චීනයෙන් ගෙන්වූ කොවිඩ් - 19 ශීඝ්‍ර පරීක්ෂණ කට්ටල භාවිතා කිරීම තාවකාලිකව නවත්වන ලෙස ඉන්දියාවේ ප්‍රධාන වෛද්‍ය පර්යේෂණ කවුන්සිලය ප්‍රාන්ත රජයන්ගෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ.
කොරෝනා වයිරස පරීක්ෂණ වේගවත් කිරීම සඳහා ඉන්දියාව චීනයෙන් කට්ටල මිලියනයක් පමණ ආනයනය කර ඇති අතර එම කට්ටල වලින් සිදුකළ පරීක්ෂණ වලදී සාවද්‍ය ප්‍රථිපල ලැබී ඇති බවට අනාවරණය වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.
නිසි ලෙස පරීක්ෂා කරන තෙක් දින දෙකක කාලයක් සඳහා ඒවා භාවිතයට නොගන්නා ලෙස ඉන්දියානු වෛද්‍ය පරීක්ෂණ කවුන්සිලය දැනුම් දී ඇත.
රුධිර සාම්පල වල කොවිඩ් - 19 සඳහා ප්‍රතිදේහ තිබේදැයි පරීක්ෂා කිරීම මෙහිදී අනුගමනය කරන ක්‍රමවේදය වන අතර කොරෝනා ආසාදිතයින් තහවුරු කරගන්නා විද්‍යාගාර ක්‍රමයට වඩා ඉක්මන් ප්‍රථිපල ලබා දේ.
මෙම කට්ටල අක්‍රීය බවට ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයකින්ම පැමිණිලි ලැබී ඇතැයි සඳහන් වේ.
උතුරු රාජස්ථාන් ප්‍රාන්තය ඒවා භාවිතා කිරීම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කර තිබේ.
ඔවුන් පවසා ඇත්තේ එහි නිරවද්‍යතාවය 5%ක් පමණ අඩු අගයක් බවයි.
කොවිඩ් - 19 ආසාදිත බව තහවුරු කරගෙන ඇති පුද්ගයෙකු සඳහා එම කට්ටල වලින් පරීක්ෂා කළ විට ප්‍රථිපලය වූයේ වයිරසය ආසාදනය වී නොමැති බව යැයි ද ඔවුහු පවසති.
තවත් රටවල් කිහිපයක් ද චීනයෙන් ආනයනය කළ කට්ටල සම්බන්ද ගැටලු වාර්තා කර ඇති නමුත් චීනය එම පරීක්ෂණ කට්ටල වල ගුණාත්මක භාවය සම්බන්ද ගැටලු ප්‍රතික්ෂේප කර ඇත.
පසුගිය සතියේ නිවේදනයක් නිකුත් කරමින් චීනය කියා සිටියේ වෛද්‍ය නිශ්පාදන අපනයනය බරපතල වගකීමකින් සිදුකරන කාර්යයක් බවයි.
කෙසේ වුවද ඇමරිකානු සෞඛ්‍ය ලේකම් මැටි හැන්කොක් මහතා පවා සඳහන් කර තිබුණේ මෙම පරීක්ෂණ වල අඩු සංවේදීතාවයක් ඇති බවයි.
දැනට භාවිතා කරන විද්‍යාගාර පරීක්ෂණ ක්‍රමවේදය වඩාත් සංකීර්ණ හා දිගු කාලයක් ගතවන එකක් වුවද එය තවමත් විශ්වාසදායක පරීක්ෂණ ක්‍රමය බව විශේෂඥයෝ පවසති.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීන්නු ලෝකෙට ලෙඩක් දීල ඒකෙනුත් හම්බ කරනවා. අඩු ගානේ ඒකවත් ගුණාත්මකව දෙන්න බැරිද? අපි නම් නොරොච්චෝලේ නිසා ඒ ගොල්ලන්ගේ වැඩ ගැන කල්තියාම දන්නවා.
ප්රවෘත්ති දාද්දී පිළිවෙළකට දාන්න...
මේක ලංකාවේ භාවිත කරනවද ? එහෙම නැත්නම් මේ වගේ පුවත් වලින් ලංකාවේ අය අනවශ්‍ය විදිහට කලබල වෙන්න පුළුවන්. සෞඛ්‍ය අංශ කරන සේවය අවතක්සේරුවට ලක්වෙන්න පුළුවන්. ඒ නිසා මේක ලංකාවට අදාළ නොවන බව පැහැදිලිව සඳහන් කරන්න. විශේෂයෙන් සිරස්තලය නොමග යවන සුළුයි.
මේක පලකරන්න තිබුනෙ ඉන්දියාව චීනෙන් ගෙන්වූ කොවිඩ් 19 වේගවත් පරීක්ශන කට්ටල තාවකාලිකව නවතයි කියල... මෙතන චීනෙත් හලල, ඉන්දියාවත් හලල බැලු බැල්මට ලොකුවට ලන්කාවෙ වගේ දාල....
අපේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කිව්වේ ඔය පරික්ෂණය තමයි... සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ හා MRI අධ්යක්ෂ විසින් ප්‍රතික්ෂේප කලා ඔය ක්‍රමය සාර්ථක නැහැ කියන එක ඔප්පු වෙලා තියෙනවා... PCR Test එක තමයි සාර්ථක කියන එක අද ඉන්දියාව පිලිඅරන් තියෙනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කිව් විදියට කලා නම් පරික්ෂණ වැඩිකරගන්න අද රටම අගාධයකට ගිහින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ හා MRI අධ්යක්ෂ විසින් ගත් බුද්ධිමත් තිරණය නිසා අපි ගොඩගියා... රටක් විදියට ....
චීනය හදන මොන දෙයද ගුණාත්මකව තියෙන්නේ ? කිසිම දෙයක් නැහැ.
අපි විතරක් නොවේ, මුළු ලෝකෙම ලාබයි ලාබයි කියමින් චීන කුණු ගොඩවල් ගිල්ල , දැන් වමාරන්න උනහම අමාරුවේ වැටිලා , මින් ඉදිරියට ඔය නොරොච්චෝලේ වැනි දේවල් සැදීමට චීනෙට භාරදීම නවත්වලා, මිල වැඩි වුනත් ඇනවුම ජපානෙට, දකුණු කොරියාවට , යුරෝපෙට දෙන්න බලමු .
ප්‍රශ්නේ තියෙන්නේ මේක චීනද ඉන්දියන්ද කියන ඒක නොවේ. මේ පරීක්ෂණය රැපීඩ් පරීක්ෂණය මේකට නිර්දේශ උන දවස් වලම මේකේ නිරවද්‍යතාවය ගැන ප්‍රශ්න තිබුන මේක විතරක් නෙමි දැනට කරන පිසිආර් එකෙත් නිරවද්‍යතාවය 70% විතර නැව ගිලෙන්නේ යන මිනිහ පිදුරු ගහෙත් එල්ලෙනවා වගේ මේ අඩු පාඩු තිබුනත් මේවා කරන්න වෙනවා මට හිතෙන විදියට .