
(දයාසීලි ලියනගේ)
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කෝටි පහක මුදලක් වැයකර ආරක්ෂක කැමරා සවිකර ඇති බව එම සංස්ථා ආරංචි මාර්ග කියයි.
සංස්ථාව පිහිටි ගොඩනැගිල්ලට සවිකර තිබී ආරක්ෂක කැමරා යන්ත්‍ර ක්‍රියාත්මක වෙමින් තිබියදී අලුතින් මෙම කැමරා සවිකර තිබෙන බව සඳහන් වෙයි.
රුපියල් මිලියන 18848ක මෙහෙයුම් අලාභයක් ලබන ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඉන්ධන ලබා ගැනීම සඳහා බරපතල මුදල් හිඟයකට මුහුණ දී ඇති අවස්ථාවක ආරක්ෂක කැමරා සවි කිරීමට මෙම මුදල වැය කර ඇතැයි කියති.
මෙම සංස්ථාව පිහිටි තට්ටු පහක ගොඩනැගිල්ල පුරාම ආරක්ෂක කමර සවි කර ඇති අතර නිලධාරින්ගේ කාමරවලට අධිතාක්ෂණික ආරක්ෂක කැමරා සවිකර ඇති බව ද වාර්තා වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පාඩුවත් ඉතින් සංස්ථාවේ පාඩුවට එකතුවෙලා ජනතාව මතට එනවා