නිදහස් දින සැමරුම් වියදම් අඩුවෙයි පෙර වසරවලට සාපේක්ෂව මෙවර නිදහස් දින සැමරුම් ජාතික උළෙලේ වියදම් අඩු කර ඇතැයි රාජ්‍ය කළමනාකරණ හා ගිණුම් කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ලංකාදීපයට අද(3) පැවසීය. 03 February 2020
සමන් රත්නප්‍රිය දිවුරුම් දීම අනිද්දා වෘත්තිය සමිත ක්‍රියාකාරිකයකු වන සමන් රත්නප්‍රිය සිල්වා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ලබන 05 වැනිදා දිවුරුම් දීමට නියමිතය. 03 February 2020
සිරිධම්ම විදුහලේ විදුහල්පති අල්ලස් නඩුවෙන් නිදොස් කොට නිදහස් පළමු වසරට සිසුවකු ඇතුළත් කරගැනීම සඳහා එම සිසුවාගේ පියාගෙන් රුපියල් ලක්ෂ 3 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට ගාල්ල සිරිධම්ම ජාතික පාසලේ හිටපු විදුහල්පතිවරයාට එරෙහිව පවරා තිබු නඩුවේ චෝදනා ඔප්පු කර නොමැති බව තීරණය කළ කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා සියලුම චෝදනා වලින් ඔහු නිදොස් කොට නිදහස් කළේය. 03 February 2020
‘චීන ජාතිකයන් කොන්කරන්න එපා’ ශ්‍රී ලංකාවේ සිටින චීන ජාතිකයන්ට සාමාන්‍ය පරිදි සලකන ලෙසද, ඔවුන් කිසිවිටක කොන්නොකරන ලෙසද ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද(03) පැවසුවාය. 03 February 2020
‘පරිසරය ආරක්ෂා කරගත හැක්කේ ජනතාවට ඒ ගැන අවබෝධ කර දීමෙන්’ පරිසරය ආරක්ෂාකර කරගත හැක්කේ ඒ පිළිබදව ජනතාවට අවබෝධ කරදීමෙන් මිස නීති පැනවීම මගින් නොව්යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද(3) පැවැසීය. 03 February 2020
මුඛ ආවරණ හිඟ බව චීනය කියයි කොරෝනා වයිරසයෙන් ආරක්ෂා වීම සඳහා කඩිනමින් මුඛ ආවරණ, ආරක්ෂිත ඇඳුම් සහ ඇස් ආවරණ අවශ්‍යව ඇතැයි චීනය අද (3) ප්‍රකාශ කළේය. 03 February 2020
පූජිත්-හේමසිරි යළි රිමාන්ඩ් පාස්කු ඉරුදින ප්‍රහාරය වළක්වා නොගෙන රාජකාරී වගකීම පැහැර හැරීම හා මනුෂ්‍ය ඝාතන සිදු කිරීම යන චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කොට අනිවාර්ය නිවාඩු යවා සිටින හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් අනිද්දා (5) තෙක් තව දුරටත් රිමාන්ඩ් බාරයේ භාරයේ තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එච්.අයි.කේ. කාහිංගල මහත්මිය අද (3) නියෝග කළාය. 03 February 2020
හිටපු ජනපති වගඋත්තරකරුවෙක් වෙයි තමන්ව අනිවාර්ය නිවාඩු යැවීමට ගත් තීරණය අහෝසි කර යළි එම ධූරයේ පිහිටුවන ලෙස ඉල්ලා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ගොනු මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවෙකු ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෞද්ගලිකව නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) පෙත්සම්කරුට අවසර ලබා දුන්නේය. 03 February 2020
මරදාන අවට රථ වාහන තදබදයක් උසස් ජාතික ඩිප්ලෝමා සිසුන්ගේ විරෝධතාවක් හේතුවෙන් මරදාන හා ඒ අවට ප්‍රදේශයන්හි දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ. 03 February 2020
ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට නයිජීරියානු වදන් 29ක් එක්වෙයි ලෝකප්‍රකට ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂයේ නව මුද්‍රණය සඳහා නයිජීරියානු වචන සහ කියමන් 29ක් එක් කර තිබේ. 03 February 2020
