
(යොහාන් භාසුර)
මට්ටක්කුලිය උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමා ආයතනයේ දෛනික පිරිසිදු කටයුතු සති කීපයකට සිට නොවීම හේතුවෙන් එහි අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් දැඩි අපහසුතාවට පවත්ව සිටිති.
වැසිකිළි පද්ධතිය, නේවාසිකාගාර, ආපනශාලා, ගොඩනැගිලි සහ පරිසරය පිරිසිදු නොකිරීම හේතුවෙන් ඇති වී ඇති දුර්ගන්ධය සහ මදුරු තර්ජනය හේතුවෙන් සිසු සිසුවියන් සහ කාර්ය මණ්ඩලයේ සෞඛ්‍යයට දැඩි තර්ජනයක් ඇති වී තිබේ.
නේවාසිකාගාර පිරිසිඳු නොකිරීමෙන් දැඩි අපිරිසිදු තත්වයට පත්වීම නිසා සිසු සිසුවියන් සඳහා නේවාසිකාගාර ලබානොදෙන තත්වයකට පත්ව ඇති බව ද උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමා සංගමය චෝදනා කරයි.
අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් තාක්‍ෂණ අධ්‍යාපන ආයතනය යටතේ මෙම උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමා ආයතනය පාලනය වන බවත් එම ආයතනයේ පරිපාලන දුර්වලතාව හේතුවෙන් මෙම තත්වය උද්ගත වී ඇති බවත් එම සංගමය කියයි.
මට්ටක්කුලිය උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමා ආයතනයේ පරිපාලනය සහ උසස් තාක්‍ෂණ අධ්‍යාපන ආයතනයේ කඹ ඇදිල්ලක් හේතුවෙන් පිරිසිදු කිරීමේ ටෙන්ඩර් කැඳවීම ප්‍රමාද වීමෙන් මෙම තත්වය උද්ගත වී ඇති බව ද එම සංගමය වැඩි දුරටත් චෝදනා කරයි.
ඡායාරූප:
මට්ටක්කුලිය උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමා ආයතනය පිරිසිදු නොකිරීම හේතුවෙන් ජරාකීර්ණ වී ඇති ආකාරය








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කාලකණ්ණි ආණ්ඩුව ගිය දවසට තමයි ලංකාවට සෙත.. මේ කරන අපරාධයට හෙණ 7ම වදිනවා...