කරන්නාගොඩට එරෙහි අධිචෝදනා ඉවත් කරගන්න රහස් වාර්තාවකට අවසර
තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළ බව ට හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව කොළඹ ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ගොනුකර තිබෙන අධි චෝදනා ඉවත්කර ගැනීමට නීතිපතිවරයා ගත් තීරණයට හේතු වූ කරුණු සම්බන්ධයෙන් වන රහසිගත වාර්තාවක් ඉදිරිපත් කිරීමට අභියාචනාධිකරණය අද ( 01) නීතිපතිට අවසර ලබා දෙන ලදී.