බීමතින් රිය පැද පොලිසියට බැණ වැදුණු අයෙක් රිමාන්ඩ් රියදුරු බලපත්‍රය නොමැතිව බීමත්ව පොලිස් අණ නොතකා යතුරුපැදියක් පදවා පොලිස් නිලධාරීන්ට අසභ්‍ය වචනයෙන් බැණ වැදී ඔවුන්ගේ රාජකාරියට බාධා කළැයි අත්අඩංගුවට ගත් පුද්ගලයකු පෙබරවාරි 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් මාලින්ද හර්ෂණ ද අල්විස් මහතා නියෝග කළේය. 03 February 2020
නිවාස සංකීර්ණයකින් ලක්ෂ 5ක තඹ බට කපයි දඩල්ලේ නිවාස සංකීර්ණයක වායු සමීකරණ පද්ධතියෙන් රුපියල් 543,000ක් පමණ වටිනා තඹ බට කැපූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි. 03 February 2020
දොඩංගොඩ කම්හලක ගින්නක් කලුතර දොඩංගොඩ රබර් වලින් විවිධ නිෂ්පාදනයන් කරන කර්මාන්ත ශාලාවක් මීට සුළු මොහොතකට පෙර ගින්නක් හටගෙන ඇතැයි දොඩංගොඩ පොලිසිය පවසයි. 03 February 2020
ගල්කිස්සේ සමාජ ශාලාවක ගැටුමකින් පුද්ගලයෙක් මරුට ගල්කිස්ස සේරම් පාරේ රාති‍්‍ර සමාජ ශාලාවක අද (3) අලූයම ඇති වු ගැටුමකින් පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. 03 February 2020
රුසියානු ගොඩබිම් හමුදා ප්‍රධානී ජෙනරාල් යුකෝව් ලංකාවට රුසියානු ජනරජයේ භූමි මෙහෙයුම් ප්‍රධානී ජෙනරාල් ඔලෙග් සල් යුකෝව් මහතා අද (3) උදෑසන කටුනායක ගුවන්තොටුපලෙන් දිවයිනට පැමිණියේය. 03 February 2020
සිසුන් 33 න් කාටවත් රෝග ලක්ෂණ නෑ චීනයේ වුහාන් නගරයෙන් රැගෙනවිත් දියතලාව යුද හමුදා කඳවුරේ රඳවා සිටින සිසුන් 33 දිනපතා දෙවරක් විශේෂ වෛද්‍ය පරීක්ෂාවකට ලක් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි. 03 February 2020
පතලකට වැටී තිදෙනෙක් මරුට අත්හැර දමන ලද පතලකට වැටී සිටි කුකුළන් දෙදෙනෙකු බේරාගැනීමට ගිය පුද්ගලයන් තිදෙනෙකු මියගොස් ඇතැයි අවිස්සාවේල්ල පොලිසිය කියයි. 03 February 2020
චීනයේ හුනාන් පළාතේ තවත් වයිරසයක් පැතිරයන බවට අනතුරු ඇඟවීමක් චීනයේ නව කොරෝනා වයිරසය ආරම්භ වුණු හුබෙයි පළාතට යාබද හුනාන් පළාතෙන් ‘එච්5එන්1’ කුරුලු උණ වෛරසයද පැතිර යමින් පවතින බව චීන සෞඛ්‍ය බලධාරීහු අද (02) අනතුරු ඇඟවූහ. 03 February 2020
‘‘චීන ජාතිකයන්ට සේවා සැපයීම ප්‍රතික්ෂේප කිරීම කනස්සල්ලට කරුණක්‘‘ ඇතැම් කුලී රථ රියදුරන්, හෝටල් සහ ආපනශාලා චීන ජාතිකයන්ට සේවා සැපයීම ප්‍රතික්ෂේප කිරීම කනස්සල්ලට හේතුවක් යැයි ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන්ග් ෂියුවෑන් මහතා නිවේදනයක් නිකුත් කරමින් අද (02) සඳහන් කළේය. 03 February 2020
රුසියානු ගොඩබිම් හමුදා ප්‍රධානියා හෙට දිවයිනට යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ආරාධනයක් මත රුසියානු ගොඩබිම් හමුදා ප්‍රධානි ජෙනරාල් ඔලෙග් සල්යුකොව් මහතා දින පහක සංචාරයක් සඳහා හෙට (3) මෙරටට පැමිණීමට නියමිතය. 02 February 2020
කෝටි 152 කට ගත් කෘෂිකර්ම අමාත්‍යාංශ ගොඩනැගිල්ල නීති විරෝධී එකක් ප්‍රසම්පාදන සංග්‍රහයට පටහැනිව හා විනිවිද භාවයකින් තොරව රජයේ තක්සේරුකරුගේ තක්සේරුව ඉක්මවා යමින් රජයේ අරමුදලින් රුපියල් මිලියන 1524.44ක් වැය කර කෘෂිකර්ම අමාත්‍යංශය සඳහා කුලී පදනම මත මිලදී ගත් පෞද්ගලික ගොඩනැගිල්ල නීති විරෝධී ඉදිකිරීමක් බව අනාවරණය වී තිබේ. 02 February 2020
ටිකට් නිකුත් නොකිරීමෙන් ලංගමයට දිනකට කෝටියක පාඩුවක් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස්රථවල ප්‍රවේශපත් නිකුත් නොකර මුදල් අය කිරීම නිසා දිනකට රුපියල් කෝටියකට ආසන්න මුදලක් මණ්ඩලයට අහිමි වෙතැයි එහි සභාපති නීතිඥ කිස්ංලි රණවක මහතා අද (2) පැවසීය. 02 February 2020
