IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


’ඉකුත් දින පහේදී දවසකට කොරෝනා ආසාදිතයන් ලක්ෂයක්‘‘

අවසන් දින පහේදී ලොව විවිධ රටවලින් කොරෝනා ආසාදිතයන් ලක්ෂ පහකට වැඩි පිරිසක් හඳුනාගෙන ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්‍රෝස් අදනොම් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැසීය. 

ඉකුත් දින පහක කාලයේදී දෛනිකව ආසාදිතයන් ලක්ෂයක් බැගින් වාර්තා වූ බවත් හෙතෙම කීය. ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයේ නවතම තතු දැනුම්දීම සඳහා නිතිපතා පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ඒ බව කීය.
 
‘‘පසුගිය දින කිහිපයේදී ලොව අනෙක් සියලු රටවලින් වාර්තා වන ආසාදිතයන්ගේ ගණනට වඩා වැඩි ගණනක් ඇමෙරිකානු කලාපයෙන් වාර්තා වුණා. පසුගිය දින පහේදී, දවස ගාණේ ආසාදිතයන් ලක්ෂයට වැඩියෙන් වාර්තා වුණා. මධ්‍යම හා දකුණු ඇමෙරිකානු කලාපයට අපි වැඩි අවධානයක් යොමු කරනවා වගේම අපි ඉන්නේ කනස්සල්ලෙන්. 
 
ඒ කලාපයෙන් දිනපතා වාර්තා වන ආසාදිතයන්ගේ ගණන ශීඝ්‍ර වේගයකින් වැඩිවෙමින් තිබෙනවා. නැගෙනහිර මධ්‍යධරණී කලාපය, දකුණු හා නැගෙනහිර ආසියානු කලාපය මෙන්ම අප්‍රිකානු කලාපයෙන් වාර්තා වන ආසාදිතයන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙනවා’’ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා කීය.

රොයිටර් පුවත් සේවයට අනුව අද (4) පස්වරු 2.20 වනවිට උතුරු ඇමෙරිකානු කලාපයෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන 19,51,065ක් වූ අතර එම කලාපයෙන් වාර්තා වූ වයිරස ආසාදිත මරණ ගණන 1,14,573ක් විය.
 
ලතින් ඇමෙරිකානු කලාපයෙන් අද පස්වරු වනවිට වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන 11,42,953ක් වූ අතර මරණ ගණන 57,580ක් විය.
 
බ්‍රසීලය, පේරු, චිලී සහ මෙක්සිකෝ යන රටවලින් දිනපතා වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉතා වේගයෙන් ඉහළ යන අතර ආර්ජන්ටිනාව, බොලිවියාව, කොලොම්බියාව සහ හයිටියෙන් වාර්තා වන ආසාදිතයන්ගේ සංඛ්‍යාව ද ඉහළ යමින් තිබේ.
 
ලතින් ඇමෙරිකානු කලාපයේ වැඩිම බලපෑමක් එල්ල වී ඇති රට බවට පත්ව ඇත්තේ බ්‍රසීලය යි. බ්‍රසීලයෙන් අද පස්වරු වනවිට වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන 5,84,016ක් වූ අතර එරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත සමස්ත මරණ ගණන 32,548ක් ලෙස දැක්විණි.
 
ලොව දෙවැනියට වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ද බ්‍රසීලයෙනි.
 
රොයිටර්ස් පුවත් සේවයට අනුව අද පස්වරු වනවිට ලොවපුරා කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 65,27,365ක් ලෙස දැක්වුණු අතර කොරෝනා ආසාදිත සමස්ත ගෝලීය මරණ සංඛ්‍යාව 3,85,548ක් දක්වා ඉහළ ගොස් තිබිණි.
 
ද ගාඩියන්/රොයිටර්/.එෆ්.පී.

055

 



අදහස් (0)

’ඉකුත් දින පහේදී දවසකට කොරෝනා ආසාදිතයන් ලක්ෂයක්‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 731 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2391 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1755 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site