කොරෝනා වයිරසයෙන් 560ක් මිය ගිහින් - 28,000ක් ආසාධිතයි කොරෝනා වයිසරයෙන් මිය ගිය සංඛ්‍යාව මේ වනවිට 560 දක්වා ඉහළ ගොස් ඇත. 06 February 2020
රියදුරු බලපත්‍ර සඳහා වෛද්‍ය සහතික රජයේ රෝහල්වලින් සැහැල්ලු වාහන සඳහා රියදුරු බලපත්‍ර ලබාදීමේදී අවශ්‍ය වෛද්‍ය සහතික රජයේ රෝහල් මගින්ද නිකුත් කිරීමට රජය තීරණය කර ඇත. 05 February 2020
ලංවීමට ඉන්ධන දීමේ ණය සීමාව වැඩි කරයි ලංකා විදුලි බල මණ්ඩලයට ඛණිජ තෙල් සංස්ථාවෙන් ඉන්ධන ලබාදීමේ ණය සීමාව රුපියල් කෝටි දසදහස දක්වා වැඩි කිරීමට කැබිණට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇත. 05 February 2020
ප්‍රදේශ කිහිපයකට 7 වැනිදා ජල සැපයුම අත්හිටුවයි කැළණි ගඟ දකුණ ඉවුර ජල ව්‍යාපෘතියේ අත්‍යාවශ්‍ය වැඩි දියුණු කිරීමක් හේතුවෙන් පෙබරවාරි මස (07) සිකුරාදා දින පෙරවරු 9.00 සිට පැය 18 ක කාලයක් පහත ප්‍රදේශයන් සඳහා ජල සැපැයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කරයි. 05 February 2020
පාකිස්තානු ගුවන් හමුදාපති දිවයිනට ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ ආරාධනයක් මත පාකිස්තානයේ ගුවන් හමුදාපති මුජාහිඞ් අන්වර් ඛාන් මහතා අද (5) රාත්‍රියේ මෙරටට පැමිණේ. 05 February 2020
උදාගම් වල නිවාස සෑදීමේදී ප්‍රචාරණයට කෝටි 100 ක් වැයවෙලා පසුගිය රජයේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය උදාගම් වැඩ පිළිවෙළ යටතේ නිවාස නව දහසක් සෑදීමේ ප්‍රචාරණ කටයුතු සඳහා රුපියල් කෝටි 100 ක් වියදම් කර ඇතැයි නිවාස රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පාර්ලිමේන්තුවේදී අද (05) පැවසීය. 05 February 2020
සිරගතව සිටි තවත් 5 කට ජනපති සමාව සුළු වැරදි හේතුවෙන් සිරගතව සිටි ආරක්ෂක අංශ වල සාමාජිකයින් 5 දෙනෙකුට අද (05) ජනාධිපති සමාව හිමි වී තිබේ. 05 February 2020
‘‘බැදුම්කර වංචාව ගැන නීතිපතිවරයා අවශ්‍ය පියවර ගතයුතුයි‘‘ බැදුම්කර වංචාව හා අදාළ වෝහාරික විගණන සම්බන්ධව මහබැංකුව හා නීතිපතිවරයා අවශ්‍ය නීතිමය පියවර ගතයුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (05) ප්‍රකාශ කළේය. 05 February 2020
රංජිත් මද්දුම බණ්ඩාර එ.ජා.ප නව සන්ධාන මහලේකම් ධුරයට එක්සත්ජාතික පක්ෂය ප්රමුඛ නව සන්ධානයේ මහලේකම්වරයා ලෙස මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පත් කර තිබේ. 05 February 2020
වීදි සිත්තම් ඇඳි සිත්තරුන්ට සම්මාන ඉකුත් සමයේ තාප්ප, බස්නැවතුම්, පාලම් කණු ඇතුළු ස්ථානවල වීදි සිතුවම් ඇඳි සිත්තරුන් අතරින් හොඳම සිතුවම් හා සිත්තරුන් තෝරා ත්‍යාග හා සම්මාන පිදීමේ වැඩපිළිවෙළක් පරිසර රාජ්‍ය අමාත්‍යංශය ආරම්භ කර ඇත. 05 February 2020
