(නිමන්ති රණසිංහ)
ඖෂධ පිළිබඳව මාධ්‍ය සාකච්ඡාවක දී කළ විග්‍රහයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාට හෙට 31 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට එම දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.
ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව සම්බන්ධයෙන් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා කරන ලද මාධ්‍ය සාකච්ඡාවකට අදාළව මෙම ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා හෙට 31 උදෑසන 8:00 වන විට පෙනී සිටින ලෙසට ඔහුට දැනුම් දුන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකු පැවසීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය රසිත විජේවර්ධන මහතා සහ ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ සභාපති උත්පල චන්ද්‍රවංශ මහතා විසිනි.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත වාර්තා මකාගෙන මකා දැමීමේ සිද්ධිය මෙන්ම ඖෂධ නිෂ්පාදනය පිළිබඳව වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව මෙම කැඳවීම සිදු කළ බව ද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා හරියටම කවුද කියලා තාම කියන්න බෑ. තව ටිකක් බලමු
බෙහෙත් වල ගුණාත්මකභාවය අනිවාර්යයෙන්ම තිබිය යුතුයි (සමහර බෙහෙත් වල මිල වැඩි නිසා) ......ජයරුවන් බන්ඩාර මහතා ප්‍රකාශ කල කරුනු සොයා බලා අසරන රෝගීන් හට සාදාරනයක් විය යුතුයි ...
වැඩි මිල ගනන් වලට අලෙවි කරන බෙහෙත් වල ගුණාත්මක බව පැහැදිලි විය යුතුයි .............ජයරුවන් බන්ඩාර මහත්මා කල ප්‍රකාශ ගැන සොයා බලා අසරන රෝගීන් හට සාධාරණයක් කල යුතුයි ...
ඇත්ත කියන අය සී.අයි ඩී එකට . කඩේ යන අයට උසස්වීම් . පුදුම රටක් මේක .
කුම්බලා මාළු කෑවානම් විඳවාපන් බළලෝ කියලා කථාවක් තියෙනවා.
කවුරු උනත් මොකෝ සැඟවුනු ඇත්ත හෙලි කරනවා නම්.
ආණ්ඩුව ලැජ්ජා වෙන්න ඕනා ඇත්ත කියන කෙනාව ගෙන්නලා ප්‍රශ්නකරන එකට. එයින් ඔප්පු වෙන්නේ ඇත්ත දැනගැනීමට ආණ්ඩුවට යාන්ත්‍රණයක් නැති බවයි.
මේවා සහගහන අපරාද, ජයරුවන් බණ්ඩාර කියන්නේ සට්ටැඹියෙක් නෙමෙයි.., ජනතාවට ආදරේ මිනිහෙක්.. හොඳ දොස්තර මහත්තයෙක්... පැමිණිලිකාරයා වියත් මගේ බොරු ෂෝ කාරයෙක් කියලා රටම දන්නවා...
මේ දොස්තරට තිබුණේ මිනිහෙක් මරන්න. එහෙනම් නිදොස් කරලා සභාපති කමකුත් ගන්න තිබුණා.
මොලේ කොහේද තිබෙන්නේ. කිව්වේ ඇත්තද කියලා බලා ගන්න තමයි CID යට එන්න කිව්වේ... අදාළ පුද්ගලයා මොනවා හරි දන්නා නිසානේ කිව්වේ. කිව්වා එක්කෙනා බලපොරොත්තු වුනේ එයාගේ ප්‍රකාශයෙන් පස්සේ රජය ක්රීයාත්මක වෙයි කියලා. ඔන්න පලවෙනි පියවර...
එක පෙත්තක්වත් විකුණලා නැත්නම් මෙයා කොහොමද කියන්නේ බීපු මිනිස්සු බාලයි කිව්වා කියලා... හොරෙන් දීලාද? සභාපතිකම් නැතිවෙද්දී බෙහෙත් සමාගම්වලින් ගත්තු කොමිස්වලට කෙළවෙද්දී මාර කේන්තියි වගේ..
කවුරු හරි හිතනවා ඇති මෙයා ඇත්ත කියන වීරයෙක් කියලා. එතකොට මෙයා දැන් ඇත්ත කියන්න ගත්තේ ඇයි? ඉස්සර කට වහගෙන හිටියේ ඇයි? මෙයා රාජිත උන්නැහේගේ ගෝලයෙක් වෙන්න ඇති. ඒකයි මේ සියලු නාටක...