ලාංකිකයින් 68,000 ක් ලංකාවට පැමිණීමේ බලාපොරොත්තුවෙන්
කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ විදෙස් රටවල අගුලු දැමීම්, හුදකලා කිරීම්, ඇඳිරි නීතිය සහ ගුවන් අවකාශය වසා දැමීම් හමුවේ අසරණව සිටින තවත් ශ්රී ලාංකිකයින් 68,000ක පමණ පිරිසක් දිවයිනට පැමිණීමේ අපේක්ෂාවෙන් පොරොත්තු ලේඛනගතව සිටින බව විදේශ අමාත්යාං ශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා අද(03) පැවසිය.