(මහින්ද නිශ්ශංක)
ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශ හරහා දුම්රිය ධාවනය අත්හිටුවා ඇතැයි ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනියර් දුම්රිය සංමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා අද(19) පස්වරුවේ පැවැසීය.
කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බළකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ අද සවස පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළැඹි බවත්,ජනාධිපතිවරයගේ උපදෙස් මත ඇඳිරි නීතිය බලපැවැත්වෙන ප්‍රදේශ හරහා දුම්රිය ධාවනය අත්හිටවූ බවත් ඔහු කීවේය.
මේ අනුව මහව සිට පොල්ගහවෙල දක්වාත්, ගාල්ල සිට ඉඳුරුව දක්වාත් දුම්රිය කිහිපයක් පමණක් ධාවනය වන බව ද ඔහු සඳහන් කළේය. මෙම සාකච්ඡාවේදී දුම්රිය නියාමක, දුම්රිය පාලක, දුම්රිය ස්ථානාධිපති, දුම්රිය රියදුරු යන සංගම්වල නියෝජිතයෝ කරුණු දැක්වූහ.
හෙට (20) දිනයේදී පිට පළාත්වල සිට කොළඹටත්, කොළඹ සිට පිට පළාත්වලටත් දුම්රිය ගමන්වාර 46ක් පැවැත්වීමට කලින් තීරණය කර තිබිණි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශ හරහා දුම්රිය ධාවනය අත්හිටුවයි
Yakadauaka Sunday, 19 April 2020 02:17 PM
එතකොට වැඩට එන්න කියල තියෙන මිනිස්සු ඔක්කොම ඉන්නෙත් ඔය කෝචිචි ටික යන පළාත්වල විතරද?
Vish Sunday, 19 April 2020 04:10 PM
මෙ අය ෆිල්ම් එකක් බලලාද මෙහෙම තීරණයක් අරන් තියෙන්නේ?
samantha Sunday, 19 April 2020 05:10 PM
අපි නම් මුලින්ම හිතුවේ මේ විදිහට දුම්රිය ධාවනය වෙයි කියලා. දැන්නේ දන්නේ හෙට කොළඹ ඉදලම දුම්රිය ධාවනය කරන්න ඉදල තියන්නේ... පිස්සු නැත්නම් හොදි ලොකොමොටිව් එකේ අයට. ප්‍රධාන මාර්ගයේ කොළඹ ඉදල අඹේපුස්සට එනකම්ම ඇදිරිනීතිය තියෙද්දී කව්ද දුම්රියේ යන්නේ...?
Almeida Sunday, 19 April 2020 05:24 PM
හෙට උදේ ඇඳගෙන ස්ටෙසන් එකට ගියාට පස්සේ තීරණය කලානම් හරි. තාම කල් වැඩියි වගේද කියල හිතෙනවා