නීති විරෝධිව ගෙන්වු කහ තොගයක් රේගු බාරයට
තිරිගු පිටි යැයි කියා නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ සිට කොළඹ වරායට ගෙනැවිත් තිබූ රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක් (1,50,00,000) වටිනා කහ කුඩු තොගයක් අද (04) උදෑසන ඔරුගොඩවත්ත බහාලුම් අංගනයේ දී ශ්‍රී ලංකා රේගුවේ අවදානම් කළමනාකරණ ඒකකයේ නිලධාරීන්ගේ බාරයට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය.