කෝටි තුනකට වැඩි කේරළ ගංජා සමඟ 4 ක් අත්අඩංගුවට
ඉන්දියාවේ සිට ධීවර බෝට්ටුවක් තුළ සඟවා මෙරටට රැගෙන එමින් තිබූ රුපියල් කෝටි තුනහමාරකට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 300 ක් සමඟ පුද්ගලයින් සිව් දෙනෙකු යාපනය, පුංකුතිව් මුහුදු කලාපයේ දී අද (2) අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි.