IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ඉතිරි ටිකත් ඉවරයක් කරන්න ජනතා සහාය ඕනෑ

කොරෝනා වසංගතය රට තුළ පැතිරයාම පාලනය කර ඇතැයි ද, එය මේ රටින් තුරන් කර දැමීමට ජනතාවගේ සහාය ඉතා අවශ්‍ය යැයි ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (20) රාත්‍රියේ රූපවාහිනි නාලිකා සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේය. කොරෝනා වයිරසය නිසා තිබෙන තර්ජනය අවසන් වී නැතැයි කී ජනාධිපතිවරයා සෞඛ්‍ය අංශය නියම කර ඇති පිළිපැදිම්වලින් පිට නොයන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ යැයි ද ජනාධිපතිවරයා කීවේය.

මෙම වසංගතයේ අවදානම දැනගෙන, තමාත් තම රජයත් එය පාලනය කිරීමට කල්තියාම පියවර රැසක් ගත් බව කී ජනාධිපතිවරයා සෞඛ්‍ය අංශත්, ආරක්ෂක අංශත් ඒ සඳහා සුවිශාල සේවයක් ඉටුකළ බවත් සඳහන් කළේය.

කඩාවැටුණු ආර්ථිකය ගොඩනැගීමට ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.

වර්තමාන වසංගත තත්ත්වය හමුවේ දින නියමයක් නොමැතිව මැතිවරණය කල්දමනු ලැබූවේ මැතිවරණ කොමිෂන් සභාව විසින් බවත්, මැතිවරණය යළි පවත්වන දිනය තීරණය කළ යුත්තේ කලින් නියම කර තිබූ දිනය වෙනස් කළ ස්වාධීන මැතිවරණ කොමිසමම බවත්, ජනාධිපතිවරයා කීවේය.

පවතින තත්ත්වය හමුවේ සුදුසු ආකාරයට මැතිවරණය පැවැත්වීමේ අවස්ථාව මැතිවරණ කොමිසමට තිබෙන බවත් අවශ්‍ය නම් මැතිවරණය සඳහා දින කිහිපයක් වූවද ගත හැකි බවත් ජනාධිපති රාජපක්ෂ මහතා පැවැසීය.

කුමන හේතුවක් නිසාවත් පරණ පාර්ලිමේන්තුව යළි කැඳවීමට තමාට අවශ්‍යතාවක් නැති බවත්, ඒ සඳහා තමාට නීතිමය වාතාවරණයකුත් නැති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

මැතිවරණය දිගින් දිගටම කල් දැමීමට කරන ඉල්ලීම් හරහා රට ව්‍යවස්ථාපිත අර්බුදයකට ගෙනයා හැකි යැයි සිහින දකින අයගේ අරමුණ කුමක්ද යන්න වටහා ගැනීමේ අවස්ථාව ජනතාවට තිබෙන බව ද ජනාධිපතිවරයා කීවේය.



අදහස් (33)

ඉතිරි ටිකත් ඉවරයක් කරන්න ජනතා සහාය ඕනෑ

පිටිගල මිලානෝ Monday, 20 April 2020 04:31 PM

ඉතුරු ටිකත් ඔබතුමාම කරගෙන යන්න.... අර 225 නම් පළාතේ වද්දා ගන්න එපා. ඔබතුමා ගැන මහජනතාවට ලොකු විශ්වාසයක් ගොඩනැඟෙමින් පවතිනවා. එම විශ්වාසයට ගරු කරමින් මේ රට කරගෙන යන්න.

:       3144       3189

MaheshTuesday, 21 April 2020 02:00 AM

ඔක්කොම එකයි යාලුවා... මතකද කෙනෙක් කිව්වා ලෙඩ්ඩු මෙච්චර හිටියා කියලා ගුවන් තොටුපොලවල් වහන්න පුලුවන්ද කියලා ...

:       0       1

dinesh Monday, 20 April 2020 04:50 PM

අහගත්තනේ... හිටන් වගේ නෙවෙයි හොදේ... ගැටවලට අහුවෙන්නේ නැහැ..!!!

:       884       680

ass charyaTuesday, 21 April 2020 04:13 AM

මෙයාලා ගැට වලට අහුවෙන්නේ නැහැ. මෙයාලගේ ගැට වලට මේ රටේ දේශපාලනය ගැන හය හතර නොදත් මෝඩයෝ අහුවෙන එකයි ප්‍රශ්නේ.