ශ්‍රී ලංකන් ගුවන් සේවය චීන ගුවන් ගමන් හෙට සිට සීමා කරයි ශ්‍රී ලංකන් ගුවන් සේවය හෙට (06) සිට චීනයට සඳහා ගුවන් ගමන් වාර අඩු කිරීමට තීරණය කර ඇත. 05 February 2020
චීනයේ වූහාන් සිට පැමිණි 33 දෙනාගේ සෞඛ්‍ය තත්ත්වය තවම යහපත් චීනයේ වුහාන් සිට මෙරටට පැමිණ දියතලාවේ රදවා සිටින ශි්රලාංකයින් 33 දෙනාගෙන් අද (5) දිනය වනතෙක් ම කෙරෝනා වෛරසයේ කිසිදු රෝගී ලක්ෂණයක් පහළ වී නොමැති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බි්රගේඩියර් චන්දන වික්‍රමරත්න මහතා පැවසීය. 05 February 2020
’කොරෝනා’ යැයි සැක කරන තරුණියක් බදුල්ල රෝහලට කොරෝනා වයිරසයේ රෝග ලක්ෂණ ඇතැයි සැකකරන තරුණියක් අද (5) සවස බදුල්ල මහරෝහලේ විශේෂ ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කළ බව රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය. 05 February 2020
තිළිණ ගමගේ ගොනු කළ පෙත්සම විභාගයට නොගෙනම නිශ්ප්‍රභ කරයි අනිවාර්ය නිවාඩු යවා සිටින මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ගොනු කළ පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (5) තින්දු කළේය. 05 February 2020
කැබ් රියක් පොලිසියට කඩා වදී - කතක් මරුට කැබ් රථයක් පාපැදියක ගැටී වවුනියාව නියෝජ්‍ය පොලිස්පති කාර්යාල භූමියට ද කඩා වැදීමෙන් සිදු වූ අනතුරකින් අද(05) පාපැදියේ ගමන්ගත් කාන්තාවක් මිය ගොස් ඇතැයි වවුනියාව පොලිසිය පවසයි. 05 February 2020
’නිදහස් දිනය දා ජනපතිගේ කතාව හොඳයි - ඒත් වැදගත්වෙන්නේ ක්‍රියාවයි’ නිදහස් දින උළෙලේ දී ජනාධිපතිතුමා කළ කතාව හොඳ බව තමා පිළිගන්නා නමුත් වඩා වැදගත් වන්නේ කියන කතා නොව කරන ක්‍රියා යැයි එක්සත් ජාතික පෙරමුණු රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන මහතා පැවසීය. 05 February 2020
නගර ශාලාව අවට තදබදයක් කොළඹ නගර ශාලාව අවට දැඩි වාහන තදබදයක් හටගෙන ඇති බව පොලිසිය පවසයි. 05 February 2020
කෝප්-කෝපා කමිටු සාමාජිකයෝ නම් කෙරෙති රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේ සහ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ සාමාජිකයන් ලෙස තෝරා ගත් ඇමැතිවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් ප්‍රකාශයට පත් කිරීම අද ( 05) පාර්ලිමේන්තුවේදී සිදු කෙරිණි. 05 February 2020
උතුරුමැද රැකියා විරහිත උපාධිධාරීහු වීදි බසිති උතුරු මැද පළාතේ රැකියා විරහිත උපාධිධාරිහූ තමන්ට රැකියා ලබාදෙන ලෙස ඉල්ලා අද (05) අනුරාධපුරයේ පළාත් සභා සංකිර්ණය ඉදිරිපිටදි උද්ඝෝෂණයක නිරත වුහ. 05 February 2020
කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සඳුදා තෙක් කල් යයි එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම ලබන සඳුදා (10) දක්වා කල් දමා ඇතැයි සිරිකොත පක්ෂ මූලස්ථානයේ ප්‍රකාශකයෙක් පැවැසීය. 05 February 2020
