( දිල්රුක්ෂි ග්‍රේරු)
පිහි ඇනුමකින් තුවාල ලැබූ වැලිකඩ බන්ධනාගරයේ රැඳවියකු කොළඹ ජාතික රෝහලට ඇතුලු කර ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.
තුවාල ලබා ඇත්තේ පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් වසර 7 යි මාස 9 ක සිර දඬුවමක් ලබා සිටි මණ්ඩාවල, මාලමුල්ල ,පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
බන්ධනාගාරගත කර සිටින තවත් සැකකරුවෙකුට විහිලු තහලු කිරීමට ගොස් එය දුර දිග යාමෙන් පිහි ඇනුම සිදුව තිබේ.
පපුව ප්‍රදේශයට තුවාල ලැබූ එම රැඳවියා වහාම කොළඹ ජාතික රෝහලට ඇතුලු කිරීමට පියවර ගෙන ඇත.
පිහි ඇනුම සිදු කළ පුද්ගලයා සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය කරගෙන නොමැති අතර බොරැල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිහිඇනුම සිදුකළ පුද්ගලයා සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය කරගෙන නොමැති අතර බොරැල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි... බන්ධනාගාර කීයක් නම් පරීක්ෂා කරලා ඇනපු එකාව අල්ලන්නද අනේ..?