:       0       1

athula Monday, 20 April 2020 05:33 PM

ඒත් ඇත්ත.... ඉතිරි ටික කියන්නෙ අනිත් සේරම කාල ඉවරයි කියල පිළිගන්නවා.

:       481       1294

yama palanayaTuesday, 21 April 2020 12:53 AM

ඔව්.., ගිය අවුරුදු 5 තමයි නියමෙටම කෑවෙ...!!!

:       1       0

මුණසිංහTuesday, 21 April 2020 01:07 AM

කෑම ගැනමයි හිතෙන්නේ. වරදකුත් නැහැ රනිල්-සජිත් යුගලයේ මාතෘකාව ඒකනේ. ඒ දෙන්න කෑවම තමා.

:       1       0

Achini Monday, 20 April 2020 05:38 PM

ශක්තිමත් පාර්ලිමෙන්තුවක් හදලා දෙමු... නැතිනම් ඔක කරගෙන යන්න බැහැ. සහන දෙන්නත් බැහැ.

:       1319       1176

Sujeewa Monday, 20 April 2020 06:20 PM

2019 නොවැම්බර 16 දින, ජනතාව ඔබට රට බාර කලේ නැවතත් රටේ ආරක්ෂක තත්වය භාර කිරීමටත්, රට ආර්ථිකවයම සුඛිත මුදිත කිරීමටය. ඔබතුමා සහ අගමැතිතුමා එය අකුරටම ක්‍රියාත්මක කිරීම ගැන, ජනතා ප්‍රසාදය මෙන්න.

:       1715       1321

rasika Monday, 20 April 2020 07:51 PM

මේවගේ අවස්ථාවකවත් රජයට සහය දෙන්න විපක්ෂට බැරි අයි? මේක දේශපාලනය කරන වෙලාවක් නෙමෙ.... ජාතික වියසනයකදී සියලු දේශපාලකයන්ගේ පක්ෂ විපක්ෂ , ක්‍රියාකලාපය හොදින්ම අධ්‍යයනය කරලා ජනතාව තීරණ ගන්න ඕනේ. UNP එක සම අවස්ථාවකම ජාතික ගැටලුවකදී නිවැරදි තීරණ ගත්තේ නැහැ .. ඔවුන් සැමවිටම පටු දේශපාලනය කරන්න ගියේ.. එයින් වැඩිම හානියක් උනේ ඔවුන්ගේ පක්ෂට ඒ වගේම මුළු මහත් රටටම. යුද්දය පවතී අවස්ථාවේදී , UNP නායකයන්ගේ ක්‍රියාකලාපය ඉතාම පහත මට්ටමක තිබුනේ .. එනිසා තම අදත් ඔවුන්ට ජන්ද නොලැබෙන්නේ.. මේ අවස්ථාවේදීවත් කොරෝන මර්දනයට සහය දීල ඒ නැතිඋනා දේශමාමකත්වය නැවත ලබාගන්න පක්ෂයක් විදියට ක්‍රියාකරන්න. නැත්නම් දේශද්‍රොහී පක්ෂයක් කියන හැගීම නැතිවෙන්නේ නැහැ ..

:       1464       1526

මුණසිංහTuesday, 21 April 2020 01:10 AM

ඇත්ත. පාස්කු ප්‍රහාරයේ දීත් ප්‍රශ්නයට උත්තර දුන්නේ නැහැ. වැරදිකරුවන්ට දඩුවම් දුන්නේ නැහැ. වැරදිකරුවන් බේරාගත්ත හැම උපක්‍රමයක්ම දාලා. වින්දිතයන් ගැන බැලුවෙම නැහැ. අදටත් ඒකෙ විපාක බුක්ති විදිනවා. එදා එයාල කලේ මාධ්‍ය සාකච්ඡා තියල වින්දිතයන්ට හිනාවෙන එක.

:       1       0

Walter WhiteTuesday, 21 April 2020 01:35 AM

මුළු රටේම ඇඳිරි නීතිය පනවලා තියෙද්දී මොන විදිහකට සහය දැක්විය යුතු?

:       0       0

ass charyaTuesday, 21 April 2020 04:11 AM

ඔය කියන විදිහට පහුගිය ආණ්ඩුව කාලෙ මෙයාලා හැසිරුනාද උද්ගෝෂණ වර්ජන ඔක්කොම මෙහෙයවලා අන්තිමට හොර පාරෙන් අගමැති කමත් අරගෙනයි නැවතුනේ.

