ගුරු විෂමතා විසඳන්න ඇමැති අනු කමිටුව රැස්වේ ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාව පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශය ලබන සතියේ ගුරු විදුහල්පති වෘත්තීය සමති සමග වෙන වෙනම සාකච්ඡා කිරීමට කටයුතු යොදා ඇත. 13 August 2021
’එප්සිලෝන්’ එන්නත්වලින් මට්ටු කරන්න බෑ කොවිඩ් 19 ’එප්සිලොන්’ වයිරස විකෘතිය, ’ඩෙල්ටා’ විකෘතියට වඩා බිහිසුණු බවත්, එය එන්නත්වලට ප්‍රතිරෝධයක් දක්වන බවත් පාකිස්තාන වෛද්‍ය පර්යේෂකයෝ අනතුරු අඟවති. 13 August 2021
පිළිකා රෝගී දැරියගේ ගිණුමට විද්ද අයකු පොලිස් දැලේ හොරණ ප්‍රධාන පෙළේ පාසලක ඉගෙනුම ලබන දැරියකට වැළඳී තිබූ පිළිකා රෝගයට ප්‍රතිකාර ලබා ගැනීමට ආධාර පිණිස බැංකු ගිණුමකට බැර වී තිබූ රුපියල් ලක්ෂ තුනක් පමණ මුදලක් ඇෆ් එකක් හරහා වංචනික ලෙස ලබාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි 12 August 2021
රාජ්‍ය ඇමතිනී සුදර්ශනී දුන් ආදර්ශය කොරෝනා අවදානම සැලකිල්ලට ගෙන කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ පුතාගේ විවාහ මංගල්‍ය උත්සවයද කල් දමා ඇත. 12 August 2021
තිස්සගේ කෙටුම්පතට එරෙහි පෙත්සමක් සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ’’මානව හිමිකම් සංවිධාන (සංස්ථාපිත) පනත් කෙටුම්පත 2021’’ නැමැති පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්තීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට පටහැනි බවට තීරණය කරන ලෙස ඉල්ලා ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ලේකම් හා නීතීඥවරු දෙපළක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විශේෂ පෙත්සමක් ඉදිරිපත් කළහ. 12 August 2021
දෛනික කොවිඩ් මරණ 150 ඉක්මවයි කොවිඩ් ආසාදිතවූ තවත් 156 දෙනකු ඊයේ (11) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (12) තහවුරු කළේය. 12 August 2021
හමුවුණේ එක් ආසාදිතයයි: කැන්බරා ලොක්ඩවුන් ඕස්ට්‍රේලියාවේ කැන්බරා අගනුවර අද (12) සිට සතියක කාලයක් සඳහා හදිසියේ ලොක්ඩවුන් කිරීමට සෞඛ්‍ය අංශ තීරණය කළේය. 12 August 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 2,420ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 2,420 දෙනකු අද (12) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 12 August 2021
ඔක්සිජන් අවශ්‍යතාව උපරිම මට්ටමට ඇවිත් රෝහල්වල ඔක්සිජන් අවශ්‍යතාව උපරිම මට්ටමට පැමිණ ඇතැයි සෞඛ්‍යය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවැසීය. 12 August 2021
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ දහයකින් මැතිවරණ කමිටුවට යෝජනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ 10ක් මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සිය යෝජනා ඊයේ් (11) ඉදිරිපත් කළේය. 12 August 2021
දුම්රිය ස්ථානාධිපතිවරු පැය 24ක් වැඩ වරති ‘කොවිඩ්’ වංසගතයෙන් ආරක්ෂවීමට දුම්රිය කාර්ය මණ්ඩලවලට සෞඛ්‍ය පහසුකම් ලබානොදීම විරෝධය දැක්වීම ඇතුළු ඉල්ලීම් කීපයක් මූලික කරගෙන අද (12) මධ්‍යම රාත්‍රීයේ සිට හෙට (13) මධ්‍යම රාත්‍රීය දක්වා එක්දින සේවයෙන් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කළ බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් එස්. කසුන් චාමර මහතා පවසයි. 12 August 2021
