ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ වයිරසය හේතුවෙන් ළමා මනසට බලපා ඇති ප්‍රශ්නවලට පිළිතුරු දීම සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තෝරාගෙන ඇත.
එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල දරුවන් සම්බන්ධ කරගනිමින් සංවිධානය කර ඇති විශේෂ වැඩසටහනකට සමගාමීව එම වැඩසටහන ක්‍රියාත්මක වේ.
ඒ අනුව වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති තත්ත්වය පිළිබඳ දරු දැරියන්ට තිබෙන ඇති ප්‍රශ්න හා ගැටළු අග්‍රාමාත්‍යවරයාට ඉදිරිපත් කළ හැකිය. වයස අවුරුදු 18ට අඩු ඕනෑම දරුවකුට තත්පර 10ක විඩියෝවක් පටිගත කර අග්‍රාමාත්‍යවරයාට ඉදිරිපත් කළ හැක.
පටිගත කරන එම විඩියෝ පට ෆේස්බුක් පණිවුඩයක් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිල ෆේස්බුක් පිටුව ඔස්සේ යොමු කිරීමට ඉඩ සලසා ඇතැයි ද අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි. එම ප්‍රශ්නවලට අග්‍රාමාත්‍යවරයා ලබාදෙන පිළිතුරු නිල ෆේස්බුක් පිටුව ඔස්සේ නිකුත් කිරීමට සැලසුම් යොදා ඇත.
මේ පිළිබඳ වැඩි විස්තර අග්‍රාමාත්‍යවරයාගේ නිල ෆේස්බුක් පිටුව ඔස්සේ ප්‍රචාරය කර ඇති දැන්වීම්වලින් ලබාගත හැකි යැයි ද අග්‍රාමාත්‍ය කාර්යාලය කියයි.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩේසි ආච්චිගේ මැණික් මල්ල සුරංගනා කතාව පොතක් විදියට එලිදක්වන්න තිබුන නම් එක බාල මහලු කාටත් කියවන්න තිබ්බ. කවුරු හරි බුද්ධිමත් ළමයෙක් එක අහන්න. තව තියනවා උසස්පෙළ කළා විෂයන් හදාරා යන්තම් ගොඩ ගිහින් ගණිතය සම්බන්ද ආචාර්ය උපාධියක් ලැබීමට ළමයෙක් ගේ මනස සකස්කළ යුතු ආකාරය සහ එංගලත්යේ වැඩිදුර අද්‍යාපනය සඳහා ගොස් සිට නිවාඩුවට පැමිණි අතරතුර නීති ශිෂ්‍යයෙක් ලෙස ඉතිහාසගත ලකුණු ලබා විබාගයක් ගොඩයන ආකාරය .
නියම තීරණය... මොකද ලංකාවෙ මිනිස්සුත් බබාලනේ...
මේ දිනවල පවතින වසංගතය නිසා ඔය සාටකේ කරලාගෙන අරෝග්‍යශාලවලට එන්න එපා කියන්න. එකේ එක එක වෛරස වර්ගවල වාසස්ථානයක් වෙලා ඇති.
ඔය වැඩේට නියම සුදුස්සව තමයි තෝරාගෙන තියෙන්නේ....
වෙන හරිහමන් සුදුසු කෙනෙක් හිටියෙම නැතුව ඇති...
අදහස හොඳයි අගමැතිතුමා, මේ පිලිබඳව පුහුණුවක් දැනුම ඇති උගතුන් සහ දෙමව්පියවරුන් සහභාගී කරගෙන කළහොත් ඉතාම හොඳයි. නැතිනම් ගිරවෙකු වගේ කියා ගෙන ගියොත් මෙම කර්තව්‍ය හරි හැටි කෙරීමට නුපුළුවන
මෙතුමාගේ අතීතය බැලුවම ළමා මනසේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න තරම් පුළුවන් වෙන අය නැහැ.
ඇයි මේකට දේශපාලකයින්ව තෝරා ගන්නේ? මේක කල යුත්තේ ළමා මානසික වෛද්‍යවරුන්.
බබාලට කියාපු කෙනා...
වැරදි කෙනා තෝරාගෙන තියෙන්නේ, ශිරන්ති රාජපක්ෂ ආර්යාවනේ ගන්න තිබ්බේ. එතුමිය ළමා මානසික සෞඛ්‍ය විශේෂඥ ශල්‍ය වෛද්‍යවරියක් කියල මම කොහේදෝ කියෙව්වා, එහෙම නැත්නම් අර බේබිල තුන්දෙනාත් හොඳයි.
ළමා මනෝ වෛද්‍යවරු මේකට සුදුසු උනේ නැත්තේ ඇයි?
ලෝකයේ වෙන දියුණු රටවල නම් මෙවැනි භාරදූර කටයුතු පවරන්නේ ළමා මනස පිලිබඳ විශේෂ දැනුමක් ඇති වෛද්‍ය හෝ අධ්‍යාපනික අතින් උසස් මට්ටමක සිටින අයට පමණකි.