(ඩයනා උදයංගනී)
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මහ බැංකු වංචාව සම්බන්ධයෙන් අත් අඩංගුවට ගන්නැයි තම පාලන සමයේ ජාත්‍යන්තර පොලීසියට දැනුම් දුන් විට ඒ රජයේම පිරිසක් ඔහු අත්අඩංගුවට ගැනීමට මැදිහත් නොවන්නැයි ජාත්‍යන්තර පොලීසියට දන්වා තිබූ බව හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (3) පැවසීය.
අර්ජුන් මහේන්ද්‍රන් මහතා බරපතල මූල්‍ය වංචාවකට සම්බන්ධ බැවින් ඔහු අත් අඩංගුවට ගන්නැයි දන්වා මෙරට නීතිපති දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර පොලීසියට දැනුම් දුන් අවස්ථාවේ, මෙය මූල්‍ය වංචාවක් නොව දේශපාලන ප්‍රශ්නයක් නිසා එයට මැදිහත් නොවන ලෙස රජයේම පිරිසක් මෙලෙස දැනුම් දී තිබූ බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.
ඉන්පසු මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීමට තමන්ට මැදිහත්විය නොහැකි බව ජාත්‍යන්තර පොලීසිය පැවසූ බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලීසිය රතු නිවේදන නිකුත් කළේ මහ බැංකු වංචාව පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසමේ වාර්තාව, රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ බලතල ආදිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර යළිත් දැනුම්දීමක් කළ පසුව බවද හිටපු ජනාධිපතිවරයා කීවේය.
මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයෙදී අද (3) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වා ගැනීමට තමන් නීතිපති දෙපාර්තමේන්තුව හා එක්ව අත්සන් 21,000 ක් යොදා ලිපිලේඛන යොමු කළ පසුවද පසුගිය රජයේ ඇතැමුන් සිංගප්පූරු බලවතුන් සමඟ ඇති මිත්‍ර සබඳතා භාවිතා කර එය වැළැක්වූ බව සිරිසේන මහතා ප්‍රකාශ කළේය.
මෙලෙස අදෘෂ්‍ය බලතල භාවිතා කර එය වැළැක්වූයේ මහ බැංකු වංචාවේ මුදල් බෙදාගත් අය බවද හිටපු ජනාධිපතිවරයා පැවසීය.
ඔවුන් එසේ නොකළේ නම් හිටපු මහ බැංකු අධිපතිවරයා ගෙන්වා ගැනීමට තිබූ බව කී මෛත්‍රීපාල සිරිසේන මහතා මහේන්ද්‍රන් මහතා මේ වන විට නම වෙනස් කරගෙන ඇති බවටද තොරතුරු ඇතැයි කීවේය.
ඒ නිසා ඔහු ගෙන්වීමට යළිත් මුල සිට ලිපි හුවමාරු කර ගැනීමේ අවශ්‍යතාවක් මතුව ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් එකතු වෙලා ඉන්න අයටත් මේ කතාව හොඳ පාඩමක්... ඔය සිරිසේන විරුද්ධ වෙච්ච දවසක, දැන් අයටත් බෙදන්නේ ඔය හැන්දෙන්ම තමයි...
ඔය දේවල් කියපු අයගේ නම් ටිකත් දාන්නකෝ මහජනතාවට බලාගන්න...
අනේ, දැන් ඔබතුමා සමුගන්න දේශපාලනයෙන්... සහරාන් ගැන තොරතුරු ලැබිලත් කිසිම දෙයක් කරන්නේ නැතිව සිංගප්පූරුවට ගියේ අපි නෙමෙයි. ඉන්දියාවෙන්.. අපේ රහස් බුද්ධි අංශයෙන් තොරතුරු ලැබිලා නිකන් හිටියේ අපි. අර මරණ දඬුවම නියම වුණු පුද්ගලයාව නිදහස් කලේ අපි... දැන් අපි තමයි වැරදි කාරයින්.. ඔයගොල්ලෝ ඔක්කොම සුදනෝ... දේශපාලනය අප්‍රිය කරපු කෙනෙක් තමයි මේ...
