
(නිමන්ති රණසිංහ)
කොවිඩ් ආසාදිත බෞද්ධ භික්ෂූන් වහන්සේලා සඳහා පළමුවරට “කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක්” කොළඹ විජේරාම මාවතේ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේදී අද (30) ආරම්භ කෙරිණී.
මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය අද (30) පෙරවරුවේදී විවෘත වූයේ, කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහ යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී සුජීවා නෙල්සන් මැතිණියගේ ප්‍රධානත්වයෙනි.
මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය සියලුම වෛද්‍ය උපකරණවලින් සමන්විත වන අතර, කොවිඩ් ආසාදිත බවට හදුනාගත් භික්ෂූන් වහන්සේලා අසූ හතරනමක් සඳහා නේවාසිකව ප්‍රතිකාර ලබාදිය හැකි පහසුකම් සහිත කාමර 45කින් යුක්තය.
ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමිපාණන් විසින් කරනු ලැබූ ඉල්ලීමකට අනුව යුද්ධ හමුදාධිපතිවරයාගේ උපදෙස් මත යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මගපෙන්වීම යටතේ යුද්ධ හමුදා ශ්‍රම දායකත්වයෙන් දින කිහිපයක් තුළ මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය පිහිටවූ බව යුධ හමුදාව සදහන් කරයි.
මෙම අවස්ථාව සබැඳි ඡායාරූප මේ සමග ඉදිරිපත් කරනු ලැබේ.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඔව් අනිවාර්යෙන් ඒතකොට තමයි මේක බෞද්ධ රටක් කියලා මතක් වෙන්නේ
මහා සංඝරත්නය යනු ගිහි අපට පිං කෙතයි. එය රැක ගත යුතුය
මහා බෞද්ධ භික්ෂූන් වහන්සේලා කිව්වේ අපේ, බණට, දානෙට, පාංශුකූලෙට වඩින, අපට බණ කියන හාමුදුරුවන්ටද? නැතිනම් ඡන්ද රැස්වීම්වල මරහඬ තලන, තාප්ප ගේට්ටු වල නැගගෙන එව්වා පෙරළන්න හදන, එහෙමත් නැතිනම් වෘත්තීය සමිතිවල වැඩ මිසක් බණකට, දානෙකට නොවඩින, හාමුදුරුවන්ටද?