පෞද්ගලික අංශයේ පී සී.ආර් - ඇන්ටිජන් සඳහා උපරිම මිලක්
‘කොවිඩ්’ රෝගීන් හඳුනාගැනීම සඳහා යොදාගන්නා පී.සී.ආර්. පරීක්ෂණයක උපරිම ගාස්තුව රුපියල් 6500 ක් ද, ඇන්ටිජන් පරීක්ෂාවක උපරිම ගාස්තුව රුපියල් 2,000 ක් ද, ලෙස පෞද්ගලික සෞඛ්‍ය සේවා සඳහා උපරිම මිලක් නියම කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ.