
ඉන්දියාවේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස මිලින්ද මොරගොඩ මහතා නවදිල්ලි නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ දී අද (30) වැඩ භාරගත්තේ ය.
ආචාර්ය නියන්ගොඩ විජිතසිරි අනුනාහිමි, මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත අනුනාහිමි, ත්‍රිකුණාමලයේ ආනන්ද මහ නාහිමි, මහාචාර්ය කොල්ලුපිටියේ රාහුල අනුනාහිමි සහ මහාබෝධි සමාජයේ මහලේකම් පැලවත්තේ සීවිලා නායක හිමි යන හිමිවරුන්ගේ පිරිත් සජ්ඣායනා මධ්‍යයේ මිලින්ද මොරගොඩ මහතා ධුරයේ රාජකාරි ආරම්භ කළේ ය.
මහා සංඝ රත්නය සූම් මෘදුකාංගය ඔස්සේ මෙම අවස්ථාවට එක්වෙමින් පිරිත් සජ්ඣායනා කළහ.
ධුරයේ වැඩ භාරගැනීමේ පසු මහ කොමසාරිස්වරයා මහ කොමසාරිස් කාර්යාලයේ කාර්යමණ්ඩලය ඇමතූ අතර ශ්‍රී ලංකාවේ අභිලාෂ සහ ශ්‍රී ලංකාව - ඉන්දියාව අතර සම්බන්ධතා ඉහළ මානයකට ගෙන යෑම සඳහා එක් කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කරන ලදි.
මෙම රැස්වීමේදී මිලින්ද මොරගොඩ මහතා සිය නිල ප්‍රතිපත්ති රාමුව ද ප්‍රකාශයට පත් කළේ ය.
ඉන්දියාවේ ශ්‍රී ලංකා දූත මෙහෙයුම මඟින් 2021/2023 කාලයේ දී මෙරට උපායමාර්ග ක්‍රියාත්මක කිරීම යන අදහස ඇතිව “ඉන්ටග්‍රේටඩ් කන්ට්‍රි ස්ට්‍රැටර්ජි ෆෝ ද ශ්‍රී ලංකා ඩිප්ලෝමටික් මිෂන්ස් ඉන් ඉන්දියා 2021/2023” යනුවෙන් එම උපායමාර්ගය නම් කර ඇත.
ඉදිරි වසර දෙකක කාලය සඳහා ඉන්දියාවේ ශ්‍රී ලංකා දූත මණ්ඩලය මඟින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන ප්‍රතිපත්ති රාමුව ක්‍රමක්දැයි මෙමඟින් පැහැදිලි කර ඇත.
බෞද්ධ දර්ශනයේ එන සතර ව්‍යග්ඝ පජ්ජ සූත්‍රයේ එන සතර සම්පදාව මුල් කරගනිමින් මෙම ප්‍රතිපත්ති රාමුව සකස් කර තිබේ.
ව්‍යග්ඝ පජ්ජ සූත්‍රයේ සතර සම්පදාව සද්ධා, සීල, චාග, පඤ්ඤා යනාදියෙන් සමන්විත ය.
ජාත්‍යන්තර සම්බන්ධතාවල නූතන සන්දර්භයේ දී එම සම්පදා සතර විශ්වාසය, ධර්මිෂ්ඨ හැසිරීම, කැපකිරීම සහ විශිෂ්ට/සම්පූර්ණ අවබෝධය යනාදි ලෙස අර්ථකථනය කළ හැකි ය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතිශය භයානක ප්‍රෝඩාකාරයෙක්. ආගම මතක් කරලම දෙන්න හදන්නේ මේ පාර වැඩේ.
බුදුදහමට නිගා දුන් අය බුදුන් උපන් රටට යැවීමට තරම් මෝඩ තීරණයක් ගැනීම කුමන්ත්‍රණයක්ද?
සුබපැතුම්
මේ ආණ්ඩුවේ ඉන්න අයම කාලයක් මේ හාදයාව පට්ට ගැහුවේ ලංකාවේ ඉන්න ඇමෙරිකන් ඒජන්ත කෙනෙක් සහ ලංකාවට වින කරන පුද්ගලයෙක් කියලා. දැන් ඒ අයම මෙයාව ඉන්දියාවේ මහකොමසාරිස් කරලා පත්වීම් දෙනවා.
උසාවියෙන් වරද කාරයෙක් කළ කෙනෙක්...
පන්සල් වල පිරිත් දමන එකට විරුද්ධව පොලීසි ගිය කෙනාට සම්බන්ධ කෙනෙක් නේද මේ?
'බෞද්ධ දර්ශනයේ එන සතර ව්යග්ඝපජ්ජ සූත්‍රයේ එන සතර සම්ප්‍රදාව මුල් කරගනිමින් මෙම ප්‍රතිපත්ති රාමුව සකස් කර තිබේ.' අර පන්සලක පිරිත් සද්දෙ නිසා එයාට කරදරයක් කියලා පැමිණිලි කළේ මෙයාද?
මොරගොඩ කියන්නේ 2002-2004 රනිල්ගේ ආණ්ඩුවේ ඇමතිකම් කරන අතරේ වන්නියට ගිහින් ප්රභාකරන් හමුවී කොටින් අල්ලාගෙන සිටි පළාත්වල තමන්ගේ ව්‍යාපාර කිරීමට පාර හදාගත් කෙනෙක් හැටියට ඒ කාලයේ පුවත්වල පලවුණා.. නේද?
පර්ත්..., ඇලජික් අයට ඇයි මේ වගේ පත්වීමක් දුන්නේ..?
වැල එන අතට මැස්ස ගහන්නෙත් වහල්ලු අතර ඉන්න අනුඛණ්ඩයක්ලු නේද? මේ වගේ අය ලංකාවේ හැම තැනම ඉන්න නිසා රට හදනවා බොරු...