ලියාපදිංචි නොවූ ඖෂධ කිහිපයක් ගාල්ලෙන් සොයාගනී ගාල්ල නගරයේ ඖෂධ ශාලා පරික්ෂාවකදී ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොවු බවට සැකකරන ඖෂධ වර්ග කිහිපයක් සොයාගත් බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ප්‍රියන්ත ජීවරත්න මහතා පැවසීය. 05 February 2020
පුජිත්ට-හේමසිරිට ඇප හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර යන මහත්වරුන්ට කොළඹ මහාධිකරණය අද (05) ඇප ලබා දුන්නේය. 05 February 2020
කන්කසන්තුර මුහුදු සීමාවෙන් කේරල ගංජා තොගයක් සොයාගනී කන්කසන්තුරය මුහුදු සීමාවේ මුහුද අභ්‍යන්තරයේ සඟවා තිබූ කේරල ගංජා කිලෝ 157ක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 05 February 2020
කොරෝනා වයිරසයෙන් 492ක් මිය ගිහින් චීනයේ ව්‍යාප්තව ඇති කොරෝනා වයිරසය හේතුවෙන් මරණයට පත්වූ සංඛ්‍යාව මේ වන විට 492දක්වා ඉහළ ගොස් තිබේ. 05 February 2020
පැය දෙකක් විදුලිය විසන්ධි කිරීමේ සිද්ධිය ගැන පරීක්ෂණයක් කිසිඳු අවසරයකින් තොරව ඊයේ (03) හදිසියේ පැය දෙකක පමණ කාලයක් විදුලිය විසන්ධි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. 04 February 2020
හමුදා සේවය හැර ගිය අයට පොදු සමාකාලයක් හමුදා සේවය හැරගොස් සිටින හමුදා සාමාජිකයන් වෙනුවෙන් හෙට (05) දින සිට (12) දින දක්වා පොදු සමාකාලයක් ප්‍රකාශයට පත්කර ඇති බව හමුදාව පවසයි. 04 February 2020
‘‘නැගෙනහිර ආසියානුවන්ට වෙනස්කම් කිරීම කනගාටුවට කරුණක්‘‘ ශ්‍රී ලංකාවේ සිටින චීන, ජපාන සහ දකුණු කොරියානු ජාතිකයන් ඇතුළු නැගෙනහිර ආසියානුවන්ට වෙනස්කම් කිරීම කනගාටුවට කරුණක් යැයි කතානායක කරු ජයසූරිය මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි. 04 February 2020
ලෝක පිළිකා දිනය අදයි පිළිකාව මේ වනවිට ප්‍රධාන බෝ නොවන රෝගයක් වන අතර ලෝකය පුරා සිදුවන මරණ හතකින් එක් මරණයක් පිළිකා හේතුවෙන් සිදුවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. 04 February 2020
‘‘ශ්‍රී ලංකාවේ ආණ්ඩු කළ දෙපාර්ශවයම දූෂිතයි‘‘ ප්‍රකාශයට පත් කෙරෙන සෑම වාර්තාවකින්ම ශ්‍රී ලංකාවේ ආණ්ඩු කළ දෙපාර්ශවය කොතරම් දූෂිත ද යන්න අනාවරණය වන බවත් එම නිසා සමස්ත පද්ධතියම කඩිනමින් පිරිපහදු කළ යුතු බවත් කතානායක කරු ජයසූරිය මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි. 04 February 2020
ජනපතිගේ නිදහස් දින කතාව මංගල අගය කරයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (4) නිදහස් දින උත්සවයේදී කළ කතාව අගයමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කර ඇත. 04 February 2020
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026