
(අංජුල මහික වීරරත්න)
අධික මුදලක් වැයකර ජනාධිපති මන්දිරය පාවිච්චි නොකරන ජනාධිපතිගේ පුංචි නිවස ඉදිරිපිටට ගොස් විරෝධතා පැවැත්වීම කණගාටුවක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
ජනාධිපතිවරයාට ජනාධිපති මන්දිරයේ වියදම සඳහා බිලියන ගණන් මුදල් වෙන්කර තිබියදී ජනාධිපති ලේකම් කාර්යාලයේ බිලියන 1.5 ක් රටට ඉතුරු කළ බව කී අලුත්ගමගේ මහතා ජනාධිපතිවරයාට පරිවාරක රථ 25 ක් පාවිච්චි කරන්නට පුළුවන්කම තිබියදී වාහන තුනක් පමණක් පාවිච්චි කරන බවද සඳහන් කළේය.
දැන් රටේ ප්රජාතන්ත්රවාදය මොන තරම් තහවුරු වෙලාදැයි කිවහොත් ජනාධිපතිවරයාගේ නිල නිවස ඉදිරිපිටට ගොස් උද්ඝෝෂණය කරන්න තරම් රටේ ජනතාවට අයිතියක් තිබෙන බවද අලුත්ගමගේ මහතා පැවසීය.
මෙවැනි ප්රජාතන්ත්රවාදී නායකයෙක් ජනතාව වෙනුවෙන් කැපකිරීම් කරද්දී තුට්ටු දෙකේ වැඩ කටයුතු කරන විපක්ෂය ජනාධිපති පෞද්ගලික නිල නිවසට ගොස් විරෝධතා පැවැත්වීම ඉතාම කණගාටුදායක තත්ත්වයක් බවද කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වු පසුව රටේ නව දේශපාලන සංස්කෘතියක් බිහි වූ බවද කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ ජනතාව කබලට දමලා එයිනුත් නොනැවතී කබලෙන් ලිපටත් ඇද දැමූ නායකයාටයි ඔහුගේ ගෝලයෝ රෝත්ටටයි ගෙවල් ළඟ උද්ඝෝෂණ කරලා මදි .ගෙවල් ඇතුලට ගොස් උද්ඝෝෂණ කරන්න ඕනෙ .දැන් කටයුතු සිද්ධවෙන ආකාරයට කාන්තාවන් මෙයටත් වැඩිය උද්ඝෝෂණ කරයි .රටේ අනෙක් ජනතාවද එලෙසමයි
දැනට කරලා තියන වැඩ ටික දිහා බැලුවහම පුංචි ගෙදරක නෙමෙයි මඩුවක බැඳලා තියන්නයි සුදුසු
විරෝධතාව කියන්නේ හොඳ දෙයක්... මහජනතාව තම මතය ප්‍රකාශ කරන ක්‍රමයක්. ඒවා නවත්තන්න ක්‍රියා කිරීමට වඩා ඒවට පිළිතුරු සෙවීම වැදගත්...
ඒත් රටට කළ විනාශය ගැන අපිට දුකයි. ඒ විනාශයේ එක කොටස් කරුවෙක් වෙලා. අද මිනිස්සුන්ට තුන්වේල කන්න නෑ. ගෑස්, කිරිපිටි නෑ. බඩු ගිනි ගණන්.. කවුද මේ රට මේ අගාධයට දැම්මේ..? ජනතාව අද මේ රජයට සාප කරනවා...!
අනේ මගේ කට... මේ ඇමැතිලා ජීවත් වෙන්නේ ලංකාවේ නෙවෙයිද? මෙහෙමත් වහල්ලු...
ජනාධිපතිගේ ප්රජාතන්ත්රවාදය පිළිබඳව විජේදාස රාජපක්ෂ හොඳට කියා තියෙනවා.
මෙයා මෙහෙම කඩේ ගියොත් අසාර්ථක වුණත්, මෙයාගේ ඇමති ධුරයට බාධාවක් වෙන්නේ නැහැ.
ඔය පුංචි ගෙදර ඉඳලා එන්න යන්න යන සල්ලි, ආරක්ෂාවට යන සල්ලි, ගණන් හදලා බලන්න... ජනාධිපති මන්දිරේ ලේකම් කාර්යාලය ගාව තියෙන්නේ වෙන දේකට නෙමෙයි... කරන්න ඕනේ අනවශ්‍ය වියදම් කපලා ජනාධිපති මන්දිරේ ඉන්න එක... කොහෙද උඩ ඉඳන් පහළට ඔක්කොටෝම මොල හතයි...