පොහොට්ටු ලේකම් විමල්ලාට අවි අමෝරයි
කැබිනට් සාමූහික වගකීම කඩ කරමින් කටයුතු කරන විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් ඇතුළු පිරිස සම්බන්ධයෙන් වහාම පියවරක් ගන්නැයි පක්ෂයක් හැටියට ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කිරීමට කටයුතු කරගෙන යන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා ලංකාදීපයට පැවැසීය.