඳහා වන මූලික සැළැසුම් මේ වනවිට සකස් කරමින් සිටින බව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප‍්‍රසාද් රණවීර මහතා පැවැසීය.
නාගරික කෘෂිකර්ම ප‍්‍රතිපත්තිය අනුව ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ දී එහි එළවළු හෝ පළතුරු වැවීම සඳහා වන ඉඩකඩක් වෙන් කිරීමට සැළසුම් කරන බවත් මෙම ප‍්‍රතිප්තිය ගොඩනැගිලි සඳහා ඇතුළත් කිරීම ඉතා කෙටි කාලයක් තුළ සිදුකිරීමට බලාපොරොත්තු වන බවත් හෙතෙම සඳහන් කළේය.
මේ පිළිබඳ විවිධ අංශවල අදහස් ද ලබා ගැනීමට කටයුතු යොදා ඇති බව ද රණවීර මහතා පැවැසීය.
මේ සමඟම නාගරික ඉදිකිරීම් වල දී බහු මහල් රථගාල් ඇති කිරීම කෙරෙහි ද තම අධිකාරියේ අවධානය යොමු වී ඇති බවත් එයින් නාගරික රථවාහන තදබදය අඩු කළ හැකි වන බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම කාලයේ සමහර පුද්ගලයින් පුරන්වී තිබෙන කුඹුරු කොටස්කර විකුණන අවස්ථා නාගරික මෙන්ම අර්ධනාගරික පෙදෙස්වලත් සිදුකරනවා. කුඹුරු කොටස් කිරීමේදී කුඹුරේ නම වෙනස්කර ඔිව්ට වැනි නම් යොදනවා. මේ අතරම කොටස්කල කුඹුරුවල ඇලවේලි වසා දමනවා. සමහර අය ඇලවේලි වසා බැමි බදිනවා. මේවා නැවැත්වීමටත් එවැනි ඉඩම්වලට ජලය විදුලිය නොදීමටත් නීති සැකසීම අත්‍යාවශ්‍යම වෙනවා. ඒ ගැන අවධානයද යොමුවේවා