IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


සුනාමියෙන් බේරුණ තංගල්ලේ දැරිය මැදිරිගිරියෙන් හමු වෙයි

(කාංචන කුමාර ආරියදාස)

තංගල්ලෙන් සුනාමියට හසු වූ පස් හැවිරිදි දියණිය වසර 18 කට පසුව දෙදරු මවකව සිටිය දී මැදිරිගිරිය ප්‍රදේශයේ පාළු නිවෙසකින් හමුවීමේ පුවතක් ලෝක කාන්තා දිනය දා අපට වාර්තා විය.

මුළු ලෝකයම කාන්තාවන් පිළිබඳව අවධානය යොමු කරන ලෝක කාන්තා දිනයේ මෙම අරුම පුදුම සිදුවීම් සියැසින් අත්විඳි මෙම කාන්තාවගේ දුක්බර කතා පුවත මුළු මහත් ලෝක වාසී කාන්තාවන්ටම පුදුමය දනවන පුවතක් වනු නිසැකය.

වයස, නිසි නාමය, උප්පැන්න සහතිකයක් ආදී කිසිවක් නොමැතිව සමාජයේ අසාධාරණ කම් වලින් තවමත් බැට කන මෙම යුවතිය මේ වන විටත් ජීවත් වන්නේ අනේක දුක් කරදර මැද්දක වීම විශේෂත්වයකි.

වයස නිසි ලෙස නොදන්නා ඇය හඳුන්වනු ලබන්නේ කේ .ඒ. කමලා පෙරේරා යන නමිනි, ඇයගේ ලිපිනය අංක191, ජයගම්පුර මහ අඹගස්වැව, මැදිරිගිරිය වෙයි.

පෙර පාසල් වියේ පසුවන සහ මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින දරුවන් දෙදෙනකුගේ මවක වන ඇය කාගෙන් හෝ කුලී වැඩක් කරමින් සැමියා ද අහිමිව ජීවිතය ගැටගසා ගනු ලබන්නේ කුලී නිවෙසක වීම විශේෂ විශේෂත්වයකි.

තංගල්ල ප්‍රදේශයේ උපත ලැබූ ඇය පාසල් ගමන ආරම්භ කිරීමට ඔන්න මෙන්න තිබිය දී එනම් 2004 වසරේ දෙසැම්බර් 26 වැනිදා උදම් රළ ගොඩ ගලා ගිය දිනයේ ඇයගේ මව, පියා, සහෝදරයන් දෙදෙනා සහ සහෝදරිය, ඇය ද සමගම සුනාමි උදම් රැලට හසුවී ඇති බව ඇය පැවසුවාය.

මුළු පවුලම දිය රකුසාගෙන් අතුරුදන් වෙද්දී කොහේ හෝ තිබුණු දෛවයේ සරදමකට ඇයගේ දිවි බේරාගෙන ගෙන ඇත්තේ කවුරුන්ද යන්න ඇය අදටත් නොදැන සිටීම තවත් පුදුම දනවන කරුණකි.

තංගල්ල ප්‍රදේශයේ සුනාමි රැඳවුම් කඳවුරක සිටිය දී තංගල්ල ප්‍රදේශයේම විදුහල්පතිනියකගේ නිවෙසට රැගෙන ගොස් ඇය හදා වඩා ගත් බව ද පැවසුවාය.

එම නිවසේ සිටි පිරිස ඇයගේ නම කේ.ඒ. කමලා පෙරේරා නම් කොට ඇති බව ඇය සඳහන් කළ අතර ඇයට වයස අවුරුදු දොළහක් පමණ වෙද්දී එම නිවෙසේ හිමිකාරිය පිළිකා රෝගයෙන් මෙලොව හැර ගිය බව ඇය සඳහන් කළාය.

නිවසේ මෙහෙකාර සේවයේ සිටි ඇය මියගිය විදුහල්පතිනියගේ නැගණියකගේ කොළඹ නිවෙසක වැඩකාරකමට රැගෙන ගිය බවත් නිවසේ ඇඳුම් පැළඳුම් සේදීම් දරුවන් බලා ගැනීම ආදී සියලු කටයුතු ඇයට පැවරී තිබූ බවත් ඇය සඳහන් කළාය.

