(ටී.කේ.ජී.කපිල)

රුසියාවේ නිෂ්පාදිත"ස්පුට්නික් - V එන්නතේ දෙවන මාත්‍රාව ලෙස යොදා ගැනීමට, එම එන්නත් මාත්‍රා 15,000 ක්  අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ .

මෙම එන්නත් තොගය මුලින්ම රුසියාවේ මොස්කව් නුවර සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත ගුවන් මගින් රැගෙන විත් තිබුණි .

ඉන් පසුව එතැන් සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 2528 දරන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය මගින් අද අලුයම 12.15 ට කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණි .

පසුව මෙම එන්නත් තොගය ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ විශේෂ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් , ඔවුන්ගේ කොළඹ පිහිටි මධ්‍යම ඖෂධ ගබඩා සංකීර්ණය වෙත රැගෙන ගොස් තිබේ