බිමල් ශ්‍යාමන් ජයසිංහ
රුපියල් පන්දහසේ සහනාධාර මුදල බෙදා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇති වු සිද්ධියකදී සිදු වු පහරදීමකින් තුවාල ලද පානදුර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු රෝහල් ගත කර ඇතැයි පිංවත්ත පොලිසිය කියයි.
පානදුර ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුජිත් ප්‍රියන්ත මහතා මෙලෙස රෝහල් ගත කර ඇත.
ඔහු සහනාධාර මුදල් සම්බන්ධයෙන් දැනුවත් කිරීමට ගිය අවස්ථාවේදී අද (21) පානදුර පිංවත්ත ප්‍රදේශයේ පුද්ගලයකු පහර දී තිබේ.
පහර කෑමෙන් මන්ත්‍රීවරයාගේ මුහුණ සහ අත ප්‍රදේශයට තුවාල සිදුව ඇති බව පොලිසිය පවසයි.
මන්ත්‍රී වරයා පානදුර රෝහලෙ ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය .
පහරදීමට සම්බන්ධ පුද්ගලයා ප්‍රදේශයෙන් පලා ගොස් ඇත. පිංවත්ත පොලිස් ස්ථානාධිපති පො.ප ලක්ෂ්මන් දිසානායක මහතා ගේ උපදෙස් මත වැඩි දුර විමර්ශන ක්‍රියාත්මකයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ පුුවතක් හොද වැඩෙිි. හැම තැනටම දේශපාලනය ඇවිල්ල. කොරෝනත් විකුනන් කනවා දේශපාලකයෝ...
දැන් තමයි අපේ රටේ මිනිස්සුන්ට මොලය පෑදීගෙන එන්නේ. මේ ආරම්බය පමණක් කියලා මම හිතනවා. අපේ රටේ මිනිස්සු ඇයි දේශපාලකයින්ට බයවෙන්නේ...? ඇයි ගරු කරන්නේ..?. සමහර මෝඩයින් කියන්න පුළුවනි ඒගොල්ලෝ අපිට ආධාර කරනවා... මුදල් දෙනවා.. වගේ දේවල්... ඇයි දෙවියනේ මේ මිනිස්සුන්ට තේරුම් ගන්න බැරි ... මේ ආධාර දෙන්න මේ දේශපාලුවා නීතියෙන් බැඳී සිටිනවා. ඒ මුදල් එයාගේ පොකට් එකෙන් එන සල්ලි නොවෙයි.. මේ දුප්පත් මහජනයාගේ බදු මුදල්...!!! දැන්වත් අපේ රටේ මිනිස්සුන්ට මේ යථාර්තය වැටහුනොත් ලොකු දෙයක්. වැරදි කරන, මෝඩ, දුෂිත දේශපාලුවන්ට ගහන්න ඕනා... ඔය හිඟන්නෝ ආයේ කට ගහගෙන එන්නේ නැහැ. උනුත් එක්ක එන නරි රැලටත් ගහන්න ඕනා. ඒ සමගම ඔය හොර දේශපාලුවන්ට කඩේයන පුජකයින් ගමෙන් ගහලා පන්නන්න ඕනා.. චන්දෙදි උගත්, බුද්ධිමත්, අවංක, වැඩදායක, පොලිසියේ පොතේ ...'නරකක්' ලියවිලා නැති තරුණ පුද්ගලයෙක්ට චන්දය දිලා ඔහුගෙන් ගමට රටට සේවයක් සලසාගන්න. එදාට අපේ රට ලස්සන රටක් වේවි....!!!
හොඳ වැඩේ. දේසපාලුවෝ බලයට පත් කරන්නේ මහජනතාව. බලයට ආවට පස්සේ මුල මතක නැහැ.
නිකං බොරුවට ලකුණු දාගන්න ගියොත්, ඕකයි වෙන්නේ.
එල කිරි. දෙන එක දෙන්න ඇඳුමේ මල පහ වෙන්න
ඒක හොඳයි. දැන්වත් මොලේ පෑදෙන එකට .
පින්වත්ත ගැන දන්නෝ දනිති. දේශපාලනය නරක වුනත් නැතත් පානදුර පින්වත්ත කියන්නේ වෙනම පළාතකි.
මොන විමර්ශනද මහත්තයෝ ? ඒ මනුස්සයා කරලා තියෙන්නේ හොද වැඩක්. ඒ නිසා ඔය විමර්ශනය කරන වැඩේ අත හැරලා දාන්න.
ඔය විදියට හිතන ජනතාව අතරින් තමා අන්තිමේට ඔය විදියේ දේශපාලුවෝ පත් වෙන්නෙත්....ඊට පස්සේ ඔය වගේ අය තමයි අනික් මිනිස්සුන්ට චණ්ඩිකම් පෙන්නන්නෙත්...