:       0       1

saaliTuesday, 21 April 2020 07:34 AM

චන්ද අවශ්‍ය නැහැ. ජනාධිපති තුමා මාස 6 ක් හෝ ඊට වැඩියෙන් හෝ ගෙන රටේ ප්‍රශ්න විසඳනවා නම් හොඳයි. මේ මතය රජය මගින් ඇති කල යුතුය. එවිට යූඑන්පී, ජේවීපී අයට සහයෝගය දිය යුතු වෙනවා. සහයෝගය ඉල්ලන්නේ නැහැ නේද ? මෙය ඔවුන්ට ඉදිරිපත් කල යුතුය. නමුත් රජය ම මේ වෙලාවේ චන්දයම, 2/3 ම ඉලක්ක කර ගෙන යනවා. සමහරු විපක්ෂයට බනිනවා. ඔවුන්ට ආරාධනා කරන්න එකමුතු වෙන්න කියා. එකමුතු විය යුතු වෙලාවේ චන්ද තියලා භේද ඇති කර ගත යුතු නැහැ.

:       0       2

Rata Perata Monday, 20 April 2020 08:11 PM

ඔව් ඔව්. සොහොන් හදල, මිග් වලින් ගහල ඉතුරු ටිකත් කාලම යන්නද හදන්නේ? ඔය අයියලා, මල්ලිලා ටික එකතු උනාම ඉතින් ආයෙත් රටක් ඉතුරු වෙන එකක් නෑ.

:       0       1

bitter truth Tuesday, 21 April 2020 01:01 AM

මාර්තු මස 16 සිට දිනපතාම ලංකාව තුල සජීවී රෝගීන් ප්‍රමාණය (Active cases ) දිනපතාම සාපේක්ෂව වැඩිවන අතර සමහර දින කීපයක එය යම් ස්ථාවර බවක් පෙන්වා ඇත. නමුත් දකුණු කොරියාව, ඔස්ට්‍රියාව, ඔස්ට්‍රෛලියව හා නවසීලන්තය දෙස බැලීමේදී ඔවුන්ගේ ප්‍රමාණය විශාල වුවත් ගතවූ සති දෙක තුනේ ඔවුන් Active cases දලවශයෙන් අඩකින් අඩුකරගෙන ඇති අතර එය දිනපතාම පහල යමින් තිබේ. ඔවුන් එමගින් තමන්ගේ අසාදිත වක්‍රය තම පාලනයට ගෙන ඇති අතරඔවුන් තව දුරටත් සමාජ දුරස්ථ භාවය (1-1.5 මීටර පරතරය) පවත්වාගෙන යාම මගින් මෙය තම පාලනය යටතේ තබා ගැනීමට දිගටම ක්‍රියා කරයි. වර්තමානයේ රජය වඩාත් තැති ගැනීමට හා බියට පත්වී වික්ශීප්තව සිටිනුයේ කොරෝන වලින් (ජනතාවට) වන හානිය පිලිබදව නොව දිනෙන් දින අගාදයට යන ආර්ථිකය හේතුවෙනි.

:       0       1

Ranasinghe Tuesday, 21 April 2020 01:10 AM

ලෝකෙටම අභියෝගයක්... මෙතුමාට අභියෝග වලට මුහුණ දීල පුරුදුයි

:       1       0

Mahesh Tuesday, 21 April 2020 01:53 AM

සෞඛ්‍ය අංශය නියම කර ඇති පිළිපැදිම්වලින් පිට නොයන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවාලූ හැබයි දේශපාලුවෝ කිසිම දෙයක් පිලිපදින්නේ නෑනේ. ඔවුන්ට ඕන ඡන්ද ... මුලින් තමන් අදාර්ශමත් වෙන්න ඕන...

:       0       0

Buddhika P Tuesday, 21 April 2020 03:07 AM

මහින්ද අයියගේ කටින්, ඔය වචන ටික කියවුනා නම් තමයි මසුරං. ඉතිරි ටිකත් ඉවර කරන්න......මට දෙන්න.

