
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඇමැති ධුරවලින් ඉවත් කෙරුණු විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මන්ත්‍රීවරුන් පැමිණෙනු ඇතැයි බොහෝ දෙනකු බලාපොරොත්තුවෙන් සිටියද එම දෙදෙනා පාර්ලිමේන්තුවට අද (8) නොපැමිණියහ.
එසේම ඇමැති ධුරයේ රාජකාරී කටයුතුවලින් ඉවත්ව සිටින වාසුදේව නානායක්කාර මහතාද පාර්ලිමේන්තුවට ඊයේ නොපැමිණියේය.
මේ අතර අලුතින් පත්වූ ඇමැතිවරුන් මැතිසබයේ ඉදිරි පෙළ අසුන්ගෙන සිටිනු දැකගත හැකිවිය.
කර්මාන්ත අමාත්‍ය ධූරයට අලුතින් පත් කෙරුණු එස් බී දිසානායක මහතා ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ දෙවැනි ආසනයේ අසුන් ගෙන සිටි අතර ප්‍රවාහන අමාත්‍ය ධූරයට අලුතින් පත් කෙරුණු දිලුම් අමුණුගම මහතා ආණ්ඩු පක්ෂයේ දෙවැනි පේළියේ 30 වැනි ආසනයේ අසුන්ගෙන සිටිනු දැකගත හැකිවිය.
දිලුම් අමුණුගම සහ එස් බී දිසානායක යන මහත්වරුන් අසලට පැමිණි සහෝදර මන්ත්‍රීවරු එම දෙපළට සුභ පැතුම් පිරිනැමූහ.
විමල් වීරවංශ මහතා වෙනුවෙන් ආණ්ඩු පක්ෂයේ 73 වැනි ආසනයද උදය ගම්මන්පිල මහතා වෙනුවෙන් ආණ්ඩු පක්ෂයේ 78 වැනි ආසනයද වෙන්කර තිබෙනු දැකගත හැකි විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවාට කියන්නේ ඔරිජිනල් නාට්‍ය කියලා... බහුතරයක් ඕවට අහු වෙනවා..
දවසේ පඩිය කැපෙයිද?
මේ තුන්දෙනාටම ආසන වෙන් කරන්න එපෑයෑ..