පවුල් සෞඛ්‍ය සම්මුඛ පරීක්ෂණ කල් යයි පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනි තනතුර සඳහා අභ්‍යාසලාභීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ කල්දැමු බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි. 12 August 2021
‘ලාෆ්‘ අර්බුදය සතියක් ඇතුළත විසදෙයි ලාෆ් ගෑස් සැපයුම සතියක් තුළ යථා තත්වයට පත්කිරීමට බලාපොරොත්තු වන බව ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්. කේ. එච්. වෑගපිටිය මහතා ‘ලංකාදීප’ යට අද (12) පස්වරුවේ පැවසීය. 12 August 2021
රිජ්වේ රෝහලේ කොරෝනා වාට්ටුවල දරුවන් 152ක් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොරෝනා රෝගීන් වෙනුවෙන් වාට්ටු හතරක් වෙන්කර ඇති අතර අද වන විට දරුවන් 152ක් ප්‍රතිකාර ලබමින් සිටි බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. 12 August 2021
කොවිඩ් මළ සිරුරු ආදාහනයේදී මුදල් අයකිරීම නවත්වයි කොවිඩ් වැළඳී මියයන අයගේ මෘතදේහ ආදාහනය කිරීමේ දී ඔවුන්ගේ පවුල්වලින් කිසිදු මුදලක් අය නොකරන ලෙසත් ඒ සඳහා පළාත් පාලන ආයතනවලට වැය වන වියදම මධ්‍ය රජය මගින් ලබා දීමට පියවර ගන්නා බවත් රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය. 12 August 2021
දිස්ත්‍රික්ක තුනකට නාය යාමේ අවදානම් පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනක නායයෑමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. 12 August 2021
රත්නපුරේ පුස්තකාල-ළමා උද්‍යාන වහයි මේ මාසය අවසන් වනතුරු රත්නපුර දිස්ත්‍රික්කයේ සියලුම පුස්තකාල සහ ළමා උද්‍යාන වසා තැබීමටත්, සතිපොළවල වල අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හැර අනෙකුත් සියලුම භාණ්ඩ අලෙවිකිරීමට ඉඩ නොදීමටත් අද (12) රැස්වූ රත්නපුර දිස්ත්‍රික් කොරෝනා වෛරස් මර්දන කාර්ය සාදක බලකා කමිටුව තීරණය කළ බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය පැවසුවාය. 12 August 2021
ඩෙල්ටාවේ තරම ඉදිරියේදී පෙනෙවි ඩෙල්ටා වයිරසය ඉදිරි සති දෙකේදී ප්රබලව ක්‍රියාත්මක වනු ඇති බවත් මේ තත්වය තේරුම් ගෙන සංචරණ හැකිතාක් සීමා කරන ලෙස සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් නව වයිරස ප්‍රභේද සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි. 12 August 2021
එන්නත් දීම ඡංගම සේවය යුද හමුදාව අරඹයි බස්නාහිර පළාතේ කොවිඩ් මර්දන එන්නත මෙතෙක් ලබාගෙන නොමැති වයෝවෘධ පුද්ගලයින් සහ විවිධ අවශ්‍යතා සහිත පුද්ගලයින් සඳහා විශේෂ ජංගම එන්නත්කරණ වැඩසටහනක් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් අද සිට ආරම්භ කරනු ලැබීය. 12 August 2021
’’ලොක්ඩවුන්’’ බැරිනම් ’’ලොකප්’’ කරන්න ඉදිරි සති දෙක වඩාත් තීරණාත්මක හෙයින් රට’’ලොක්ඩවුන්’’(සම්පූර්ණයෙන්ම වැසීම) කළ නොහැකි නම් ’’ලොකප්’’ ( පුද්ගල සංචරණය පාලනය ) කරන්නැයි රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසයි. 12 August 2021
‘‘කොරෝනා මැඩලීමේ වගකීම සෞඛ්‍ය අංශයට දිය යුතුයි‘‘ අද රට මුහුණ දෙමින් ඇති භයානක ඛේදවාචකයෙහි පළමු වගඋත්තරකරු ආණ්ඩුව බවත් එහි දෙවන වගඋත්තරකරුවා ආණ්ඩුව විසින් පත්කළ කොරෝනා මර්දන කාර්ය සාධක බලකාය බවත් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා කොළඹදී පැවසීය. 12 August 2021