මේ කියන පච විශ්වාස කරන්න තරම් ලංකාවේ මිනිසුන් මෝඩද? එහෙම නැතිනම් අලුත්ම රජගෙදර කවටයාද? කවුරු කවුරුත් බලාගෙන... මෑන්ස්ට, පිටිපස්සෙන් ගිහිල්ලා පිහියෙන් ඇනලා හොඳ පුරුද්දක් තියෙනවා.
ඡන්දේ කිට්ටුවෙන විට මේ බෙරේ හඬ ආපසු ඇහෙනවා. මෙතුමා මේ කියන දේවල් පිළිගැනීමට තරම් මේ රටේ ජනතාව මෝඩ නැහැ. ඔබතුමා රටේ නීති විරෝධී ලෙස කටයුතු කළ බව අධිකරණය තීන්දු කළ බව අමතක වෙලා වගෙයි. දැන්, තියෙන්නේ ඔබතුමාලාගේ රජයක්. නිකං විහිළු නොසපයා හැකිනම්, අර්ජුන මහේන්ද්‍රන් අල්ලන්න. ඔට්ටුයි බැහැ. එහෙම අල්ලන්නේ නැත්තේ ඔබැතුමාලාගේ පැත්තේ දේත් එළියට එන නිසයි. කෝ ඡන්දෙට කළින් අල්ලන්න තිබුණු හදිස්සිය දැන් නැහැනේ... කියව කියවා කරන රට රවටන වැඩ නවතා දැන් හෝ සියලු හොරකම් ටික අල්ලන්න. ඔට්ටුයි බැහැ ..
බලයේ ඉන්න කාලේ ඒක කරන්න බෑ.. මේක කරන්න දෙන්නෑ කියකියා නහයෙන් අඬ අඬා හිටියා. අන්තිමට කුහකකම නිසා මුළු රටම අනතුරේ දැම්මා. දැං ආපහු අණ්ඩර දෙමළ වගයක් කියාගෙන විලාප දෙන්න පටන් අරන්…
අපේ මේ සත්ගුණවත් පතෝල මුදලාලිගෙන් අප මෙසේ විමසීමට කැමැත්තෙමු. ඇයි හත්දෙයියනේ මුදලාලි "දියවන්නාව කොටුවේ පොලට" උදේ සවස එන එකේ ජාත්‍යන්තර පොලිසියට ගතු කේලම් කිව්වා "නාටාමිලාගේ නම් ගම් "ඒ කාලේ නොකිව්වේ? දැන් මේ පතෝල මුදලාලි මෙතන බයිලා රචනා කියවනවා... ඇයි බය වුණාද? " තමුන් එක්ක මුට්ට කරගැහව්ව නාටමිලාගේ " නම් ගම් කියන්න නැත්නම් ලැජ්ජාවටද? විහිළු සපයන්න එපා ...
මෙයා පාස්කු ප්‍රහාරය සිද්ද වෙන්න ඉඩදීලා බලන් හිටියේ කාගේ වුවමනාවටද කියලා දැන් වෙන සිදුවීම් වලින් හිතාගත හැකියි. මෙයාගේ හවුල්කාරයා හිතාගත හැකියි.. ඒ කාලේ තවත් පඹයෙක් නටවා ඝාතන නාටකය මත කළාම...
දැන් නම් ඔලුව හොඳටම අවුල් වෙලා වගෙයි.
මෙතුමට මඤ්ඤංද කොහේද..? ජාත්‍යන්තර පොලීසිය කියන්නේ "ශ්‍රී ලංකා පොලීසිය" නොවෙයි. කිසියම් රටක "නිල" නිවේදනයකින් තොරව ජාත්‍යන්තර පොලීසිය කටයුතු කරන්නේ නැත.
මෙයත් නිකම් සිත්තර පත්තරෙ වගේ... කතාව පළකරන්නේ සතිපතා කොටස් වශයෙන්...