වසර දෙකක් පමණ කාලයක් නිවෙසේ මෙහෙකාර සේවය කරමින් සිටිය දී නිවසේ ඉදිකිරීම් කටයුත්තකට පැමිණි තරුණයකු එම නිවසේ ගෘහස්ත දුරකතනය හරහා සම්බන්ධ වී 14 හැවිරිදි වියේ පසුවෙද්දීම ඇය එම නිවසින් හොර රහසේ රැගෙන ගිය බවත් ඇය කියයි.

ඔහු දුටු පළමු දිනයේම මේ සිදුවීම වීම විශේෂත්වයකි,

වයස අවුරුදු දාහතරේදී ඇය එම නිවෙසෙන් රැගෙන යන්නේ හමුදාවෙන් පලා ආ සෙබළකු බව ද ඇය කියයි. මෙම සෙබළා ඇය කොළඹ සිට මැදිරිගිරිය ප්‍රදේශයේ නිවෙසකට රැගෙන ගොස් එහි කාලය ගත කරද්දි පළමු දරුවා එළිය දකිද්දි ඇයගේ හැඳුනුම්පත සකසා ඇත්තේ මෙම තරුණයාගේ උපන් දිනයට දිනක් ඉදිරියට දමා ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කරමින් බව ඇය සඳහන් කළාය.

නිසි අවබෝධයක් අධ්‍යාපනයක් ලබා නැති ආදරයක් ලබා නැති මෙම දැරිය බාලවයස්කාර වියේම දෙදරු මවක වීමට ඔන්න මෙන්න සිටිය දී තමන් ජීවිතය පුරාවටම රැකබලා ගන්නා බවට පොරොන්දු වී රැගෙන ආ සැමියාගේ සුපුරුදු ක්‍රියාකාරකම් රැසක් ඇයට අතටම හසුවීම පුදුම දනවන කරුණකි.

තම සැමියා බාලවයස්කාර කුඩා දියණියන් රවටා ගන්නා අයෙකු බව දැනගත් බවත් මේ වනවිටත් තමන් වැනිම කුඩා දියණිය රැගෙන ප්‍රදේශයෙන් පලා ගොස් සිටින බව ද ඇය පැවසුවාය.

මේ පිළිබඳව ඇය ප්‍රදේශයේ පොලිස් ස්ථානවලට පැමිණිලි කළ ද ඇයට පැමිණිල්ල විභාග වීම වෙනුවට සිදුව ඇත්තේ ඔවුන්ගෙන් ලැබෙන වෙනත් උත්තර ප්‍රතිචාර බව ඇය හැඬූ කඳුළින් අප සමග සඳහන් කළාය.

අදට ද ඉන්න හිටින්නට තැනක් අහිමිව කුලී නිවසක පදිංචි වී සිටින ඇය ලෝක කාන්තා දිනයේ මුළු කාන්තා සමාජයෙන්ම ඉල්ලා සිටින්නේ කිසිදු හව්හරණක් නැති තමාට ආරක්ෂිතව ඉන්න හිටින්නට දරුවන් දෙදෙනාට මෙවැනි ඉරණමක් අත් නොවන්නට උදව් උපකාර කරන ලෙසය.

මෙවැනි උදව් කිරීම මුවාවෙන් තමන්ගේ ජීවිතයට නැවත පාපතර අය හමු නොවේවායි ඇය සමාජයෙන් ඉල්ලා සිටීම විශේෂත්වයකි.

ඇයගේ ජීවිතයට සරණක් වීමට කැමැති අයකු වෙත්නම් කේ .ඒ. කමලා පෙරේරා මහජන බැංකුව, මැදිරිගිරිය. ගිණුම් අංකය 231 2 001 2 00 82578 වන අතර වැඩිදුර තොරතුරු 0773 768474 අංකය ඇමැතීමෙන් ලබා ගත හැකි බවද ඇය සඳහන් කරයි.



