IMG-LOGO

ගබ්සා නීතියට සංශෝධනයක් ?

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ගබ්සා නීතියට යම් සංශෝධනයක් අවශ්‍ය බව තමා පිළිගන්නේ යැයි  අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී අද (8)  පැවසීය.

සමූහ දූෂණයට ලක්වී  ගැබ් ගත් අවස්ථාවලදී ගබ්සාව සඳහා   ඇතැම් රටවල් දැනටමත්  නීතිමය අවසරය දී ඇතැයිද    ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

සමූහ දූෂණයට ලක්වී ඇති  දැරියන්ට දාව  උපදින   දරුවන් යම් යම් කොන්දේසි වලට යටත්ව ගබ්සා කිරීම සඳහා අවශ්‍ය නීති ගෙන ඒමට කතිකාවතක් ඇති කළ යුතු බව පැවසූ අලි සබ්රි මහතා  මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරෙන යෝජනා සලකා බැලීමට සූදානම් බවද සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා එම ප්‍රශ්නය මතු කරමින් මෙහිදී පැවසුවේ  සමූහ දූෂණයට ලක් වන  දැරියන්ට දාව  උපදින දරුවන්( කලලය)  ඉවත්  කර ගැනීම සඳහා ක්‍රමවේදයක් නැති වීම නිසා  ඇතැමුන් සියදිවි හානි කරගත් අවස්ථාද දක්නට ලැබෙන බවයි.

එවැනි අවස්ථාවලදී ගබ්සාව සඳහා නීතිමය ප්‍රතිපාදන සැලසීම වැදගත් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (2)

ගබ්සා නීතියට සංශෝධනයක් ?

Jayampathi Tuesday, 08 March 2022 04:00 PM

ගබ්සා කරන නීති ගෙනෙනවට වඩා. මෙවැනි දේ කරන අය බයවෙන තරමට ඉතා තද නීති සම්පාදනය කරන එකයි වැදගත්...

:       0       1

sena Tuesday, 08 March 2022 05:31 PM

අපේ රටේ කටයුතු ඉවර වෙන කොට ඒ ඉපදෙන්න හිටපු ලමයාටත් ලමයි හම්බවෙලා තියෙයි

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 144 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 432 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site