75%ක් සිටින සිංහල බෞද්ධයා සුළු ජාතීන් සමග සම කරන්නත්, මේ බෞද්ධ රට නිර්ආගමික රටක් කරන්නත්, 30 වසරක් යුද්ධය නිමාකර නිදහස ලබාදුන් රණවිරුවන් යුද්ධ අපරාධ කාරයින් ලෙස පාවාදෙන්න හදපු ඒ අසමජ්ජාති යහපාලකයන් ඔය වැඩේ කරන එක පුදුමයක් නැහැ.
මෙයා හරි පාවාදෙන්නා ... මෙයා ගාවගත්තොත් මහින්ද මහත්තයටත් වෙන්නේ ඔයටිකමයි...
මහේන්ද්‍රන් විතරක් නෙවේ. ඔය කියන කෙනයි, අනිත් ඔක්කොමයි එකතු වෙලා කිදෙනෙක් නම් බේරා ගන්න ඇත්ද? නිදහස් කරන්න ඇත්ද?
දැන් තේරෙනවා නේද වැඩකට නැති ජනාධිපතිවරයෙක් 2015දී පත් කරගත් බව. රටේ නායකයා කියන දේ ජාත්‍යන්තරය කරන්නේ නැහැ කියන්නේ එයා රටේ නායකයා හැටියට එයාල පිළිගෙන නැහැ කියන එකයි.
දැන් තේරෙනවා නේද වැඩකට නැති ජනාධිපතිවරයෙක් 2015දී පත් කරගත් බව. රටේ නායකයා කියන දේ ජාත්‍යන්තරය කරන්නේ නැහැ කියන්නේ එයා රටේ නායකයා හැටියට එයාල පිළිගෙන නැහැ කියන එකයි.
දැන් තේරෙනවා නේද වැඩකට නැති ජනාධිපතිවරයෙක් 2015දී පත් කරගත් බව. රටේ නායකයා කියන දේ ජාත්‍යන්තරය කරන්නේ නැහැ කියන්නේ එයා රටේ නායකයා හැටියට එයාල පිළිගෙන නැහැ කියන එකයි.
කට ඇරියොත් ඉවරයි ...
බමුණුආරච්චි විතරයි මෙතන කොමෙන්ට් එකක් දාලා තියෙන්නේ. අනිත් ඔක්කොම හිටපු ජනාධිපති තුමාට ද්වේශ සහගත ප්‍රකාශ විතරයි කරලා තියෙන්නේ. හිටපු ජනාධිපති තුමා එකතු වෙලා විධායක බලයෙන් කොටසක් ලබා දුන්නේ කෛරාටිකයන් පිරිසකට බව එතුමා වටහා ගන්නකොට වෙන්ට තියෙන දේ වෙලා ඉවරයි.. . ඒකයි සත්‍යය... බොහෝ දෙනෙකුට මේක වටහා ගන්නට තරම් බුද්ධියක් නැහැ.
මේ අංගොඩ ඉන්න ඕන කෙනෙක් මෙතන ඉන්නේ ඇයි?
මෙයත් කරපු දේවල් වලට ලංකාවේ හිරගෙවල් මදි ...
ඔන්න අංගොඩ රෝහලෙන් පැනලෝ...
මේ ඇල්ලීම කවදාවත් වෙන්නැති දෙයක්. හේතුව දෙගොල්ලොම කරපු හොරකම් එලිවෙන නිසා දෙගොල්ලම කතාවෙලා හොරුන්ට දඩුවම් දීම නතරකරල වගෙයි පේන්න තියෙන්නෙ.
අනේ හිටන්, බාල මලයා ටෙලිකොම් එකෙන් කෝටිගණන් වැටුප් ගත්තා මදිවට එයාගේ බූදලය කරගත්තා. අනෙක් මලයා පොළොන්නරුවේ හාල් මාෆියාවෙන් රට කණපිට ගස්වලා බත් කන මිනිස්සුන්ට දෙයියන්ගේම පිහිටයි. හිටන් කෝටි 800ක් කොළඹින් මාලිගාවක් අරගෙන කුඹුරු කොටන්නයි දැන් ලැහැස්තිය. ගහපු ගේම්වලට හිටන්ගේ ආණ්ඩුවේ ප්‍රධානීන් දෙන්නෙක් දඟගෙයි ඉන්නේ... දුවගේ හපන්කම් කිව්වා කියලා හිතාගන්න. දැන් එක එක්කෙනා කියන දේවල් තමාගේම වදන් ලෙස ප්‍රකාශ කරන්නේ මහා ඡන්දෙ ජයගන්න. බලමු හිටන් අපිත් මේ හිටගෙනම බලාගෙන ඉන්නේ වෙන්නේ මොකද කියලා.
