(මනෝප්රිය ගුණසේකර)
වී, සහල්, සීනී, ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැඟවීම්, අධික මිල ගණන් වලට අලෙවි කිරීම තහනම් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට හදිසි නීතී රෙගුලාසි පනවනු ලැබීය.
මෙම කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා අත්යවශ සේවා කොමසාරිස් ජනරාල්වරයා වශ්‍යයෙන් මේජර් ජනරාල් එම්.ඩී.එස්.පී. නිවුන්හැල්ල මහතා පත් කොට ඇත.
මහජන ආරක්ෂක පනත යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව අත්‍යවශ්‍ය ආහාර සැපයීමට අදාළ හදිසි නීතී රෙගුලාසි මෙලෙස ප්‍රකාශයට පත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් මඟින් දැනුම් දී ඇත.
වී, සහල්, සීනී, ඇතුළු අත්‍යවශ්‍ය ආහාර තොග සැඟවීම්, අධික මිල ගණන් අයකිරීම මඟින් පාරිභෝගික ජනතාව අපහසුතාවයට පත් කරන වෙළඳ පොළ අක්‍රමිකතා වැළැක්වීම සඳහා රජයේ සහතික මිලට හෝ රේගුවේදී ආනයන කළ මිල ගණන් පදනම් කරගෙන වී, සහල්, සීනී, ඇතු`ථ අත්‍යවශ්‍ය ආහාර තොග මිලදී ගෙන ජනතාවට සාධාරණ මිල ගණන් වලට ලබා දීමට බලයලත් නිලධාරීන් කටයුතු කිරීමටත්, රාජ්‍ය බැංකු වලින් තොග මිලදී ගැනීමට ලබාදී ඇති ණය, ණය ලබාගත් අයගෙන් අයකර ගැනීඹටත් හැකිවන පරිදි මෙම හදිසි නීතී රෙගුලාසි පනවනු ලැබු බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කොට ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු ගණනාවක්ම අපේ රටේ සිද්ධ වෙන්නෙ හොර කම් වංචාවන්. නිෂ්පාදන ලාබය නිෂ්පාදකයටත් නෑ, පාරිභෝගිකයටත් නෑ. අතරමැදි නඩව අසාමාන්‍ය විදිහට ගසා කනවා. දැඩි නීති රීතිවලින් තොරව රට නිවැරදි මගට ගන්න බෑ
මෙයා දැන් ඔය වගේ ගැසට් කොච්චර ගහලා තියෙනවද? හාල්වලටම කීයක් ගැහුවාද? වැඩක් වුණාද?. මේවා බොරු වැඩ... කාටත් එක නීතියක් තියෙන රටක්ද මේක..? අපි මේ ගොයියාගෙන් ඒක නේද බලාපොරොත්තු වුනේ...? මොනවද මෙයා රට පාලනය කරන්න ගත්තු ගමන් කළේ...? නඩු කප්පරක් තියෙන හොරු ටිකට ඇමැතිකම් දුන්නා. හැබැයි ස්ටේජ් වල කිව්වේ චෝදනා තියෙන කෙනෙකුට ඇමතිකම් දෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ දැම්මා බොරු ෂෝ ටිකක්..., පැන්න පාස් පෝට්, RMV එකට ... අපි හිතුවා නියම වැඩ කාරයා දැන් තමයි කරලියට ආවේ කියලා, අනේ ඒ තැන්වල වැඩ එහෙමමයි. දැන් තේරෙනවා මෙයා බොරු ෂෝ කාරයෙක් කියලා. හාල් මාෆියාව කුඩු පට්ටම් කරනවා කිව්ව අපේ විරුවාගේ ආමිකාර ගෝලයාට කුඩුවෙන්න දුන්නේ සිරිසේනයි.. අනේ අපි රැවටුණා. දැන් තමයි තේරෙන්නේ අම්මා, තාත්තගේ සොහොන් කෝටි ගණන් මේ දුප්පත් රටේ, දුප්පත් මිනිසුන්ගේ සල්ලි වියදම් කරලා හදපු මිනිහෙක්ව විශ්වාස කරපු සාපය. මේ ශාපය අපි අවුරුදු 73ක්ම වින්දා හැම එකා යටතේම...
මේ රටේ දුප්පත් සහ මධ්‍යම පාන්තික ජනතාව මේ තරම් දුක් විඳින්නේ මාසිකව ලක්ෂ එක හමාරට වඩා වැටුප් ලබන උදවියගෙන් අය කරගනු ලබන අදායම් බදුමුදල ප්‍රමාණවත් නොවීම නිසයි. මෙම ඉහළ වැටුප් ලබන සේවකයින්ගේ අත ඇති මුදල් අතිරික්තය නිසාම ඔවුන් මිල අධික සුඛෝපභෝගී වාහන, ජංගම දුරකථන මිල අධික අත් ඔරලෝසු මිලට ගැනීම නිසා මෙරට මුදල් පිටරටට ගලා යෑම නිසා ඩොලරය ඉහළ යනවා. එවිට බඩු මිල ඉහළ යනවා. එතකොට අසරණ මිනිසුන් කබලෙන් ලිපට වැටෙනවා. අන්තිමට බැලුවාම පෝසතාගේ මිලදී ගැනීම් වලට දුප්පතා බදු ගෙවනවා වගේ පෙනෙන්නේ.. බැසිල් මැතිතුමනි, ලක්ෂ එක හමාරට වඩා අදායම් උපයන අයට අධික බදු පනවන මෙන් ඉල්ලා සිටිනවා. එවිට සුඛෝපහෝගී භාණ්ඩ මිලටගෙන රුපියල බාල්දු කරන ලද පාර්ශවයට තරමක හෝ බලපෑමක් ඇති කරවන අතර රුපියල නැවත පණ ලැබී අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල අඩු වී දුප්පතාට සහනයක් ලැබෙනු ඇත...
සියළු දේවල් සහ ඉලක්ක නීති රීති වලින් පමණක් ඉටුකර ගැනීමට නොහැකිය. භාණ්ඩ සුලභ කිරීම තුළින් තරගකාරීත්වය ඇතිකර මිල පහල යෑමට සලස්වන්න.