IMG-LOGO

ප්‍රධාන පෙළේ තාක්ෂණික විසඳුම් සොයන්නා IWill සමග අත්වැල් බැඳගනී


ප්‍රමුඛ පෙළේ තාක්ෂණික විසඳුම් සොයන්නකු ලෙස ප්‍රසිද්ධියට පත් AFI Corp ආයතනය ප්‍රතිකාර සඳහාම වෙන්වූ අවකාශයක් වන IWill ආයතනය සමග අත්වැල් බැඳගෙන තිබේ.

IWill යනු Android සහ iOS ඔස්සේ IWill යෙදුම හරහා මාර්ගගතව ලබා ගත හැකි මානසික සහ චිත්තවේගීය සත්කාර පද්ධතියකි. එයට විශේෂිත චිකිත්සක වැඩසටහන් හා උපදේශන සැසි, මානසික යහපැවැත්ම පිළිබඳ පන්ති, ඊට අදාළ ඇගයීම් සහ වෙනත් මෙවලම්ද ඇතුළත් වේ. 

IWill යෙදවුමේ සාර්ථකත්ව ප්‍රතිශතය 98% ක් වේ.  ගෝලීය වසංගත තත්ත්වය විසින් වයස, වෘත්තිය හෝ සමාජ තරාතිරම නොතකා සියලුම මට්ටමේ ජනතාවගේ මානසික යහපැවැත්ම වෙත සැලකිය යුතු බලපෑමක් එල්ල කරනු ලැබීය. 

ගෙවී ගිය වසර 2ක කාලය තුළ සාමාන්‍ය ජීවිතය නොසිතූ විරූ ලෙස දරුණු විපර්යාසවලට බඳුන් වූ අතර, ජනතාව විශාල පීඩනයක් සිදුකර ඇති කර ඇත. බොහෝ අවස්ථාවලදී මෙම පීඩනය විෂාදය, ආතතිය, කෝපය, කලකිරීම හෝ බිය වැනි චිත්තවේග හරහා ප්‍රකාශ වී ඇති අතර, එමගින් ඵලදායිතාව සහ ජීවන තෘප්තිය සැලකිය යුතු ලෙස පහත වැටී ඇත.

AFI Corp ආයතනයේ ව්යායපාරික සංවර්ධන කළමනාකරු වන සචින් මුණසිංහ මහතා මෙසේ පවසයි:

 “ජංගම දුරකථන යෙදවුමක් වන IWill මගින් නිවසේ සිටම පහසුවෙන්ම තම අභිරුචිය පරිදි අවශ්ය සේවාවන් සඳහා ප්රවේශය ලබාගැනීමට හැකි වනවා පමණක් නොව, අවාසනාවන්ත ලෙස තවමත් මානසික සෞඛ්යය පිළිබඳව සාමාන්ය ජනතාව අතර පවතින සමාජ ගර්හාවෙන් වැළකී සිටීමටද හැකි වනු ඇත. පරිශීලකයන් කළ යුත්තේ මෙම යෙදුම බාගත කර, ඇගයීම සිදුකිරීම පමණයි. එතැන් සිට ඔවුන්ගේ IWill ගමන ආරම්භ වේම් මේ සියල්ල එකවරම පහසුවෙන් කළ හැක.” 

මෑතකදී IWill යෙදුම ශ්රීව ලංකාවට හඳුන්වාදුන් අවස්ථාවේදී, සී/ස Assette Software පෞද්ගලික සමාගමේ සහ සී/ස Future Fibers පුද්ගලික සමාගමේ නිල සේවක සුභසාධන සහකරු ලෙස “AFI Corp - IWill Sri Lanka” නිවේදනය කිරීම පිළිබඳව අපි සතුටු වන්නෙමු. ඊට අමතරව, මෙය පිළිබඳව දැනටමත් වෙනත් ආයතන කිහිපයක් සමගද සාකච්ඡා කරමින් සිටින්නෙමු. තවද, මෙම කාල සීමාව තුළ තනි පුද්ගලයින් විසින් සිදුකෙරෙන බාගත කිරීම්වල විශාල වර්ධනයක්ද දක්නට ලැබේ.

Assette Software යනු විශ්වාසදායක තනි දත්ත මූලාශ්රියක සිට සේවාලාභී විකුණුම් සහ අන්තර්ජාල සන්නිවේදන නිර්මාණය කිරීම, සමාලෝචනය කිරීම සහ  බෙදා හැරීම යන කාර්යයන් ඉටුකරන ආයතනයකි. Assette සමාගම අද කාලයට ඔබින පරිදි තම සේවකයින්ගේ අගය වටහාගෙන සේවක යහපැවැත්මේ වැදගත්කම පෙරදැරි කොටගෙන කටයුතු කරන ආයතනයකි.

Future Fibres යනු rigging කර්මාන්තයේ විප්ලවීය වෙනසක් ඇති කරමින් composite rigging විසඳුම් සේවාවන් ලබාදෙන ලොව ප්‍රමුඛ පෙළේ ආයතනයකි. එය North Technology Group සමූහයට අයත් සමාගමකි. මෙම සමාගම සිය නිෂ්පාදන මෙහෙයුම් ශ්රී ලංකාවේ බියගම ප්ර්දේශයේ සිට දියත් කරන අතර එහි අලෙවිකරණය, නිර්මාණකරණය හා පර්යේෂණ සහ සංවර්ධන යන අංශ ස්පාඤ්ඤයේ වැලන්ෂියා නුවර පිහිටා ඇත. සිය සමූහයට අයත් සමාගම් කිහිපයකට සහාය වීම සඳහා මෙම සමාගමට අයත් ගෝලීය එතෙර හවුල් සේවා මධ්‍යස්ථානයක් ශ්‍රී  ලංකාව තුළද පිහිටා ඇත. 

Future Fibres සමාගමේ අධ්යක්ෂ හාටිම් රජබ්ඩීන් මහතා මෙසේ පවසයි: “අපගේ ව්යාපාරයේ හදවත මානව සම්පත වන අතර, එය Future Fibers පවුලේ අනිවාර්ය අංගයකි. Future Fibers සමාගමේ අපි අපගේ සේවකයින්ගේ මානසික සෞඛ්ය සහ යහපැවැත්ම සඳහා සහාය වීමට නිරන්තර උත්සාහයක් දරමින් සිටින අතර, අපගේ සියලුම සේවකයින්ට මෙම සේවාව පිරිනමන්නෙමු.” 

ආයතනික ප්‍රජාව සඳහා මෙන්ම තනි පුද්ගලයන් සඳහාද ගුණාත්මක සහ දැරිය හැකි මානසික සෞඛ්ය සහයක් ලබා දීම හරහා ශ්‍රී ලංකාව තුළ මානසික යහපැවැත්ම යන විෂයෙහි විශාල පරිවර්තනයක් ඇතිකිරීමට IWill Sri Lanka ආයතනය බලාපොරොත්තු වේ.

 



අදහස් (0)

ප්‍රධාන පෙළේ තාක්ෂණික විසඳුම් සොයන්නා IWill සමග අත්වැල් බැඳගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 144 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 432 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site