(රංජිත් රාජපක්ෂ)
හැටන් දිඹුල ප්‍රදේශයේ ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු වශයෙන් කටයුතු කරන අයෙකු සහ ඔහුගේ නිවසේ සිටි අයෙකුත්, රියදුරෙකුත් දින 14 ක් ස්වයං නිරෝධනයට යොමු කළ බව කොටගල මහජන සෞඛ්‍යය පරික්ෂක සෞන්දර් රාගවන් මහතා පැවසීය.
අභාවප්‍රාප්ත තොණ්ඩමන් මහතාගේ දේහය බත්තරමුල්ල ප්‍රදේශයේ ඔහුගේ නිවසේ සහ ලංකා කම්කරු කොන්ග්රස් මුලස්ථානයේ තැන්පත් කර තිබූ අවස්ථාවේ මාධ්‍යය ආවරණ කටයුතු සදහා එම ප්‍රදේශයට ගොස් ආපසු පැමිණීමෙන් අනතුරුව, තොණ්ඩමන් මහතාගේ අවසන් කටයුතු සිදුකිරීමෙන් පසු එම මාධ්‍යවේදියාට රෝග ලක්ෂණ කිහිපයක් මතු වී ඇති බව මහජන සෞඛ්‍යය පරීක්ෂකවරයා කියා සිටියේය.
එම ප්‍රාදේශීය මාධ්‍යයවේදියා ඔහුට රෝග ලක්ෂණ මතුවීම නිසා දික්ඔය මුලික රෝහල වෙත ගොස් පී.සී.ආර් පරීක්ෂණයක්ද සිදු කරගෙන ඇත.
එහි පරික්ෂණ වාර්තාව ලැබීමෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත්, යළිත් වතාවක් පී.සී.ආර් පරීක්ෂණයකට යොමු කරන බවත්, එතෙක් එම ප්‍රාදේශීය මාධ්‍යයවේදියා සහ අනෙකුත් දෙදෙනා හැටන් දිඹුල ප්‍රදේශයේ ඔවුන් පදිංචි නිවාස වලම ස්වයං නිරෝධනයට යොමු කළ බවද මහජන සෞඛ්‍යය පරීක්ෂකවරයා වැඩි දුරටත් කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සිරිසේන, මොනවද මේ වෙන්න යන්නේ..? කවුරුත් නැද්ද මේ රටට, විනය සහ නීතිය ගැන දැනුවත් කරන්න හිටන්....
මෙන්න නීතිය වල් වැදුණු අවස්ථාවකට කදිම නිදසුනක්. නිරෝධායන නීති පනවාපු අයම තම ඡන්ද පදනම රැක ගැනීම සඳහා වෙනස් කළා. අවුරුද්දකට, වෙසක් පොසොන් හා අනෙකුත් ජාතීන්ගේ ආගමික කටයුතු වලට ඉඩ නොදුන් රජය තොන්ඩමාන්ගේ අවමඟුලට විශාල රාජ්‍ය අනුග්‍රහයක් දුන්නා. මෙහිදී නිරෝධායන නීතිය අමු අමුවේ උල්ලංඝනය වුණා. වැටත්, නියරත් ගොයම් කානම් කාට කියමුද ඒ අමාරුව...
කළුවරේ ජරමරේ... දෙවියන් වහන්සේ අපේ මව් රට ආරක්ෂා කරත්වා..!!!
දැන් හරිනේ.. පොසිටිව් වුනොත්... කවුද මේවාගේ වගකීම බාර ගන්නේ? ආණ්ඩුව 500%ක් එහි වගකීම බාරගත යුතුයි...
මේක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් කියලා කියාවි...
වෙසක් නැහැ, රාමසාන් නැහැ, පොසොන් නැහැ, පාස්කු නැහැ, සිංහල අවුරුද්ද නැහැ.. ඒ වුණාට ඡන්ද හිඟන දේශපාලුවන් මේ සියල්ල එපා කියලා තොන්ඩමන්ගේ අවමගුල දවස් 6ක් තියාගත්තා. ඡන්දෙ නිසා රට කනවා. දැන් මේවට වග කියන්නේ කවුද? මහා ලොකු දේවල් කියන්නේ... ඇවිල්ලා මාස 6 ක් වෙනවා... කරපු දෙයක් නම් නැහැ. රට අගාධයෙන් අගාධයට යන්නේ...
අවදි වන්න, අවදි වන්න.., මහ හෙනහුරු කෙලියකි..., මේ වෙලා තියෙන්නේ.
දැන් ඉතින් PCR පරීක්ෂණයට මීටරේ දුර තියාගෙන පෝලිමේ එන්නකෝ..
කෝ අජිත් රෝහණ මහත්තයා..? පේන්න නැහැනේ. මීටරේ දුර නැත්නම් අත් අඩංගුවට ගන්නවා කිව්වා. මම හිතන්නේ එතුමා කීවේ වතුර මීටරේ ගැන වෙන්න ඇති....
අජිත් රෝහණට නැති කොන්දක් සෞඛ්‍ය පරීක්ෂකතුමාට තියෙනවා...
තොන්ඩමන්ලා නිතරම එකතුවෙන්නේ දිනපු පැත්තට... සජිත්ගේ ගොඩ වැඩි වුණොත් සජිත්ට සෙට් වේවි .. මහින්ද මහත්මයාගේ ගොඩ වැඩි වුනොත් මහින්ද මහත්මයට සෙට් වේවි... මෙදා සැරේ රනිල් කැඩිලා වෙන්වෙලා රනිල් විරෝධී සිංහලයන් සජිත් දිහා අවධානය යොමු කරනවා.. මුස්ලිම්වරුන්ට සජිත්ට සෙට් වෙනවා හැර වෙන විකල්පයක් මේ අවස්ථවේ නැත. එම නිසා සජිත්ගේ ගොඩ ටිකක් වැඩි වී ඇත. මහින්ද මහත්මයා තම ආරක්ෂකයින් සියගණනක් සහ දේශපාලන සගයන් පිරිවරාගෙන කොරෝනා නීති කඩාගෙන වතුකරේට ගිහින් මේ අවමගුලට සහභාගී වීමෙන් නැවත දෙදරවාගෙන තිබෙන්නේ... රාජපක්ෂවරුන්ට කොන්ක්‍රීට් කළා මෙන් තිබුණා, නාමල් බේබිලා, ජුලම්පිටියේ අමරේලාගේ පිස්සු නැටීම් වලින්, කරුණා වැනි දළදා මාලිගාවට බෝම්බ ගහපු මිනිහෙකුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපති තනතුරක් දීම වැනි වැඩවලින් ඉරිතලා තිබුණා... 2015 සිරිසේන දුන් කුළුගෙඩි පහරින් සුනු විසුනු වී ගිය සහ , ගෝඨාභය මහත්මය විසින් 2019 නැවත බොහොම අමාරුවෙන් පිළිසකර කරගෙන තිබෙන සිංහල ඡන්ද පදනම නැවත ගත්තා... අගමැතිතුමාට පාර්ලිමේන්තුවේ තිබුණු අවමගුලට සහභාගිවෙලා කොළඹට වෙලා සිටියානම් රැවුලත්, කැඳත් යන දෙකම යම් ප්‍රමාණයකට බේරගන්න තිබුණා. ගිය නුවණ ඇතුන් ලවාවත් ඇදගත නොහැක...
කණගාටුවෙන් හරි දැන් අහන්න වෙන්නේ දැන් සතුටුද කියලා තමයි...