ගෝලීය අර්බුදයක් බවට පත්ව ඇති නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ වයිරසයට එරෙහිව ගෙන යන සටනට සහාය දීමක් වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයට අමතර ඇමෙරිකානු ඩොලර් මිලියන 30 පරිත්‍යාග කරන බව චීන විදේශ අමාත්‍යාංශය අද (23) නිවේදනය කළේය.
සංවර්ධනය වෙමින් පවතින රටවල සෞඛ්‍ය පද්ධති දියුණු කිරීමේ අරමුණ ඇතිව මෙම මුදල් පරිත්‍යාග කළ බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා හුවා චන්යින්ග් ප්‍රකාශ කළාය.
ඉකුත් මාර්තු මාසයේදී ද චීනය ලෝක සෞඛ්‍ය සංවිධානයට ඇමෙරිකානු ඩොලර් මිලියන 20ක මුදලක් පරිත්‍යාග කළේය.
අල්ජසීරා
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීනය කොහොමත් මානුෂිකයි ඇමෙරිකාවට වඩා.