(රංජන් කස්තුරි)

ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපෙක්ෂව රුපියලේ අගය 230ට වඩා වැඩි අගයකට නොයනු ඇතැයි ශ්‍රී ලංකා  මහා බැංකුව අපෙක්ෂා කරන බව මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

ඒ අනුව ඇමෙරිකා  ඩොලරයට සාපෙක්ෂව රුපියල තවත් රුපියල් 27ක් පමණ අව ප්‍රමාණය වී තිබේ.

ශ්‍රි ලංකා මහබැංකුව නිකුත් කළ වාර්තාවට අනුව අද (8) දිනයේදී ඇමෙරිකා ඩොලරයක විකුණුම් මිල රුපියල් 229.90කි.

ශ්‍රී ලංකා මහ බැංකුව මෙතෙක් ඇමෙරිකා ඩොලරයක විකුණුම් මිල රුපියල් 202ක ස්ථාවර මට්ටමක පවත්වා ගෙන යාමට පියවර ගෙන තිබිණි.