
(අජන්ත කුමාර අගලකඩ)
විදේශගත ශ්‍රමිකයන් අලුත් අවුරුදු සමයේ එවනු ලබන විනිමය ආදායම වෙනුවෙන් ඇමරිකානු ඩොලරයකට රුපියල් 38 බැගින් දිරිගැන්වීමේ දීමනාවක් ගෙවීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඒ සඳහා ඉදිරිපත් කළ කැබිනට් සංදේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන ඩොලර් අර්බුදය විසඳා ගැනීම සඳහා විදේශගත ශ්‍රමිකයන්ගේ විනිමය ආදායම රටට ගෙන්වා ගැනීම උනන්දු කිරීමේ පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහජන බැංකුව ඔය කියන මුදල දෙන්නෑ. කලින් එවපු සල්ලිත් ඔන්ලයින් මාරුකලේ. මට කිසිම වැඩිපුර මුදලක් ලැබුණේ නෑ. මම නම් තවත් මහජන බැංකුවට සල්ලි එවන්නේ නෑ. උන්ඩියල් ක්‍රමයට 265 ක් දැන් දෙනවා
එතකොට දැන්ද ලොකු ලොක්කන්ට මේක දැනුනේ...? අඩුම තරමින් වාහනයක් ගන්න කොට... ලෝන් එකක් ඇප්ලයි කරන කොටවත් පොඩි පහසුකමක් දුන්නද කවදාවත් අපිට?
අන්න එහෙම හරි පාරෙන් එන්න ඕනෑ තග දාලා, බොරු කියලා වැඩේ කෙරෙන්නේ නැහැ කියලා කබ්රාල් මහත්තයාට තේරෙන්න ඇති.
අඩුගානේ ඩියුටි ෆ්‍රී වාහනයක් ගන්න චාන්ස් එක දෙන්න...
මේ කාලකණ්ණි ආණ්ඩුව තියෙනකම් මොනවා කළොත් වැඩක් නැහැ. ලංකාව බංකොළොත් වෙලා ඉවරයි.
මම නන්, ගෙදරට ඕනෑකරන අඩුම සල්ලි ප්‍රමාණය තමයි එවන්නේ. මොකද අපි එවන සල්ලි වලින් ලොකුලොකු අය ගහගන්න එක විතරයි කරන්නේ. ලක්ෂ ගණන් පඩි ගෙවාගෙන ලිට්රෝ වල ලොක්කෙක් තියාගෙන ඉන්නවා. අපේ ගෙවල් වලට ගෑස් ටැංකියක් නෑ. අපේ වාහනේකට තෙල් ගහගන්න බෑ. හැබැයි මැති ඇමැතිවරුන්ගේ වාහන පෝලිම් පිටින් පාරේ ඉගිල්ලෙන්නේ. කොරෝනා කාලේ අපි රට ඉඳන් එද්දී මරාගෙන කාපු නැති ටික විතරයි. එහෙව් අයට ගසා කන්න ඇයි අපි සල්ලි එවන්නේ...? රට ගැන හිතන්න ඕනෑ අපි විතරද? ඔන්න ඩොලර් එකට 300ක් වත් ගෙවනවා නන් එවන්නම්...