‘‘විධායකයේ බලය තිබුණට ව්‍යවස්ථාදායකයේ බලය තවම නෑ‘‘ විධායක බලය තිබුණත් ව්‍යවස්ථාදායකයේ බලය තවම තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂය සතුව බව අධිකරණ ව්‍යවස්ථා සම්පාදාන සහ පුනරුත්තාපන ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (02) පැවසීය. 02 February 2020
ඩික්මන් මංසන්ධියේ සිට හැව්ලොක් මාවත දක්වා මාර්ගයේ ගිලා බැසීමක් බම්බලපිටිය ඩුප්ලිකේෂන් පාරේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවතේ ඩික්මන් මංසන්ධියේ සිට හැව්ලොක් මාවතට පිවිසෙන මාර්ගයේ ස්ථානයක් ගිලා බැසීම හේතුවෙන් අද (02) පස්ව්රුවේ සිට එම මාර්ගයේ සම්පූර්ණයෙන්ම වසා දැමූ බව පොලිසිය කියයි. 02 February 2020
කෝටි එකහමාරක කල් ඉකුත් වූ කේක් - බේකරි නිෂ්පාදන මුද්‍රා තබයි මෙරට සංචාරක හෝටල් වලට සහ ආපන ශාලා වලට කේක් සහ කෙටි ආහාර සපයන ප්රමුඛ පෙළේ සමාගමකට අයත් වත්තල හැදල ප්‍රදේශයේ පිහිටි ගබඩාවක් වටලා කල් ඉකුත් වූ කේක් සහ බේකරි අමුද්‍රව්‍ය කිලෝ 17,500 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි. 02 February 2020
එල්ටීටීඊ සංවිධානය භාවිතා කළ ලිපි කිහිපයක් සමඟ අයෙක් අත්අඩංගුවට යුද හමුදා බුද්ධි අංශ භාවිතා කරන ව්‍යාජ රබර් මුද්‍රා , එල්.ටී.ටී.ඊ සංවිධානය භාවිතා කළ ලිපි ශීර්ෂ සහිත ලිපි ද්‍රව්‍ය සහ හැඳුණුම්පත් කිහිපයක් සමඟ පුද්ගලයකු අද (02) කිලිනොච්චිය විවේකාන්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්බව කිලිනොච්චිය පොලිසිය කියයි. 02 February 2020
අගමැති 7 වැනිදා ඉන්දියාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිව් දින නිල සංචාරයක් සඳහා සිකුරාදා (7) වැනිදා ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතය. 02 February 2020
ලක්ෂ 7 ක හෙරොයින් සමඟ කාන්තාවක් අත්අඩංගුවට රුපියල් ලක්ෂ හතක් පමණ වටිනා හෙරොයින් මත්කුඩු තොගයක් සමඟ පාතාලයට සම්බන්ධ පුද්ගලයෙකුගේ බිරිඳක් බොරැල්ල මැගසින් පාර ප්‍රදේශයේදී අද (02) අත්අඩංගුවට ගත්බව බොරැල්ල පොලිසිය කියයි. 02 February 2020
‘‘බැඳුම්කර හොරු සියලු දෙනාටම දඬුවම් දෙන්න‘‘ අර්ජුන් ඇලෝසියස් මහතාගේ පර්පචුවෙල් ටෙෂරිස් සමාගම 2015ට පසු බැදුම්කර මගින් සහ 2015ට පෙර කොටස් වෙළදපොළ මගින් රුපියල් බිලියන ගණනින් අයථා ලාභ ලබා ඇති බව වෝහාරික විගණනය මගින් තහවුරු වී ඇති බැවින් මේ ගණුදෙනු වලට සම්බන්ධ සියලූ දෙනා තරා තිරම නොබලා අධිකරණය හමුවට ඉදිරිපත් කර දඩුවම් පමුණුවන ලෙසට ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කොළඹදී අද(02) පැවසීය. 02 February 2020
පරීක්ෂණ වලට සහය දෙන්න ශ්‍රී ලංකන් සූදානම් ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ එයාර් බස් සමාගම අතර වූ ගනුදෙනුවේ දී සිදු වු බව කියන මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව සිදු කෙරෙන යම් විමර්ශනයක් හෝ නඩු පැවරීමකදී ඕනෑම රජයේ ආයතනයක් සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලෙසට ශ්‍රී ලංකන් ගුවන් ගුවන් සමාගමේ සභාපතිවරයා එහි කලමනාකාරීත්වයට උපදෙස් දී තිබේ. 02 February 2020
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026