:       0       1

K m perera Tuesday, 21 April 2020 03:26 AM

අයියා කෑවා ගොඩක් ඉතිරි ටික මල්ලි කාලා ඉවර කරයි තමයි

:       0       10

Lakmal Tuesday, 21 April 2020 03:52 AM

ඉතුරු ටික ඉවර කරද්දී අපිත් ඉවර වෙලා තියෙයි

:       0       2

lalithm Tuesday, 21 April 2020 04:27 AM

මේ කොමෙන්ට් ඔක්කොම දේශපාලන ලේ වල පාට අනුව ලියපුවා. මේ වෙලාවේවත් දේශපාලනය කතා නොකර ඉන්න අපේ දේශපාලන පක්ෂ අනුගාමිකයින්ට බැරි එක හරිම කණගාටුවක්. ජාතික ව්‍යසනයකින් ගොඩ එන්න අවශ්‍ය ඒ සඳහා වන කැපවීම පමණයි. එක එක්කෙනාගේ රෙදි හෝදන්න ඕනේ නැහැ. හමුදාව දැන් දෙන්නේ ඒ වගේ ක්‍රියාන්විතයක්.

:       0       1

සංජීව Tuesday, 21 April 2020 04:49 AM

ඔන්න බලන්න අපේ හරක් මහින්දගේ දෑත ශක්තිමත් කරන්න අර හොරු ටිකම ප්‍රාදේශීය සභාවලට එහෙම දැම්මා වගේ මේපාර ජනාධිපතිතුමාගේ දෑත ශක්තිමත් කරන්න ඔක්කොමලා යවනවා.ජයවේවා ! අපේ ළමයා සහ ඔහුගේ ළමයත් ලෝකෙට ණය කරුවෙක්ම වේවා !

:       87       103

ප්‍රේමතිලක පෙරමුණ Tuesday, 21 April 2020 06:28 AM

වෙන රටවලට සාපේක්ෂව ලංකාවේ ජනතා සහයෝගය ඉහළයි. එහෙම තියෙද්දී ඇදිරි නීතිය ලිහිල් කිරීමත් සමග බාර් ඇරියේ ජනතා සහයෝගට අතුල් පාරක් ගහලා. වෛද්‍යවරු එහි ආදීනව නැවත නැවත කියද්දි වැහුවා. කකුළු පැටවුන්ට කෙලින් යන්න කියනවා වගේ වැඩ.

:       0       222

ඩී. ඒ. රා Tuesday, 21 April 2020 06:31 AM

අර 225 නම් පළාතේ වද්දා ගන්න එපා" ඔබතුමාගේ ම 225 තෝරාගන රිසි සේ රට පාලනය කරන්නේ ඒකනේ.

:       213       350

siri Tuesday, 21 April 2020 07:58 AM

අද අපේ රටේ කෙරෙන ප්‍රචාරයන් බොහොමයක් විශ්වාස කරන්න අමාරු තත්වයක තිබියදී ජනතාවගේ ඇස් වලට වැලිගසා ජුනි 20 මැතිවරණයක් ප්‍රකාශ කරමින් මේ කරන්න යන්නේ ඉතාම වගකීම් රහිත භයානක ක්‍රියාවක් බවයි පෙනෙන්නේ.

:       10       315

SamanTuesday, 21 April 2020 09:48 AM

භයානකයි

:       0       1

කපුරුහාමි Tuesday, 21 April 2020 08:29 AM

බලලෝභී, දුෂිත දේශපාලුවන්ගේ කතා කොහොම විශ්වාස කරන්නද ?

:       0       1

ravi Tuesday, 21 April 2020 09:41 AM

තවත් තියෙනවද හැබැටම ඉවර කරන්න

:       0       1

sirimal Tuesday, 21 April 2020 10:14 AM

මැතිවරණ කොමිසමේ සභාපතිතුමාගෙන් කල්තියාම උපන්දින තෑග්ගක්වත්ද ?

:       0       1

KAMAL Tuesday, 21 April 2020 11:08 AM

ලැබෙන කොරෝනා ආධාර සහෝදර සමාගම .....?

:       0       1

ISURU Tuesday, 21 April 2020 11:17 AM

රටේ නය ට්‍රිලියන 12.5 හා ..20 කරන්න ද?

:       0       1

JULIYAN Tuesday, 21 April 2020 11:19 AM

ඔවු අපි දැක්ක මේ මාස 4 ට කරපු මොන ටිකද ? කරපු ගොඩ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 434 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 611 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 248 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site