( රංජිත් රාජපක්ෂ)
පී.සී.ආර්. පරීක්ෂණයකට භාජනය කළ හැටන් දිඹුල ප්‍රාදේශීය මාධ්‍යවේදියාට කොවිඩ් - 19 වයිරසය ආසාදනය වී නොමැති බව දික්ඔය මූලික රෝහලේ විශේෂඥ වෛද්‍ය උපුල් රත්නසිරි මහතා පැවසීය.
කොවිඩ් - 19 වයිරසය ආසාදනය වී ඇතැයි මතුවූ සැකයක් හේතුවෙන් එම ප්‍රාදේශීය මාධ්‍යවේදියා පසුගියදා දික්ඔය මූලික රෝහලට ගොස් පී.සී.ආර්. පරීක්ෂණයක් කරගෙන තිබුණි.
මේ නිසා ඔහුත්, ඔහුගේ නිවසේ සිටි දෙදෙනෙකුත් පදිංචි නිවසේම දින 14ක ස්වයං නිරෝධායනයකට යොමුකිරීමට කොටගල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සහ දිඹුල පොලිස් නිලධාරිහු කටයුතු කළහ.
පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාව අනුව එම ප්‍රාදේශීය මාධ්‍යවේදියාට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී නොමැති බව තහවුරු වූ නිසා ඔහුත්, ඔහු ඇසුරු කළ අනෙක් දෙදෙනාත් ස්වයං නිරෝධායන කටයුතු වලින් ඉවත් කිරීමට සෞඛ්‍ය අංශ බලධාරීන් කටයුතු කර තිබේ.



(ඡායාරූප - ගාමිණි බණ්ඩාර ඉලංගන්තිලක)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සිද්ධියට අදාළ පුවතේදී නිරෝධායන නීති කඩපු අයගේ සායම හෝදලා යැව්වා. එහෙම කළේත්, වැරැදි කරපු නිසානේ. එහෙම නේද?
කොහොමත් සඳුදායින් පස්සේ කොරෝනා අසාදිතයින් බාහිර සමාජයේ නැහැ.. ඔක්කොම අර රණවිරුවන්ගේ පිටින්..
මහසෙන් මහත්මයා, සාමාන්‍යයෙන් රණවිරුවා ලෙස හඳුන්වනු ලබන්නේ යම්කිසි මෙහෙයුමකට සහභාගි වෙලා දක්ෂකම් දක්වලා වීරපදක්කමක් ලැබූ පුද්ගලයෙක්... සෑම සොල්දාදුවෙකුම රණවිරුවෙකු ලෙස හඳුන්වන්න බැහැ. යුද්ධය ඉවර වෙලා දැන් අවුරුදු 11ක් වෙනවා. සොල්දාදුවෙකු අවුරුදු 22ක සේවා කාලයකට පසු පැන්ෂන් යනවා. දැනට හමුදාවේ සේවය කරන සාමාන්‍ය සොල්දාදුවන්ගෙන් යුද්ධයට සහභාගි වෙලා තිබෙන්නේ 30% කටත් අඩු ප්‍රමාණයක්...
ඒකනේ. මම බැලුවා එහෙම වෙන්න බෑනේ