( තිලකරත්න දිසානායක.)
අධික ලෙස ලාභ ලැබීමේ පරමාර්ථයෙන් ජංගම රථ මගින් වැඩි මිලට ද්‍රව්‍ය අලෙවි කිරීම සහ මිල ප්‍රදර්ශනය නොකිරීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට, පාරිභෝගික කටයුතු අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන අංශය මෙහෙයුම් අරඹා ඇත.
මෙම දිනවල ඇදිරි නීතිය ක්‍රියාත්මකවීම මත ජංගම රථ මගින් එළවළු , පළතුරු , මස් , මාථ, කරවල ඇතුළු ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීම සිදු කිරීමේදී අධික මිල ගණන් යටතේ අලෙවි කරනු ලබන බවට ලැබී ඇති ජනතා පැමිණිලි අනුව ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතාගේ උපදෙස් පරිදි මෙම පියවර ගෙන තිබේ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල නගර සහ ග්‍රාමීය ප්‍රදේශයන්හි අතුරු මාර්ගවල ගමන් ගනිමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ලබාගත් අවසර මත ජංගම රථ මගින් ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීමේදී ඇතැම් වෙළඳුන් පාරිභෝගික ජනතාව ගසා කෑමට ලක්කරමින් අවස්ථාවෙන් ප්‍රයෝජනය ගනිමින් සිටින බවක් පෙනී යන්නේ යැයි පාරිභෝගික කටයුතු අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන අංශ ප්‍රධානී ප්‍රදීප් කළුතරආරච්චි මහතා පැවසීය.
මෙම බොහෝ වෙළඳුන් වේයන්ගොඩ විශේෂ ආර්ථික මධ්‍යස්ථානය වෙතින් එළවළු ඇතුළු ආහාර ද්‍රව්‍ය තොග මිලට රැගෙනවිත් සිල්ලරට අලෙවි කිරීමේදී අධික ලෙස ලාභ ලැබීම පරමාර්ථයෙන් කටයුතු කිරීම කෙසේද යත් , වේයන්ගොඩ විශේෂ ආර්ථික මධ්‍යස්ථානය වෙතින් මේ දිනවලදී රුපියල් 30 - 35 වැනි මිලට අලෙවි කරනු ලබන තක්කාලි කිලෝවක් ගම්පහ ප්‍රදේශයට රැගෙන විත් කිලෝවක් රුපියල් 120 ක් වැනි මිලට අලෙවි කිරීම සිදුවන බව පෙනී ගොස් ඇති බව විමර්ශන අංශ ප්‍රධානී වරයා කීය.
පාරිභෝගික ජනතාව ගසා කෑමේ මෙම තත්ත්වය මර්ධනය කිරීම පිණිස වේයන්ගොඩ විශේෂ ආර්ථික මධ්‍යස්ථානයෙහි විශේෂයෙන්ම දෛනිකව එළවළු මිල ගණන් මාධ්‍ය මගින් දැනගැනීමට සලස්වමින්, ජංගම අලෙවි රථ සහ වෙළඳසල්වල මිල ප්‍රදර්ශනය කිරීමේ නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත් ප්‍රදීප් කළුතරආරච්චි මහතා පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පිළිවෙල මේ නීතිය මුළු ලංකාව පුරාම ක්‍රියාත්මක කළ යුතුයි... ඒ වගේම වරින්වර සොයා බැලිය යුතුයි. නැතිනම් දින කීපයකට පසු ප්‍රදර්ශන නැතුව තමන්ට කැමති කැමති මිලගණන් වලට අඩුවීමට පටන් ගනු ලැබේ ...
අදද දන්නේ ? 80% එලවලු විකුණන ජංගම රථවල මිල ප්‍රදර්ශනයක් සිදු වෙන්නේ නැහැ ...
හොද වැඩක් ...
චුන් පාන් වලින් ගසා කෑම පැමිණිලි කරන්න කරුණකර ෆෝන් අංකයක් පල කරන්න. ,ඊයේ රුපියල් 60 ක් දීලා ගත්තු පාන් ගෙඩියේ බර ග්‍රෑම් 280,නියමිත බර 450ක් ,ග්‍රෑම් 170ක් ම අඩුයි.
1977 අංකයකට කතා කළා. එතනින් කියනවා බේකරි හිමියන්ගේ සංගමයට කතා කරන්නලු. ඒක හොරාගේ අම්මගෙන් පේන ඇහීමක්.
කොහෙද මේ ගාණටවත් දෙන්න එළවලු තියෙන්නේ?
කළදුටු කළ වල ඉහ ගන්ඩ හදනවා. කාලකන්නි වෙළෙන්දෝ.....