කඳුරට තැන තැන නාය යෑම් මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇදහැළෙන අධික වර්ෂාවත් සමග ගිනිගත්හේන නගරයට ඉහලින් වු පස් කදු කිහිපයක් ප්‍රධාන මාර්ගයට (12) දින කඩා වැටිමෙන් හැටන් මහනුවර සහ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනා ගමනය තාවකාලිකව ඇනහිට ඇති බව නුවරඑළිය ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රන්ජිත් අලහකෝන් මහතා පවසයි. 12 August 2021
ගෑස් සමාගම්වල ගෑස් බස්සන්න සිපෙට්කෝ ගෑස් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අනුබද්ධව නව සමාගමක් ආරම්භ කර ඒ හරහා එල්.පී. ගෑස් වෙළඳපලට නිකුත් කිරීමට කැබිනට් මණ්ඩලය බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතාට බලය පවරා තිබේ. 12 August 2021
කොරෝනා මඬින්න එජාපෙන් යෝජනා මාලාවක් ලංකාවේ දිනෙන් දින උග්‍ර වන කොරෝනා වසංගතය හමුවේ ගතයුතු ක්‍රියාමාර්ග ඇතුළත් යෝජනා මාලාවක් එක්සත් ජාතික පක්ෂය අද(12) ප්‍රකාශයට පත් කරයි. 12 August 2021
රත්නපුරයට සුළු ගංවතුර තත්වයක් රත්නපුරය ඇතුළු ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැළෙන තද වර්ෂාවත් සමග කලූගඟේ සහ කුරුගඟේ ජල මට්ටම් සීග්‍රයෙන් ඉහළ යෑමත් සමග ගංවතුර අවදානම් මට්ටම පසුකර සුලූ ගංවතුර මට්ටමකට පැමිණ ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව මුවගම ජල මාපකයේ සටහන් තහවුරු කරයි. 12 August 2021
මෝටර් රථ දෙපාර්තමේන්තුවත් වහයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට සහ වේරහැර කාර්යාලවල සේවකයින් කිහිප දෙනෙකු ‘කොවිඩ් -19’ ආසාදිතයන් බවට තහවුරු වීම නිසා මෙ කාර්යාල දෙක සඳුදා (16 වැනිදා) සිට තාවකාලිකව වසා දමන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය. 12 August 2021
බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරුන් තිදෙනකු ඇතුළු 16 කට කොරෝනා බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරුන් තිදෙනෙකු ඇතුලු කාර්ය්ය මණ්ඩලයේ 16 දෙනෙකුට කොරෝනා රෝගය වැළදී ඇති බව හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රධාන වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය. 12 August 2021
ගුරු - විදුහල්පති නිදහස් චතුරශ්‍රයේ සත්‍යග්‍රහයක ගුරු - විදුහල්පති වැටුප් ගැටලුව ඉක්මනින් විසඳන ලෙස බලකරමින් ගුරු - වෘත්තීය සමිති සත්‍යග්‍රහයක් අද කොළඹ නිදහස් චතුරශ්‍රය ඉදිරිපිටදී ආරම්භ කෙරිණි. 12 August 2021
අධිවේගයේ ගමන් කරන්නන්ටත් සෞඛ්‍ය මාර්ගෝපදේශ අධිවේගී මාර්ගවල ගමන් ගන්නා වාහන රියදුරන්ටද කොරෝනා පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස නව මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දී ඇත. 12 August 2021
කොළඹ මහාධිකරණ විනිසුරු අල්ලස් කොමිසමේ දොස දකී නඩු පැවරීම සඳහා අල්ලස් කොමිසමේ කොමසාරිස්වරු තිදෙනාම අත්සන් කොට නොමැති බව සඳහන් කරමින් දේශපාලනඥයන්ට විරුද්ධ නඩු බොහෝමයක් අල්ලස් කොමිසම ඉල්ලා අස්කර ගනු ලැබූවත් එවැනිම තත්ත්වයක් තිබෙන සාමාන්‍ය මිනිස්සුන්ට එරෙහි නඩු විභාග කිරීමට අල්ලස් කොමිෂම උනන්දුවක් දක්වන්නේ යැයි කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා පැවසීය. 12 August 2021
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026