මොහුගේ කොන්ද පිළිබඳ ප්රශ්නය තහවුරු වේ.
දැන්ද ඕවා කියන්න තිබුනේ? මහින්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවා දීලා, රනිල්ට රටේ බලය දීලා හෙමිහිට ආපසු පොදු පෙරමුණට ගිහිල්ලා පාර්ලිමේන්තු එන්න හදනවා.. පොදුපෙරමුණට ඡන්දෙ දුන්නු කිසිවෙක් මෙයාට ඡන්දෙ දෙයිද?
නූතන අන්දරේ... තව ටිකකින් කිව්වොත් 2025-19 රට පාලනය කරෙ කව්ද කියලා හොයන්න කමිටුවක් දාන්න කිව්වොත්, පුදුම වෙන්න ඕන නෑ.
මෙයා බොරු ටොන් ගණන් කියන්න පටන් අරන්...
මොනවා කිව්වත් අපි විශ්වාස කරන්නේ නෑ. මුලු අතීතයම බොරුවක් කියලා අපි දන්නවා.
කපටිකමින් කරපු වැරදි වලින් බේරුණත්, සොබාදහමින් ලැබෙන දඬුවම වැඩි ඈතක නෙමේ...
ලැජ්ජාවක් කියන එකක් කොහෙත්ම නැහැ... ගෑවිලාවත් නැහැ..
අපේම අපේ අගමැතිතුමාගේ ඉල්ලීමකට අපේම අපේ ජනාධිපතිතුමා විසින් මහ බැංකු අධිපති ධුරයට පත් කළ අපේම අපේ අර්ජුන මහේන්ද්‍රන් ලංකාවට ගෙන්න ගෙන ඔය කියන අපේම අපේ අයට කෙළවන්න හදන්නේ ඇයි? අපරාදේ මේ හිටපු ජනාධිපතිතුමා නම් අපේම අපේ අයට තබා සහරාන්ටවත් ඒ වගේ ජඩ විදියට සැලකුවේ නැහැ. ඒ අතින් අපේම අපේ පිනට පහළ වූ සැබෑම සැබෑ මෛත්රීරත්නයක්.
මේ පුද්ගලයා හින්දා තමය් අප්‍රේල් 21 මහා විනාශයක් වුනේ... මෙයාට තනතුරු ඕනෑ වුණාම ඕන පර වැඩක්ම කරනවා. මේ තමයි ලංකාවේ ඉන්න ලොකුම වසංගතය...
අනේ අප්පේ අපේ රට මේ තරමටවත් රැකිලා තියන ඒක ගැන පුදුම විය යුතුයි. මේ වගේ පාලකයන් ඉඳලා රට මේ තරමටවත් රැකිලා තිබිම. මට හරිම දුක මේ වගේ මිනිසකු ගැන පොතක් (ජනාධිපති තාත්තා) මිලදී ගැනීම. මම යෝජනා කරනවා මම වගේම මේ පොත මිලදීගෙන කලකිරීමට පත්වූ සියලු දෙනා එක තැනකට එක්වී මේ පොත ගිනිතියමු. පොතක් ගිනි තැබීම මහා අපරාධයක් වුවත් මහා බේගල් වලින් පිරිණු හා මවුරට විශාල විනාශයක් කල අයෙකුගේ පොතක් තිබීම මහත් පිළිකුලක්...
අපි හිතුවේ මෙයා ඡන්දෙන් පස්සේ අකුලාගෙන යාවි කියලා... අයියෝ ආයෙත් හිටන් බයිලා ගහනවා..
