(ඩයනා උදයංගනී)

මෙරට ප්‍රවීණ හා ජනප්‍රිය ප්‍රහසන රංගන ශිල්පියකු වූ බර්ටි ගුණතිලක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල කනත්තේ දී අද (7) පස්වරුවේ සිදුකෙරිණි.

බොරැල්ලේ මල් ශාලාවක තැන්පත් කර තිබූ දේහය ආගමික වතාවත්වලින් අනතුරුව බොරැල්ල කනත්ත වෙත රැ‍‍ගෙන ආවේ කලාකරුවන් හා පවුලේ ඥාතීන් විසිනි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන් එවා තිබූ ශෝක පණිවුඩ ද ‍අවමංගල සභාවේ දී ඉදිරිපත් කෙරිණි.

මෙරට ප්‍රහසන කලාවේ පුරෝගාමියකු වන බර්ටි ගුණතිලක මහතා දැයෙන් සමුගෙන ගියේ  කලාකරුවන්, ඥාතීන් සහ රසික රසිකාවියන්ගේ සෝ සුසුම් මධ්‍යයේය.

ඡායාරූපය: ළහිරු හර්ෂණ