විනීතා එම් ගමගේ
සෑම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම පිහිටා ඇති වසා දැමූ හා ක‍්‍රියාත්මක වන සියලූ පෞද්ගලික ආයතන පිළිබදව වාර්තා කම්කරු අමාත්‍යංශය වෙත ලබා දෙන්නැයි කම්කරු අමාත්‍යංශය කම්කරු කොමසාරිස්වරුන් වෙත උපදෙස් දී ඇත.
ඒ අනුව රට පුරා පිහිටි පෞද්ගලික ආයතන හා කම්හල් පිළිබද වාර්තා අද දවස තුළ කම්කරු කොමසාරිස් ජනරාල්වරයා වෙත ලැබෙනු ඇතැයි කම්කරු අමාත්‍යංශයේ ලේකම් සරත් අබේගුණවර්ධන මහතා ලංකාදීපයට අද (19) පැවසීය.
ඒ ඒ කොට්ඨාස භාර කම්කරු නිලධාරින් ද සහය කරගෙන මෙම වාර්තා සකස් කරන ලෙසත් ඒ සදහා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවල හා ප‍්‍රාදේශීය සභාවන්හි සහය ලබා ගන්නා ලෙසත් උපදෙස් දී ඇතැයි ද ලේකම්වරයා කීය.
එකී තොරතුරු පදනම් කරගෙන වාර්තාවක් සකස්කර අද දිනය තුළ කම්කරු අමාත්‍යවරයා වෙත භාරදීමට කම්කරු කොමසාරිස් ජනරාල්වරයා කටයුතු කරනු ඇතැයි පැවසූ අබේගුණවර්ධන මහතා එකී දත්ත යොදා ගනිමින් දිවයින පුරා මේ වනවිටත් වසා දමා ඇති ආයතන විවෘත කිරීමට අමාත්‍යංශය අවශ්‍ය මැදිහත්වීම් කරන බව ද කියා සිටියේය.
මේ අතර කම්කරු දෙපාර්තමේන්තුව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කර ඇති බැවින් ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ සේවයේ සහභාගිත්වය වැඩි කරන ලෙස උපදෙස් දුන් බවත් අනෙක් සේවක සේවිකාවන් කාල සටහනකට අනුව ගෙන්වා ගන්නැයි උපදෙස් දුන් බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කම්කරු අමාත්‍යංශය පෞද්ගලික ආයතන පිළිබඳ වාර්තා ඉල්ලයි