
(ඉන්දිකා රාමනායක, සුමිත් ප්‍රේමතිලක සහ තුසිත කුමාර ද සිල්වා)
හොරොයින් කිලෝ 290 ක තොගයක් ගැඹුරු මුහුදේ සිට ගොඩබිම වෙත ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් පස් දෙනෙක් අද (31) අලුයම බේරුවලට ආසනන ගැඹුරු මුහුදු ප්‍රදේශයෙ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
රාජ්‍ය බුද්ධි සේවය ලබා දුන් තොරතුරකට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාශය හා නාවික හමුදාව එක්ව මෙම වැටලීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් බලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් හෙරොයින් තොගය දැනට බේරුවල වරාය වෙත රැගෙන රැගෙන විත් ඇත.
(ඡායාරූප සුමිත් ප්‍රේමතිලක)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුහුදට බෝට්ටු දාන්න කිසිම නියාමනයක් නැහැ. කැමති තැනකින් දාන්න පුළුවන්... කැමැති වෙලාවක එන්න පුළුවන්... ඉතින් කොහොමද කුඩු පාලනය කරන්නේ? කොවිඩ් හදාගෙන එනවද, නැද්ද කියන්න දන්නෙත් නැහැ...
කුඩු දුමින්ද ...!
මෙවැනි වැටලීම් සිදු කරන ඒක හොදයි