
(ජයරත්න වික්‍රමආරච්චි සහ එච්.චන්දන)
කරුවලගස්වැව - කුඩාමැදවච්චිය ප්‍රදේශයේ අතහැර දැමූ ලිදක වැටී සිටි වන අලි කෙනර පැටිවකු මුදා කැලයට මුදා හැරි බව කරුවලගස්වැව වනජීවී කාර්යාලය පවසයි.
ප්‍රදේශවාසීන්ගේ දැනුවත් කිරීම මත අද සවස මෙම කෙනර පැටියා වනජිවී නිළධාරින් හා ප්‍රදේශවාසීන්ගේ උත්සහයෙන් විශාල පරිශ්‍රමයක් දරා ගොඩට ගැනීමට හැකි වී ඇත.
වයස අවුරුදු 02 ක පමණ වියැති මෙම කෙනර පැටියා, වන අලි රංචුව සමග ලිද ආසන්නයේ ඇති තල්ගස්වල ගෙඩි කෑමට පැමිණ මෙම ලිදට වැටී ඇති බව සැකකෙරෙන බවත් , දින කිහිපයක් නිරහාරව සිටි ඇති බවයි වනිජීවී නිළධාරිහු පවසති.
(ඡායාරූප එච්.චන්දන)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයට සහබාගි වෙච්ච සියලු දෙනාට බොහොම පිං.