
(ඩයනා උදයංගනී)
ආර්ථික සභාව සතිපතා කැඳවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සභාපතීත්වයෙන් යුත් ආර්ථික සභාව සාමාජිකයන් 11 දෙනකුගෙන් සමන්විත වේ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ, වෙළඳ අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, වැවිලි අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ, මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, භාණ්ඩාගාර ලේකම් එස්.ආර් ආටිගල, මහබැංකුවේ නියෝජ්‍ය අධිපති ධම්මික නානායක්කාර යන මහත්වරු මෙහි සෙසු සාමාජිකයෝ වෙති.
සාර්ව ආර්ථික ප්‍රතිපත්ති, කොවිඩ් 19 වසංගත තත්වයෙන් පසු ජාතික ආර්ථිකයේ ක්‍රියාකාරීත්වය, ආර්ථික ප්‍රතිව්‍යුහගත කිරීම, රජයේ ආර්ථික ප්‍රතිපත්ති හා මූල්‍ය ප්‍රතිපත්ති සඳහා ඍජු බලපෑමක් ඇතිකරන ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති ඇතුළු දේශීය ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ ගැඹුරින් සාකච්ඡා කර සමස්ත ආර්ථික කළමනාකරණය සිදුකිරීම මගින් මෙරට ආර්ථික සංවර්ධනය වේගවත් කිරීමේ අරමුණින් ආර්ථික සභාව සතිපතා කැඳවීමට ජනාධිපතිවරයා තීරණය කළ බව ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.
ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (8) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
එම සභාවේ උපදෙස් හා මගපෙන්වීම අනුව අදාළ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා ව්‍යවස්ථාපිත ආයතන විසින් අවශ්‍ය අවස්ථාවලදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත තීරණ ක්‍රියාත්මක කිරීමටත්, ආර්ථික සභාවට අවශ්‍යතා පරිදි එක් එක් ක්‍ෂේත්‍රයන්හි විද්වතුන් කැඳවීමටක් මෙහිදී අමාත්‍ය මණ්ඩල එකඟතාව හිමිවූ බව ඇමතිවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහදැනමුත්තයි, ගෝලයො රොත්තයි රට තවත් අගාධයට ඇද දමන්නයි යන්නේ.. මේවාවලින් රටට සිදුවූ සෙතක් නැත.
කිසිම වැඩපිළිවලක් හෝ දර්ශනයක් හෝ නැති මේ ආණ්ඩුවට ආර්ථික සභාවෙන් හෝ සතිපතා කැඳවීමෙන් හෝ වැඩක් නැහැ. ගත්තු තීරණ සේරම ආපහු රිවස්... ගැසට් නිවේදන නිකුත් කරලා, ක්ෂණික අවලංගු කරනවා. රජයේ ආයතනවල උදයට එක් සභාපති කෙනෙක්, සවසට තවත් සභාපති කෙනෙක්. කිසිම විද්‍යාත්මක පදනමක් ඇමැති මණ්ඩලය සහ රජයේ තීන්දු තීරණවල්... ඒකට හොඳම උදාහරණය තමයි කෝවිඩ් මළ සිරුරු පිළිබඳව ආණ්ඩුවේ දෙබිඩි ප්‍රතිපත්ති...
ඒ සභාවත් අයිය මලෝ සහ සමීපතයිමන්ගේ එකක්ම නොවැ. මේ ගොල්ලන්ගෙන් පරණ වැරැදි තීරණ වෙනස් වෙයිද?
විශිෂ්ඨ වැඩක්...