
(සුජිත් හේවාජුලිගේ)
නැදුන්ගමුවේ රාජා හස්ති රාජයා ජාතික වස්තුවක් ලෙස නම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බුද්ධ ශාසන හා ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාට ඊයේ උපදෙස් දුන්නේය.
අනාගත පරපුරට දැක ගැනීම සඳහා නැදුම්ගමුවේ හස්ති රාජයාගේ සිරුර සංරක්ෂණය කරන ලෙසද ජනපතිවරයා දැනුම්දී ඇත.
මේ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම සඳහා ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිරිසක් එම හස්තිරාජයා සිටි ගම්පහ වැලිවේරිය නැදුම්ගමුව ප්‍රදේශයට ගොස් සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංස්කෘතික හිරකරුවා!!! මැරෙනතුරු ඔහු නිදහස් නොවීය වනයක අසිරිය කිසිදා නොවිඳපු බෝසත් ඇත් රජාණෝ මෙල්ල කොට ගැනීමට දැමු යදමින් බැඳ විලංගු නිසා මියයන තෙක් තුවාල සුව නොවූ බෝසත් ඇත් රජාණෝ ලිංගික බෙලහීනයෙක් බවට පත්කොට ජීවිතයේ කිසිදු දිනක සංසර්ගයේ යෙදී නැති බෝසත් ඇත් රජාණෝ බුදු දහමේ නැති ගොන් සංස්කෘතියක් වෙනුවෙන් හැට නව වසරක් තම ජීවිතය කැප කළ බෝසත් රාජාණෝ සිරකරුවානණි ,අපට සමාවන්න. ඔබට නිවන් සුව.
මිථ්‍යාවන් අන්ධ වූ විට සත්‍ය නොපෙනේ. විවෘත මනසකින් ලොව බලන්න පුරුදු වන්න. මිනිසා යනු මිහිකතේ භාරකරු පමණි. කොහෙත්ම එහි අයිතිකරු නොවේ. බෞද්ධ දර්ශනයේ කිසිම තැනක සත්ව හිංසනය අනුමත නොකරයි. එහි උගන්වන්නේ තමන් උපමාවට අනෙක් සත්වයාට දක්වන මහා කරුණාවයි. එම අහිංසක ඇතා සිටිය යුතු තැනක් විය. එම සත්වයාට ජීවිත කාලය පුරා එම නිදහස අහිමි කර සිර අඩස්සියේ හිරකර තිබිණි. වනයේ නිදහසේ සිටින ඇතෙකුගේ බෙල්ල වැහෙන්න දන්වැල් ඔතා නැත. කකුල් 4 හීන්වන තුරු හම ඉවත්වී සුදුපාට වනතුරු දම්වැල් බැඳ නැත. මිථ්‍යාවෙන් අන්ධ වූ විට සත්‍ය යටපත් වන බව කීවේ එහෙයිනි...!