
(ඩයනා උදයංගනී)
අතුරුදහන් වූ තැනැත්තන් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි කඩිනමින් විමර්ශනය කර අවසන් කිරීම සඳහා විමර්ශන මණ්ඩල 25ක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය විසින් ස්ථාපිත කර ඇති ප්‍රාදේශීය කාර්යාල වෙත අතුරුදන්වීම් සම්බන්ධයෙන් පැමිණිලි 14,988ක් ලැබී ඇති බවත්, ඇතැම් පැමිණිල් 1988 ටත් පෙර සිදුවූ අතුරුදන්වීම් සම්බන්ධයෙන් බවත් ඇමතිවරයා සඳහන් කළේය.
එම පිළිබඳ පැමිණිලි සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වීම කඩිනම් කිරීම වෙනුවෙන් අධිකරණ අමාත්‍ය අලි සබ්රි සහ විදේශ අමාත්‍ය, මහාචාර්ය ජී.එල් පීරිස් යන මහත්වරු විසින් ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය හිමිවූ බව ද ඇමතිවරයා කීවේය.
ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (8) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
මානව හිමිකම් සම්බන්ධයෙන් උනන්දු වන සිවිල් සංවිධාන මෙම තීරණය අගය කරනු ඇතැයි අපේක්‍ෂා කරන බව ද ඇමතිවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන් LTTE ත්‍රස්තයින්. වෙඩි කාලා මැරුණා ,අනික් එවුන් රටින් පැන්නා . මොවුන් සොයන්න කාලය, මුදල් කා දමන්න එපා.