ඔය කියන සිදුවීම් වෙනකොට රටේ විධායක ජනපතිකම සහ ආරක්ෂක ඇමතිකම දැරුවේ ඔබතුමා.. රාජ්‍ය බුද්ධි අංශ පැවතුනේ ඔබේ පාලනය යටතේ.., මෙවැනි අකටයුතුකම් වුණු බවට සාක්ෂි තිබුණා නම් දැන දැනත් නිහඬව හිටියා කියන්නේ ඔබතුමා ඒවා අනුමත කළා. එහෙම නැතිනම් අච්චර බලතල තිබිලත් ඒවා ක්‍රියාත්මක කරන්න ඔබට ශක්තියක් නැහැ කියන එක... එවැනි දුර්වල පාලනයක් ගෙනගිය ඔබ නැවත පාර්ලිමේන්තු යන්න ඡන්දෙ ඉල්ලන එක සදාචාරාත්මකද? අර කොළඹ 7 ඉල්ලගත්ත මන්දිරයට වෙලා රජයෙන් ඉල්ලගනිපු බෙන්ස් කාර් වලින් ගමනක් බිමනක් ගිහින් හිටියම මොකද වෙන්නේ? මම ඔබතුමා නම් ඡන්දෙ ඉල්ලීම වැනි විකාර වැඩ කරන්නේ නැතුව කල්තියාම කොහේ හරි ආරක්ෂාව තිබෙන පිටරටකට මාරු වෙනවා. ඡන්දෙන් පස්සේ මොන පැත්ත පෙරලේවිද කියලා කියන්න බැහැ. රාජපක්ෂලා අවස්ථාව පැමිණි ගමන් තම විරුද්ධවාදීන්ට දරුණු ලෙස පහර දෙනවා.. මතකනේ ෆොන්සේකාට වුණුදේ? එම කාලයේ ආරක්ෂක ඇමතිකම සහ සේනාධිනායකකම දරපු නිසා සමහරවිට සහරාන් ප්‍රහාරයේ සම්පූර්ණ වගකීම ඔබතුමා පිට වැටෙන්න පුළුවන්...
අනේ පුදුම වදයක්නේ මෙයා දෙන්නේ..
මෙයා අනිත් පැත්තට පැන්නාම මේ අයව පාවලා දෙනවා... අර පැත්ත ඉඳලා මේ පැත්තට පැන්නාම අර අයව පාවලා දෙනවා, හැම වෙලාවේම මෙයා මොනවත් දන්නේ නැහැ...
අපේ ජනාධිපතිතුමාට අවශ්‍ය නම් අර්ජුන මහේන්ද්‍රන් අල්ලන් එන එක සුලුදෙයක්, විශාල රටක්වන මැලේසියාවේ කොටින්ගේ ආරක්ෂාව ඇතිව හැංගිලා හිටපු කොටි නායකයෙකු වන කේ. පි. නොහොත් කුමාර පද්මනාදන් අල්ලාගෙන ලංකාවට ගෙන එන්න පුලුවනම් , මහනුවර නගරය විතර විශාල සින්ගපුරුවේ ප්‍රසිද්ධියේ ජිවත්වන අර්ජුන මහේන්ද්‍රන් හොඳින් බැරිනම් නරකෙන් මෙහෙට ගෙන එන එක සුලුදෙයක් , ප්‍රශ්නෙකට තිබෙන්නේ ඔහු මෙහෙ ගෙනාවොත් මහා පක්ෂ දෙකේම සමහර ලොක්කන්ගේ රෙදි ගැලවෙනවා . එක නිසා කටත් ඔහු අවශ්‍ය වෙන්නේ චන්දෙට කලින් ඊට පස්සේ ඔහුගෙන් ඇති වැඩක නැහැ .
අත්සන් විසි තිස්දහස් ගණනක් ගහලා ඇඟිලිවල දියපට්ටා ආවා වගේ කෙප්ප කියලා දැන් කටෙත් දියපට්ටා එන්න පුළුවනි. පශු වෛද්‍ය වරයෙකුව වත් මුණ ගැහෙන්න!!