(විනීතා එම් ගමගේ)
මහ මැතිවරණය පවත්වන්නේ නම් මනාප අංක ලබාදීමට පෙර මැතිවරණය පැවැත්විය හැකිදැයි සෞඛ්‍ය අංශවලින් විමසීමක් කරන්නැයි පැෆරල් සංවිධානය මැතිවරණ කොමිසන් සභාවෙන් ඉල්ලීමක් කරයි.
එසේ නොවුනහොත් මැතිවරණයට ඉදිරිපත් වන 7,400 කට ආසන්නන පිරිස අංක ලබා ගැනීමත් සමඟ පවතින තත්ත්වය අමතක කිරීමේ ඉඩකඩක් ඇතැයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවැසීය.
ඡන්දය පැවැත්වෙන දිනය වන විටත් මේ සෞඛ්‍යමය ප්‍රශ්න පැවැතියහොත් කරන්නේ කුමක්දැයි යන්න ගැන පැහැදිලි අදහසක් තිබිය යුතු බව ද හෙතෙම පෙන්වා දුන්නේය.
ඡන්ද පොලකදී හැඳුනුම්පත් පරික්ෂාව ඡන්දය සලකුණු කල බවට ඇඟිලි සටහන් කිරීම ඇතුළු කටයුතු මෙන්ම පරතරය තබාගෙන ඡන්ද සලකුණු කිරීමද කළ හැකි වැඩපිළිවෙළක් තිබියයුතු යැයි ඔහු සඳහන් කළේය.
මැයි මස මුල් සතියේ සමාලෝචනයක් කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පවසා ඇති බවත් එසේ වුවත් මනාප අංක ලබාදීමට පෙර එම සමාලෝචනය සිදු කළ යුතු බවත් හෙට්ටිආරච්චි මහතා පවසා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක නම් හරියට හරි. මනාප අංක දුන්න ගමන් අපේක්ෂකයෝ පිස්සු හැදිලා වගේ රට පුරා දුවනවා. කොරෝනට නවත්තන නොහැකියි. අන්තිමේ රටේ මනුෂ්‍යන්ට තමයි දුක් විදින්න වෙන්නේ.
මෙවර ඡන්දය දෙන්න යනකොට මිනි පෙට්ටියකුත් ඇනවුම් කරලා යන්න. ලොකු ගානක් ගෙවන්න එපා මොකද ගෙදර මිනිය ගෙනියන්නත් බැහැනේ
දිනපතා කොරෝනා රෝගීන් 10-15 ලංකාවේ හමු වෙනවා , ඔක්කොම දැනට 350 විතර සුව වෙලා තිබෙන්නේ 100 කට ටිකක් වැඩි පිරිසක් , 7 මැරිලා. මැතිවරණ පවත්වන දින ගැන කතාකරන්න වෙන්නේ අලුතෙන් රෝගීන් හමුවන එක අඩුම තරමේ සතියකටවත් නැවතිලා. ප්‍රතිකාර ලබන පිරිස 100 කට අඩු ප්‍රමාණයක් වෙලා. රටේ ඇදිරිනීතිය සම්පුර්ණයෙන් ඉවත් කළ දිනක තත්වය මෙසේ තිබෙන විට ජුනි හෝ ජුලි මාසේ මැතිවරණ පවත්වනවා කියලා කියන එක විහිළුවකි. එක මාලු කාරයෙකුට ලෙඩ්ඩු 10 කට විතර බෝ කරන්න පුලුවන්නම් මැතිවරණයකදී වෙන සිද්ධිය ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. වෛද්‍ය සංවිධානය මේ ගැන වගකීමක් අරන් පැහැදිලි පිළිතුරක් දෙන්න ඕනේ.
මෙහෙම 10-15 මතුවෙනකොට චන්ද තියන්නේ කොහොමද? පාර්ලිමෙන්තුව කැදවලා බහුතරය තියන සජිත් පුතාට අගමැතිකම දීලා ආණ්ඩුව බාරදෙන්න තියෙන්නේ නේද?
මාරාන්තික රෝග අවදානමක් තියාගෙන මොන මෝඩයාද ඡන්දේ දෙන්න යන්නේ?
අන්න එකවර රාජකාරි කරන නාවික නිලධාරියෝ 30 කට කොරෝන හැදිලා , මගේ කලින් ගණන් බැලීම නිවැරදි කරන්න ඕනේ , මෙම නිලධාරීන් නිතරම අනෙකුත් ආරක්ෂක හමුදා සාමාජිකයන් සහ පොදු ජනතාව සමග සම්බන්ධතා පවත්වන පුද්ගලයන් ,මෙම තත්වය මත ලබන සතිය අවසාන වනවිට ශ්‍රී ලංකාවේ කොරෝන රෝගියෝ 1000 පනින බවට අනුමාන කරන්න පුළුවන් . එහෙම වුනොත් ලබන මාසේ මැතිවරණයක් තිබුනොත් ඉන් පසුව සති 2-3 ඇතුලත් ලංකාවේ කොරෝන රෝගියෝ ලක්ෂයක් පනින්න පුළුවන්.