IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


වේයන්ගොඩ විශේෂ ආර්ථික මධ්‍යස්ථානය පැය 24 ම විවෘතව තබයි

( තිලකරත්න දිසානායක.)

කොළඹ මැනිං වෙළඳ පොල වසා දැමීමට පියවර ගැනීමත් සමග වේයන්ගොඩ විශේෂ ආර්ථික මධ්‍යස්ථානය දෛනිකව පැය 24 පුරා විවෘතව තබමින් පාරිභෝගිකයින්ට සහන සැලසීමට පියවර ගෙන ඇත. 

ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතාගේ උපදෙස් පරිදි මෙම පියවර ගෙන ඇති අතර මෙහි කටයුතු සිදු කෙරෙන ආකාරය පාරිභෝගික කටයුතු අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන අංශයෙහි නිලධාරීන් විසින් නිරීක්ෂණය කළහ. 

මෙහිදී මැනිං වෙළඳ පොලට වඩා අඩු මිල ගණන් යටතේ විශේෂයෙන්ම එළවළු ඇතුළු ද්‍රව්‍ය සාමාන්‍ය වෙළඳුන්ට ලබාදීමේ හැකියාවක් පවතින බව පෙනීයන්නේ යැයි පාරිභෝගික කටයුතු අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන අංශ ප්‍රධානී ප්‍රදීප් කළුතරආරච්චි මහතා පැවසීය.  

දඹුල්ල , නුවරඑළිය, බණ්ඩාරවෙල,  පුත්තලම සහ ඇඹිලිපිටිය යන ප්‍රදේශයන්ගෙන් එළවළු, කෙසෙල් වැනි දෑ වේයන්ගොඩ විශේෂ ආර්ථික මධ්‍යස්ථානය වෙත රැගෙන එන අතර ප්‍රදේශ ගණනාවකින් පැමිණෙන සාමාන්‍ය වෙළඳුන්ට තොග වශයෙන් අලෙවිය සිදු කෙරේ. 

වේයන්ගොඩ විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකරු විශ්‍රාමික මේජර් නලීන් කපුරුබණ්ඩාර , ඒකාබද්ධ වෙළඳ සංගමයේ ලේකම් රොෂාන් කුරේ , විමර්ශන නිලධාරීන් වන හෂාන් කළුබෝවිල සහ එච්.කේ.රවිදු යන මහත්වරුන්ගේ සහභාගිත්වය ඇතිව පාරිභෝගික කටයුතු අධිකාරියෙහි ගම්පහ දිස්ත්‍රික් විමර්ශන අංශ ප්‍රධානී ප්‍රදීප් කළුතරආරච්චි මහතාගේ  ප්‍රධානත්වයෙන් මෙහි පැවති සාකච්ඡාවෙන් අනතුරුව තීරණය වූයේ එළවළු තොග මිල පහළ මට්ටමේ පැවතියද මේ වනවිට අධික මිල ගණන් යටතේ වෙළඳසල් සහ ජංගම රථ මගින් පාරිභෝගිකයින්ට අලෙවි කිරීමක් සිදුවන බැවින් මේ සම්බන්ධයෙන් සොයා බලමින් අඩුමිලට අලෙවි කිරීමට පියවර ගතයුතු බවය. 

වේයන්ගොඩ විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකාර නලීන් කපුරුබණ්ඩාර මහතා පැවසූ අන්දමට මෙහි අද  එළවළු තොග කිලෝවක් අලෙවි කෙරෙන මිල ගණන් මෙසේය. 
 

  • කැරට් රුපියල් - 70 ,
  • මාථ මිරිස් - 50 ,
  • වම්බටු - 50 ,
  • බෝංචි - 70 ,
  • තක්කාලි - 30, 
  • අමුමිරිස් රුපියල් 50 - 100 අතර ,
  • බණ්ඩක්කා  - 35 ,     
  • වට්ටක්කා - 60 ,
  • දෙහි - 400 ,
  • බීට් - 30 ,
  • කරවිල - 40 ,
  • පිපිඤ්ඤා සහ කැකිරි - 20,
  • මෑ කරල් - 60,
  • වැටකොලු  - 50 ,
  • ගෝවා රුපියල් 45 - 60 අතර අලෙවිය සිදු කරයි.

 



අදහස් (2)

වේයන්ගොඩ විශේෂ ආර්ථික මධ්‍යස්ථානය පැය 24 ම විවෘතව තබයි

lalithm Tuesday, 21 April 2020 06:30 AM

අපි ඉන්නේ ඉඹුල්ගොඩ- ගම්පහට 8Km දුරින් නුවර පාරෙන් 01Km ඇතුලට. මෙහෙට එන එළවලු ලොරි සමහර ඒවා රු. 300-400 පාර්සල් කරලා එනවා. ඔය කියන මිල වගේ නම් 300-400% ඉහළ මිලකට. එහෙත් ප්‍රශ්නය ඒවායේ තියෙන දේවල් කන්න බැහැ හැමදාම. . කැකිරි ,බටු තමා වැඩිම. අනික්වා අඩුවෙන්. බඩු වෙන වෙනම ගන්න ඉඩ දෙන ඒවා එන්නෙම නැති තරම්. බෙදා හැරීම තමයි ප්‍රශ්නය. නිෂ්පාදකයා කඩා වැටෙනවා.පාරිභෝගිකයා විඳවනවා. බඩු කුණුවෙලා විසි කරනවා. මහා අපරාධයක්. වෙළඳ මාෆියාවක් නොවෙයි ඔවුන්ගේ නොදැනුවත් භාවය?

:       0       51

ප්‍රසන්න රාජපක්ශ Thursday, 01 July 2021 12:06 AM

දිනපතා පලතුරු මිල දර්ශකය පලකරන්න

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31610 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14002 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11092 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 171 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1102 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site