(අජන්ත කුමාර අගලකඩ)
ගුරු විදුහල්පති වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ඇමති අනුකමිටු වාර්තාව පිළිගත් කැබිනට් මණ්ඩලය එම යෝජනා අයවැය ලේඛනයට ඇතුළත් කරන තෙක් ,ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට රුපියල් 5,000ක මාසික දීමනාවක් ගෙවීමට යෝජනා කර ඇතැයි වාර්තා වේ .
එම 5000 දීමනාව මාස දෙකක කාලයක් ලබා දීමට මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා අද රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී එකඟතාව පළ කළ බවද ආරංචි මාර්ග සඳහන් කරයි
එබැවින් ,මාර්ගගත ක්‍රමයට ඉගැන්වීමේ කටයුතු නැවත ආරම්භ කරන්නැයි ගුරුවරුන්ගෙන් ඉල්ලීමක් කිරීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි වාර්තා වේ .
වැටුප් විෂමතා ඉවත් කරන්නැයි ඉල්ලා ගුරුවරුන් මෙයට සති කිහිපයකට ඉහතදී මාර්ගගත ක්‍රමයට ඉගැන්වීමේ කටයුතු වලින් ඉවත්වූ අතර ,ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් සොයා බලා කැබිනට් මණ්ඩලයට වාර්තාවක් ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා විසින් ඇමතිවරුන් සිවුදෙනකුගෙන් යුත් කමිටුවක් පත්කරනු ලැබීය.
ඩලස් අලහප්පෙරුම, ප්‍රසන්න රණතුංග,විමල් වීරවංශ සහ මහින්ද අමරවීර යන ඇමැතිවරු එම කමිටුවේ සාමාජිකයන් ලෙස කටයුතු කළහ.
ඇමතිඅනු කමිටුව විදුහල්පති හා ගුරු සංගම් සමඟ සාකච්ඡා කර කැබිනට් මණ්ඩලයට වාර්තාවක් ඉදිරිපත් කළ අතර,එය අද පැවති කැබිනට් රැස්වීමේදී සාකච්ඡාවට ගෙන මෙම තීරණ ගත් බව වාර්තා වේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෝ! වැඩී.
ආණ්ඩුවෙන් දෙන්නේ මෙච්චරයි... කෝ ජෝෂප් ස්ටාර්ලින්? පුළුවන් නම් වැඩ පෙන්නන්න...
ඉතාම කාලෝචිත පියවරක්. තව යම් සහනයක් දෙන්න පුළුවන්නම් සහනදායී මිලකට ලැප්ටොප් පරිගණක සහ අන්තර්ජාල පහසුකම් වඩාත් හොඳයි...
ගුරුවරු 5000ක් ඉල්ලුවේ නැත... යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ ප්රතිඑලය...