(සුජිත් හේවාජුලිගේ)
පැරාලිම්පික් උළෙලේදී හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනා ගත් ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුවේ සැරයන් දිනේෂ් ප්‍රියන්ත හේරත් මහතා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් බලලත් නිලධාරි(2) (වොරන්ට් ඔෆිසර්) නිලයට අද උසස් කරනු ලැබීය .
ඔහු එම නිලයට උසස් කරනු ලැබුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න යන මහත්වරුන්ගේ අනුමැතිය මත යැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
ඔහු රටට අත් කර දුන් ගෞරවය අගය කරමින් මෙම නිලය පිරිනැමූ බවද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.
දිනේෂ් ප්‍රියන්ත හේරත් මහතා යුදහමුදාවේ මෙතෙක් දැරුවේ සැරයන් නිලයයි. එම තනතුරේ සිට තවත් තනතුරු දෙකක් පසුකර මෙම නව තනතුරට ඔහු උසස් කරනු ලැබ සිටියි.
ප්‍රියන්ත හේරත් 2016 පැරාලිම්පික් උළෙලේදී එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මනුස්සයා ලංකාවට එනකන් පොඩ්ඩක් ඉන්නවද ලකුණු දාගන්නේ නැතුව
රටට ලබා දුන් රන් පදක්කමටත් , ඔබට ලැබුණු උසස් වීමටත් සුබ පැතුම්!
පලවෙනි වතාවට අපිට රන් පදක්කමක්, විශාල සතුටක්.
සුබපැතුම්... අද රටට කීර්තියක් ගෙන දෙන්න ඉතිරිවෙලා ඉන්නේ ආබාධිත රණවිරුවන්... හොඳට අතපය තියෙන අය රටට, ජාතියට ගෙන දෙන්නේ අපකීර්තියයි...
ලංකා මාතාව රුදුරු ත්රස්තවාදීන්ගෙන් බේරා ගැනුමට තම ජීවිතය මෙන්ම ශරීර අවයවයන්ද පූජා කලේ විරෝදාර රණවිරුවන්ය. ලංකා මාතාවගේ නම ලෝකය ඉදිරියේ බබලවන්නටත් එම රණවිරුවන්ම මූලිකත්වය ගැනීම කොතරම් අපූරුද? පුතේ නුඹට යහපතක්ම වේවා ..!! නුඹව මෙලොවට බිහි කළ ඒ ආදරණීය අම්මාටද අපගේ හදපිරි සතුට ප්‍රකාශ කරන්නෙමු.... "තම ශරීරයන්හි අවයවයන්වල කිසිඳු අඩුපාඩුවක් නොමැතිව ඔලිම්පික් තරගයට සහභාගි වූ මෙන්ම ඉදිරියේදී එසේ සහභාගි විමට බලාපොරොත්තු වන සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මොහුව හොඳම ආදර්ශයක් වේවා...!!!
මා දන්නා හමුදා නීනීරීති වලට අනුව සෙසු නිලයන්ගේ නිල උසස්වීම් දීමට ආරක්ෂක ලේකම් හෝ ජනාධිපතිතුමාගේ අනුමැතිය අවැසි නැහැ. අධිකාරි ලත් නිලධාරීන්ගේ නිල උසස්වීම් වලට තමයි ඒ අයගේ අනුමැතිය අවැසි වන්නේ...
සුබ පැතුම් ඉදිරිය ජය වේවා
ඔබ පළමු වතාවට ශ්‍රී ලංකාවට රන් පදක්කමක් ගෙනාවා. මහත් සතුටක්. සුබපැතුම් දිනේෂ්...!
සුබපැතුම්
සුබ පැතුම්