(ළහිරු හර්ෂණ )
අංගොඩ ජාතික බෝ වන රෝග විද්‍යායතනය අලුතින් ස්ථාපිත කරන ලද පරිගණකගත පරිලෝකන විකිරණ අංශය(සී.ටී ස්කෑන්) හා ගොඩනැගිල්ල විවෘත කිරීම අද(04) සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මැතිනියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
එම යන්ත්‍රය ස්ථාපිත කිරීමට ගොඩනැගිල්ලක් රෝහල් භූමිය තුළ නොමැති වූ බැවින් මොරටුව විශ්ව විද්‍යාලයේ 92/93 ඉංජිනේරු සංගමයේ සාමාජික සාමාජිකාවන්ගේ හා දෙස් විදෙස් පරිත්‍යාගශීලීන්ගේ මූල්‍ය දායකත්වයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සිවිල් ඉංජිනේරු සහ විදුලි ඉංජිනේරු යන අංශ වල ශ්‍රම දායකත්වයෙන් මෙම ගොඩ නැගිල්ල ඉදි කෙරිණි.
මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ, ජාතික බෝවන රෝග විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක, මොරටුව විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය කපිල පෙරේරා, නාවික හමුදාවේ නිලධාරීන් පිරිසක් ද, මොරටුව විශ්ව විද්‍යාලයේ 92 93 ඉංජිනේරු සංගමයේ සාමාජිකයින් පිරිසක් ද පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිප වැළඳගන්න චීන කාන්තාවක්... ඔතන නැති එකේ ඔතන ඉන්න නර්ස් නෝනා කෙනෙකු හරි සිප වැළඳ ගත්තේ නැත්තේ මොකද ?
අතිවිශිෂ්ටයි උත්කෘෂ්ටයි. !!! ඇස්වල දුර්වලතාවයක්ද කොහේදෝ. අර අපිට තියන්නයි කියලා කියන සමාජ දුරස්ථභාවය? ඇමති, අධ්‍යක්ෂක ජනරාල්, තව තව ලොක්කෝ ඒගොල්ලන්ට ඔය දුරස්ථභාවය මිලිමීටර් වලින්ද, සෙන්ටිමීටර් වලින්ද ,අඟල් වලින්ද, නැතිනම් වියත් වලින්ද මනින්නේ?
මෙතන මහත්වරු නිකන් කොන්ද පන නැති අය වගෙයි... නිකන් කෙලින් ඉන්නකෝ.