සංවර්ධන නිලධාරි සේවා සංගමයෙන් රාජ්‍ය පරිපාලන ඇමැතිට ලිපියක්
අභ්‍යාසලාභී උපාධිධාරීන් ස්ථිර කිරීමේ දී උපාධිය ලබාගත් දින සිට 2017.09.08 දින දක්වා පෞද්ගලික, රාජ්‍ය හෝ අර්ධ රාජ්‍ය අංශවල රැකියාවක් නොකළ බවට දිවුරුම් ප්‍රකාශ ලබාගැනීමේ කොන්දේසිය ඉවත්කරන්නැයි සංවර්ධන නිලධාරි සේවා සංගමය රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කර ඇත.