(අජන්ත කුමාර අගලකඩ)
ඉකුත් වසරට සාපේක්ෂව මේ වසරේ මුල් කාර්තුවේ දී අපනයන ආදායම වැඩි කරගත් අපනයනකරුවන් සඳහා වැඩිවන ඩොලරයකට රුපියල් 30ක් බැගින් අමතර මුදලක් ගෙවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
ඒ සඳහා වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයකට ඊයේ(07) රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී අනුමැතිය දී තිබේ.
අපනයන සංවර්ධන අරමුදල මගින් මෙම අමතර මුදල ගෙවනු ලබන අතර, එය මහා භාණ්ඩාගාරය මගින් ප්‍රතිපූරණය කිරීමට යෝජිතය.
අපනයනකරුවන් දිරිගැන්වීම සහ අපනයන ආදායම ඉහළ නංවා ගැනීමේ අරමුණෙන් රජය මෙම පියවර ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද මහජන බැංකුවේ විනිමය අනුපාතය ඇමරිකානු ඩොලරයට රුපියල් 224.90. බැංකු අපනයනකරුවන් හූරාගෙන කනවා. දේශපාලුවෝ බොරු කියනවා
මේ රටෙන් අපනයනය කරන්නෙ මොනාද? මල් , එළවළු, පළතුරු, තේ සහ රබර් අපනයනය ප්‍රවර්ධනයට ආණ්ඩුව වැඩ කලාද නැතිනම් කඩා වැට්ටුවාද? රජයේ රැකියා අරන් කාර්යාලවල අතිරික්තවී ඇති සේවකයන් නඩත්තුව මේ රටට බරක්. එහෙව් එකේ දෙශපාලකයින්ගෙ වැඩේ හිතවතුන්ට රැකියා දෙන්න දඟලන එක. ඒ වගේ දේවලට මුදල් නාස්ති නොකර පොහොර ටික වෙලාවට දෙන්නයි තිබ්බෙ.
ඇයි..? ඩොලර් එකට 270ක් ගන්න පුළුවන්කම තියෙද්දී බැංකුවෙන් අඩුවට මාරු කරන්නේ මොකටද?. මොකෝ ඒවා වියදම් කරන්නේ වැඩක් ඇති දේවල් වලටයැ. වාහන ගන්ඩයි, රට සවාරි ගහන්ඩයිනේ....!
මදි... 260/= ක් කරන්න. ලෝක වෙළෙඳ පලේ වියට්නාම් වගේ රටවල් සමග තරග කරන්න පුළුවන් විය යුතුයි...