අදහස් (13)

සුනාමියෙන් බේරුණ තංගල්ලේ දැරිය මැදිරිගිරියෙන් හමු වෙයි

Dilan Tuesday, 08 March 2022 10:32 AM

නියමයි. ආණ්ඩුවට සතියක් දුවාගන්න පුළුවන් නාට්‍යයක්

:       0       0

Nuwan Tuesday, 08 March 2022 11:31 AM

මාර විදුහල්පතිනියක්.... මිනිස්සු අගතියට පත්වෙච්චි වෙලාවක උන්දැ වැඩකාරකමට කෙනෙක් හොයාගෙන. අදත් මිනිස්සු දුකට පත්වෙලා ඉන්න වෙලාවේ කී දෙනෙක් මෙහෙම වාසි ගන්නවාද? එහෙව් රටකට හරි යයිද?

:       0       3

Asanka Tuesday, 08 March 2022 01:04 PM

මොන දෙවියන්ට මේ අවනඩුව කියන්නද? මේ වගේ පාපතර මිනිස්සු ඉන්න සමාජයක් ලංකාවේ තියෙන්නේ කියලා හිතෙනකොටත් ආත්මයම වෙව්ලනවා. පුදුම මිනිස්සු, ඒකටවත් දශමයක මිනිස්කමක් තිබ්බේ නැද්ද?

:       0       4

fairoos Tuesday, 08 March 2022 01:16 PM

ඉතාම කණගාටුයි.

:       0       4

Deepal Nirosh Tuesday, 08 March 2022 01:28 PM

මේ තරමින් හරි බේරිලා හිටියා ඇති. තෙරුවන් සරණයි!

:       0       3

දිමුත් Tuesday, 08 March 2022 01:53 PM

රටකට ගිය කලක්!

:       0       2

මව්බිමේ අනාතයා Wednesday, 09 March 2022 06:08 AM

ලංකාවේ ළමා හිමිකම් ප්‍රවර්ධනය කියලා ජාතික පරිවාස දෙපාර්තමේන්තුවේ වැඩ සටහනක් තියෙනවා. පරිවාස කියලා එකකුත් පළාත් මට්ටමේ තියෙනවලු. තවත් මොකක්ද අධිකාරියකුත් තියෙනවා කියනවා. මේ මවත් ළමා හිමිකම් අහිමිවූ තැනැත්තියක්... ඉතින් මේවා ගැන සොයා බලා පිහිටක් වෙන්න කෙනෙක් නැහැ. සෞභාග්‍යයේ තරම කොතෙක්ද හිතාගන්න බැහැ...

:       0       9

Nuwan Wednesday, 09 March 2022 06:21 AM

ළමා ශ්‍රමිකයන් සේවයේ යොදවා ගැනීමට වගකිව යුතු සාමාජිකයන් සහ විදුහල්පතිගේ සහෝදරිය අත්අඩංගුවට ගෙන දඬුවම් කළ යුතුය. මොන අපරාධයක්ද.

:       0       16

Kasun Wednesday, 09 March 2022 07:27 AM

අඩේ.... එකපාර එකවුන්ට් නම්බර නොදා මේ කතාව ඇත්තද කියල තහවුරු කරන්න ඉස්සෙල්ල

:       25       3

කුමුදු Wednesday, 09 March 2022 10:22 AM

විදුහල්පති සහ මෙහෙකාරකමට කොළඹ රැගෙන ගිය කාන්තාව සෙබලා අත්අඩංගුවට ගෙන ඇයට සාදාරනයක් කරන්න

:       0       12

kumara Wednesday, 09 March 2022 06:23 PM

රජයේ බලධාරින්.. පොලිසිය මේ වනතෙක් තම රාජකාරිය කර තිබෙන ආකාරය පැහැදිලියි. තවත් මේ බැංකු ගිණුමට සල්ලි දාලා... බලධාරීන්ම හොරාකෑම නේද සිදුවන්නේ..?

:       0       7

Amila Friday, 11 March 2022 07:43 AM

යූ ටියුබ් එකේ මෙයාව හොයන වීඩියෝ යනවා. මෙම අංකය හොයලා දාන්නම්... එයාලාව අමතන්න...

:       0       0

M.B.H.M දයාරත්ය Friday, 11 March 2022 12:23 PM

දැන්වත් මේ ගැන පරිවාස දෙපාර්තමේන්තුව, ලමා හා කාන්තා කාර්යාංශය ආදී ආයතන විසින් වහාම සොයාබැලිය යුතුයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 651 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 317 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1106 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site